News Category
From Date
To Date
Maximum Number of Result

කාලය අත්පත් කර ගැනීම : ඩිජිටල් තාක්ෂණය සහ ප්‍රාග්ධනයේ නව මුහුණුවර- පෝලා ගිමෙනෙස් විසිනි*

Jul 30, 2025 at 02:07 AM
|

“ප්‍රාග්ධනය කිසිවක් නිර්මාණය නොකරයි: එහෙත් එය යටත් විජිතකරණය කරයි, ප්‍රතිසංවිධානය කරයි, පෞද්ගලීකරණය කරයි. පසුව ප්‍රාග්ධනය අපව අස්වසාලීමටද කටයුතු කරයි.” මෙම වාක්‍ය ඛණ්ඩය මගින් අපගේ යුගයේ පරිණාමය සාරාංශගත කළ හැකි අතර, එය නව ඓතිහාසික අවධියකට ළඟා වී ඇති ප්‍රාග්ධනයේ ව්‍යුහයේ ගැඹුරු පරිවර්තනයක් සලකුණු කරනු ලබයි. එනම් අපගේ එදිනෙදා ජීවිතය තුළ වන පූර්ණ ඩිජිටල්කරණය මනාව පිළිබිඹු කරයි. මෙම පාලන තන්ත්‍රය තුළ, කාලය තවදුරටත් නිෂ්පාදනයට පුද්ගලයා සහභාගිවන කාලය සහ ඔහුගේ නිදහස් කාලය අතර බෙදීමකට ලක්වී නැත. ඒ වෙනුවට පුද්ගලයාට අයිතිය තිබෙන සියලු කාලය අල්ලාගෙන, කේතනය කර, ප්‍රාග්ධනය සඳහා නිෂ්පාදන බලවේගයක් බවට පරිවර්තනය කර තිබේ. විවේකය යන්නම වැඩෙහි යෙදීමයි, අවධානය වෙනතකට යොමු කිරීම වටිනාකම් උපදවීමයි, අල්ලාප සල්ලාපය යනු දත්ත කැණීමයි.

කාල් මාක්ස් ඔහුගේ තිසීසයක එක් ඡේදයක සඳහන් කළ පරිදි, “ධනේශ්වර සමාජය තුළ, මහජනතාවගේ සමස්ත ජීවිත කාලය වැඩ කාලය බවට පරිවර්තනය කිරීමෙන් ධනේශ්වර පන්තිය සඳහා නිදහස් කාලය නිෂ්පාදනය කෙරේ.” ඔහුගේ මෙම ප්‍රකාශය වර්තමානයේදී ම්ලේච්ඡ අදාළත්වයක් සහිතව අනුනාද වෙමින් පවතී. සිව්වන කාර්මික විප්ලවයේ තාක්ෂණයන් - කෘතිම බුද්ධිය, විශාල දත්ත, ඩිජිටල් වේදිකා, අතථ්‍ය සහායකයින් යනාදිය පුද්ගලයාගේ දවස ප්‍රතිසංවිධානය කරන උපාංග ලෙස ක්‍රියා කරයි. වැඩ යනු ජීවිතයෙන් වෙන් වූ ප්‍රපංචයක් නොව ජීවිතයේ ප්‍රමුඛ ස්වරූපය ලෙස නැවත අර්ථ ගන්වයි. ජීවත්වීමම රැකියාවක් බවට පත්ව ඇත.

මෙම විකෘතියේ යතුර කාලය වෙන් කිරීම තුළ පවතී. අප සතුව ඇති "We Are Social- 2025" වාර්තාවට අනුව, ලෝකයේ වෙසෙන බිලියන 5 කට අධික ජනතාවක් සමාජ මාධ්‍ය භාවිතා කරන අතර, එක් පුද්ගලයෙකු දළ වශයෙන් මෙම වේදිකාවල මසකට පැය 60 කට වඩා අධික කාලයක් ගත කරති. උදාහරණයක් ලෙස,පරිශීලකයෙකු TikTok තුළ මසකට පැය 35 ඉක්මවන කාලයක් ගත කරන අතර ‍YouTube,Facebook සහ  Instagram (We Are Social- 2025) එම ලයිස්තුවේ පිළිවෙලින් ස්ථාන අත්පත් කර ගෙන සිටියි. විනෝදාස්වාදය සඳහා කැපවී ඇති බව පෙනෙන මෙම කාලය, ඇත්ත වශයෙන්ම පුද්ගලයෙකුගේ ඵලදායීම කාලය වන්නේය. යම් පුද්ගලයෙකු මේවා පරිශීලනය කරන  කාලය තුළ  දත්ත, හැසිරීම්, ආශාවන් සහ ආත්මීයත්වයේ සිතියම් ජනනය කරන අතර ඒවා එකතු කර, සකසන ලද සහ ප්‍රාග්ධන තක්සේරුකරණ පරිපථවලට නැවත එන්නත් කරනු ලැබේ.

