News Category
From Date
To Date
Maximum Number of Result

නාගරික මැහිවරණයේ ප්‍රතිඵල විප්ලවවාදී ජනප්‍රිය කණ්ඩායමේ ඓතිහාසික ජයග්‍රහණය තහවුරු කර තිබෙනවා- ජනාධිපති නිකොලොස් මදුරෝ

Jul 28, 2025 at 05:09 PM
|

 ඊයේ(27) පැවති නාගරික මැතිවරණයේදී නගරාධිපති ධුර 335 න් 285 ක් පමණ පාලක සයිමන් බොලිවර් මහා දේශප්‍රේමී ධ්‍රැවය (GPPSB) දිනා ගත් බව නිවේදනය කිරීමෙන් පසු, වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අද(28) අලුයම ප්‍රකාශ කළේ "අද, විප්ලවවාදී ජනප්‍රිය කණ්ඩායමේ ඓතිහාසික ජයග්‍රහණය තහවුරු කර තිබෙනවා" යනුවෙනි.

කැරකස් නුවර මධ්‍යයේ පිහිටි කැරකස් නගරයේ නගර සභා සංකිර්ණය වන ප්ලාසා බොලිවර් මන්දිරයේ බැල්කනියේ සිට රැස්ව සිටි ජනතාව ඉදිරියේ, වෙනිසියුලානු ජනාධිපතිවරයා අවධාරණය කළේ රටේ අගනුවර තිබෙන නගර සභා 24 න්, 23 ක් ජයග්‍රහණය කර ඇති බවයි. "අපට කොජෙඩ්ස් හි සැන් කාලෝස් පමණක් අහිමි වුණා" ඔහු පැවසීය. එම නගර සභාවේ විපක්ෂ ජයග්‍රාහකයාට සුබ පැතීමටද ඔහු කටයුතු කළේය.

"අද ජනප්‍රිය, බොලිවේරියානු සහ චාවිස්ටා විප්ලවවාදී කණ්ඩායමේ ඓතිහාසික ජයග්‍රහණය තහවුරු කර ඇති ආකාරයටම, අද දින විපක්ෂය දිනාගත් නගරාධිපති ධුර 50  හොඳින් පාලනය කිරීමට බැඳී සිටින නව වෙනිසියුලානු විපක්ෂයක උපත සිදු වූ දිනය බව මම විශ්වාස කරනවා." ඔහු පැවසීය.

ජාතික මැතිවරණ කවුන්සිලය (CNE) එහි පළමු නිල ප්‍රතිඵල ප්‍රකාශනයෙන් පවසා සිටියේ GPPSB  ආසන්න වශයෙන් නගර සභා 280 ක්  සහ විපක්ෂය ආසන්න වශයෙන් නගර සභා 50 ක් ජයග්‍රහණය කර ඇති බවයි. ඒ අනුව පාලක දේශපාලන බලවේගය "මුළු නගර සභා 335 න් 285 කට වඩා" දිනා ගත් බව ජනාධිපති නිකොලොස් මදුරෝ ප්‍රකාශ කළේය.

"අද, 2025 ජූලි 28, කැරකස් නගරාධිපති කාර්යාලය හෙවත් වෙනිසියුලාවට නිදහස ප්‍රකාශයට පත් කළ මෙම ඓතිහාසික ස්ථානයේ සිට, බොලිවේරියානු විප්ලවයේ ශක්තිය සඳහා අපි ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ඇති බව මට පැවසිය හැකියි. ජයග්‍රහණය, ජයග්‍රහණය, ජනප්‍රිය ජයග්‍රහණය!" මදුරෝ ප්‍රකාශ කළේය.

2021 මැතිවරණයේදී දිනාගත් නගරාධිපති ධුර 212 සිට විප්ලවවාදී බලවේග "රටේ සාමාන්‍ය ජනයාගේ ඡන්දවලින්" නගරාධිපති තනතුරු 285 ක් දිනාගැනීම දක්වා ශක්තිමත් වූ බව ඔහු පෙන්වා දුන්නේය.

