ඉන්දියාවේ සිට පිටුවහල් කළ පාතාලයකු කටුනායක දී අත්අඩංගුවට.. අපරාධ ලැයිස්තුවත් එළියට..
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හික්කඩුව ලියනගේ සහන් සිසිකැලුම් හෙවත් වැලිගම සහන් ඉන්දියාවේ සිට මෙරටට පිටුවහල් කර සිටියදී කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට පත්වුණි.
සැකකරු ඊයේ (28) රාත්‍රී චෙන්නායි නුවර සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
31 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරුට එරෙහිව මාතර සහ පානදුර යන ප්‍රදේශවල මිනීමැරුම්, මංකොල්ලකෑම් අතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව පොලීසිය පවසයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන හරක්කටා නැමැත්තාගේ ගෝලයෙකු මෙන්ම මිදිගම චූටිගේ සහ කුඩු සලිඳුගේ ද ප්‍රධාන වෙඩික්කරු වශයෙන් මෙම සැකකරු කටයුතු කර ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා කළුතර අපරාධ කොට්ඨාශය වෙත භාර දී ඇත.
මෙම සැකකරු සිදුකර ඇති අපරාධ ලැයිස්තුවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ.
01. 2025.04.29 වන දින හිරණ පොලිස් වසමේ යතුරුපැදියකින් පැමිණ ටී-56 අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන වෙඩික්කරු ලෙස හඳුනා ගෙන ඇත.
02. 2025.06.05 වන දින මට්ටක්කුලිය පොලිස් වසමේ ටී-56 ගිනි අවියකින් හා 9mm වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමේ ටී 56 ගිනි අවිය භාවිතා කළ වෙඩික්කරු ලෙස හඳුනා ගෙන ඇත.
03. 2025.06.29 වන දින පානදුර දකුණ පොලිස් වසමේදී යතුරුපැදි කොටස් අලෙවිසැලකට යතුරුපැදියකින් පැමිණ ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිදුවීමේ වෙඩික්කරු ලෙස හඳුනාගෙන ඇත.
04. 2024.04.15 වන දින කොටවිල පොලිස් වසමේ යතුරුපැදියක් සොරකම් කිරීම.
05. 2024.04.22 වන දින මාලිම්බඩ පොලිස් වසමේ භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් වෙළෙඳසැලට පැමිණ රුපියල් 80000/= ක් වටිනා රන් මාලයක් කොල්ලකෑම.
06. 2024.07.23 වැලිගම පොලිස් වසමේ මාර්ගයේ ගමන් ගත් කාන්තාවකගේ රුපියල් 52000/=ක් වටිනා ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑම.
07. 2024.07.24 වන දින මාලිම්බඩ පොලිස් වසමේ යතුරුපැදියකින් පැමිණි කාන්තාවකගේ ගෙල බැදි රුපියල් 150,000/= ක් වටිනා රන්මාලයක් කොල්ලකෑම.
08. 2024.08.24 වන දින තිහගොඩ පොලිස් වසමේ මාර්ගයේ යමින් සිටි කාන්තාවකට අවි පෙන්වා බිය ගන්වා රුපියල් 450,000/= වටිනා රන් මාලයක්, රුපියල් 35,000/=ක් වටිනා පෙන්ඩනයක් හා රුපියල් 450,000/= වටිනා අත් පළදනාවක් කොල්ලකෑම.
09. 2024 08 05 වන දින කොටවිල පොලිස් වසමේ කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාලයක් කොල්ලකෑම.
10. 2024.08.08 වන දින වැලිගම පොලිස් වසමේ පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීම.
11. 2024.08.11 වන දින මාලිම්බඩ පොලිස් වසමේ යතුරුපැදියකින් පැමිණ රුපියල් 95000/= ක් වටිනා රන්මාලයක් හා රන් පෙන්ඩනයක් කොල්ලකෑම.
12. 2024.08.12 වන දින වැලිගම පොලිස් වසමේ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් 90000/= ක් වටිනා රන් මාලයක් යතුරුපැදියකින් පැමිණ කොල්ලකෑම.
13. 2024.08.12 කොටවිල පොලිස් වසමේ යතුරුපැදියකින් පැමිණ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑම.
(අද දෙරණ)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