රාජ්‍ය පරිපාලන ඇමතිට එරෙහිව වෘත්තීය සමිති 14ක් පෙළ ගැසෙයි..
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා දේශපාලන අරමුණු වෙනුවෙන් මහජන මුදල් අවභාවිත කරන බවට චෝදනා කරමින් වෘත්තීය සමිති 14ක් වෘත්තීයමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙයි.
සංවර්ධන නිලධාරි සේවාව නියෝජනය කරන සියලු වෘත්තීය සමිති ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටිය ද අමාත්‍යවරයා ආණ්ඩුව නියෝජනය කරන වෘත්තීය සමිති සමග පමණක් රහසිගතව සාකච්ඡා පවත්වන බව එම වෘත්තීය සමිති කියා සිටී.
ආණ්ඩුවේ නොවන වෘත්තීය සමිති අමාත්‍යවරයාට යොමුකළ ලිපිවලට මෙතෙක් පිළිතුරක් ලැබී නොමැති නමුත් ජුනි 03 හා ජූලි 23 දිනවලදී අමාත්‍යවරයා ඇතුළු නිලධාරි මණ්ඩලය ආණ්ඩුවේ වෘත්තීය සමිති සමග විසඳුම් රහිත සාකච්ඡා පවත්වා තිබෙන බවද වෘත්තීය සමිති සඳහන් කරයි.
සංවර්ධන නිලධාරි වෘත්තීය සමිති සම්මේලනය, සමස්ත ලංකා රජයේ සංවර්ධන නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සමිතිය, ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය, සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරි වෘත්තීය සංගමය, ආර්ථික සංවර්ධන නිලධාරි සංගමය ඇතුළු වෘත්තීය සමිති 14ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට ලිපියක් යොමුකරමින් මේ බව දැනුම් දෙයි.
මහජනතාව වෙනුවෙන් පත්වී සිටින, මහජන මුදලින් නඩත්තු වන කැබිනට් ඇමැතිවරයකු වන රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා පැහැදිලිව ම දේශපාලන අරමුණු වෙනුවෙන් මහජන සේවය අවභාවිත කරන බව පවසන එම වෘත්තීය සමිති වගකිව යුතු ආණ්ඩුවක වගකිවයුතු අමාත්‍යවරයාගෙන් එවැන්නක් කිසිසේත් අපේක්ෂා නොකරන බවද එම වෘත්තීය සමිති සඳහන් කරයි.
දේශපාලන පක්ෂපාතීත්වය සහිත ක්‍රමවේදය නතර කර සියලු වෘත්තීය සමිති සාකච්ඡාවකට කැඳවා සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු විසඳීමට අවධානය යොමු නොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවද එම වෘත්තීය සමිති අවධාරණය කරයි.
- මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