"අද අප ලබා ඇති දැවැන්ත ජයග්‍රහණය වෙනුවෙන් වෙනිසියුලාවේ ජනතාවට මම ස්තූති කරනවා. මේ අවස්ථාවේදී අපි නගරාධිපති ධුර 335 න් 285 ක් දිනා තිබෙනවා. එම ජයග්‍රහනය, ආපසු හැරවිය නොහැකි," ඔහු නැවත අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මාස 12 ක් තුළ, "අපි මැතිවරණ හතක් පැවැත්වුවා. වසරකට පෙර  අද වැනි දවසක  අපි ෆැසිස්ට්වාදයට, අධිරාජ්‍යවාදයට මුහුණ දුන්නා. ඔවුන් අපව යටත් කර ගැනීමට ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කළා. නමුත් ඔවුන්ට එය නොහැකි වුණා. අධිරාජ්‍යවාදය මෙහෙයවන්නන් අසමත්, ඔව් අධිරාජ්‍යවාදය මෙහෙයවන්නන් අසමත්! ඒ වගේම වෙනිසියුලානු ජනතාව පරාජය කිරීමට අධිරාජ්‍යවාදීන්ට කිසිදා නොහැකි වනු ඇත!. වෙනිසියුලාවේ බොලිවේරියානු ජනතාව, සමස්ත ඇමරිකාවේ විමුක්තිදායකයින්ගේ ජනතාව පරාජය කළ නොහැකියි."

එලෙසම නගරාධිපති නගර සභා 50 ක් ජයග්‍රහණය කළ විපක්ෂයට, ජනාධිපති මදුරෝ මෙසේ පැවසීය "අපි ඔබ වෙත  අපගේ දෑත් දිගු කරනවා. මෙම නව යුගයේදී, අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ... විදේශීය මිලිටරි මැදිහත්වීම් සඳහා වන ඉල්ලීම්, උතුරු ඇමරිකානු මැදිහත්වීම් සඳහා වන ඉල්ලීම්, සම්බාධක සඳහා වන ඉල්ලීම් බැහැර කරන ලෙසත්, අපි එක ගමනක් ඉදිරියට යමුය යන බැරෑරුම් යෝජනාව ඔබ හමුවේ තබනවා." 

එහිදී විශේෂත්වය වන්නේ මධුරෝ මෙම ඓතිහාසික ජයග්‍රහණය කමාන්ඩර් චාවේස්ගේ නමට කැප කළේය.

 "නාගරික අවකාශයන්, ජනතාවට නගරයේ ජීවත් වීමට ඇති අයිතිය, පොදුවේ ආර්ථිකය, ව්‍යවසායකත්වය සහ නිෂ්පාදන ආර්ථිකය, අපගේ ජනතාවට නිවාස, සංස්කෘතිය, සෞඛ්‍යය සහ අධ්‍යාපනය සඳහා වන සමාජ අයිතිවාසිකම් පුළුල් ලෙස යථා තත්ත්වයට පත් කිරීම සඳහා  කටයුතු කළ යුතුයි." මදුරෝ පැවසීය.

රැස්ව සිටි ජනතාව අතරින් ලෙළ දුන් මෙක්සිකානු ධජයක් දෙසට අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය: "මේ අවස්ථාවේ මම මෙක්සිකෝවේ ධජයක් දකිනවා. මෙක්සිකෝව දිගු කල් වැජඹේවා! ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත් දිගු කල් දිගු කල් වැජඹේවා! මානව වර්ගයාගේ ජයග්‍රාහී ප්‍රතිරෝධය දිගු කල් දිගු කල් වැජඹේවා! නිදහස් පලස්තීනය දිගු කල් දිගු කල් වැජඹේවා!"

"අද  ජූලි 28වන සඳුදා, අපගේ අමතක නොවන උත්තරීතර අණ දෙන නිලධාරි හියුගෝ රෆායෙල් චාවේස් ෆ්‍රියාස්  ගේ උපන්දිනයයි. ඔහු සිහිපත් කරමින්, ඔහු වෙනුවෙන් අපි යාඥාවක් පැවැත්වා "වෙනිසියුලානු ජනතාවගේ මෙම ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය හියුගෝ රෆායෙල් චාවේස් ෆ්‍රියාස්ට කැප කළා. අපගේ අරගලයේ සැමවිටම ජීවමානයි! අපගේ මතකය සැමවිටම ජීවමානයි! අපගේ දෛනික කාර්යය සැමවිටම ජීවමානයි!" මදුරෝ අවධාරණය කළේය.


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.