මෙය හුදෙක් නිෂ්ක්‍රීය නිරීක්ෂණයක් පමණක් නොව, නව ආකාරයේ සාමාන්‍ය "සමාජ ශ්‍රම" ආකාරයකි.මෙය තවදුරටත් විස්තර කරන්නේ නම් විසරණය වූ, ස්ථිර සහ ස්වේච්ඡාවෙන් තොර නිෂ්පාදන මාදිලියකි. මෙලෙස කාලය අත්පත් කර ගැනීම, මතකය හෝ කිසිදු ව්‍යාපෘතියක් නොමැතිව, ඓතිහාසික පරිණාමය නියත වර්තමානයකට විසුරුවා හරින මිනිස් ජීවිතයේ අධි ත්වරණයකට අනුගත වීමත් සමඟ සිදු වේ. තොරතුරුවල සන්තෘප්තිය හෙවත් තොරතුරු ඉස්මුරුත්තාව නිසා, තොරතුරු නොදන්නා පුද්ගලයෙකු බවට පත් වීම හෝ පුද්ගලයා තොරතුරු මගින් අවුල් සහගත බවට පත්වීම සිදුවේ. මෙම යථාර්තය තුළ, පුදගලයා තමන් පරීක්ෂ්‍යමානයකු බවට පත්වී ඇති බව හඳුනා නොගනී. එනම් ඔවුන් "න්‍යායෙන් වෙන්කර හඳුනාගත යුතු භාවිතයෙන්" ඈත් වී, ඛණ්ඩනය වී, තොරතුරු අත්පත් කර ගන්නා අතරතුර අවධානය වෙනතකට යොමු කරන ප්‍රතිබිම්බ අවකාශය තුළ ගිලී ජීවත් වෙති.

Virtuality හෙවත් අතථ්‍යත්වය(පරිගණක තාක්ෂණය මගින් නිර්මාණය වුණු එහෙත් භෞතික ලෝකයේ නොපවතින) තවදුරටත් එදිනෙදා ජීවිතයේ ද්විතියික ස්ථරයක් වන්නක් නොවේ. ඒ වෙනුවට අතථ්‍යත්වය නව ද්‍රව්‍යමය මෙවලමක් බවට පත්වී තිබේ. අතථ්‍යත්වය ප්‍රායෝගික-නිෂ්ක්‍රීය ක්ෂේත්‍රයක් ලෙස ක්‍රියා කරමින් මානව මැදිහත්වීමේ ඇල්ගොරිතම මැදිහත්වීමකින් ප්‍රතිස්ථාපනය කරන අතර අත්දැකීම් දත්ත බවට පරිවර්තනය කරයි. සමාජ මාධ්‍ය හුදකලා පුද්ගලයින් සහ ව්‍යාජ-සාමූහික, අනුක්‍රමික ගෝත්‍ර නිර්මාණය කරනු ලබයි.මෙම පිරිස් වල පැහැදිලි සහයෝගීතාවය නව පාලන ආකාරයේ සැබෑ මුහුණත පෙන්වීම වලක්වා ලනු ලබයි. මෙම වේදිකා සමාජයේ තනි තනි පුද්ගලයන්ගේ ප්‍රාථමික තත්ත්වය හුදකලාව බවට බලෙන්ම පත්කරවන අතර, පුද්ගල ප්‍රත්‍යවේක්ෂණය සහ සාමූහික පරිකල්පනය අක්‍රිය කරන අධි සම්බන්ධතාවය ප්‍රවර්ධනය කරයි.


ඩිජිටල් ධනවාදයේ වත්මන් අවධියේදී, ළමා කාලය සහ යෞවනය, ප්‍රාග්ධනයේ ශ්‍රම බලකාය පුළුල් කිරීම සඳහා උපායමාර්ගික භූමියක් බවට පත්ව ඇති අතර, එය තවදුරටත් විධිමත් රැකියා හරහා පමණක් නොව, අවධානය, ආශාව සහ ආයු කාලය අල්ලා ගැනීම දක්වා පරාසයන් පුරා විහිදී යයි.Kids Online Argentina 2025  (UNICEF and UNESCO) වාර්තාවේ දත්ත වලට අනුව, වයස අවුරුදු 9 ත් 17 ත් අතර ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් 95% ක් දිනපතා තමන්ගේම ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට පිවිසෙන අතර 80% ක් දිනපතා හෝ සෑම දිනකම පාහේ සමාජ මාධ්‍ය භාවිතා කරයි. මෙම නිරන්තර මාර්ගගත සමාජගත කිරීම වටිනාකම් නිස්සාරණය සඳහා වේදිකාවක් වන අතර, විනෝදාත්මක සහ සන්නිවේදන ක්‍රියාකාරකම් රහසිගත දත්ත නිෂ්පාදනය, ප්‍රවණතා, පරිභෝජන රටා සහ කෘතිම බුද්ධි පද්ධති සඳහා පුහුණුව ලෙස ප්‍රතිසංවිධානය කරනු ලබන්නේය. තාක්ෂණයන් නිදහසේ හෝ මධ්‍යස්ථ භාවිතයකට යොමු වනවාට වඩා, අප නිරීක්ෂණය කර තිබෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ සැබෑ ප්‍රතිසංවිධානයකට ඩිජිටල් අධිරාජ්‍යවාදය යොමුව තිබෙන බවයි.එහිදී මුළු ජීවිතයම එනම් පුද්ගලයෙකුගේ ජීවිතයේ  මුල් අවධියේ සිටම වැඩි වැඩියෙන් ඩිජිටල් අවකාශයේ ක්‍රියාත්මක කරවනු ලැබේ. අගුයිලේරා (2024)(ලූකස් අගුයිලේරා යනු ආර්ජන්ටිනානු ලේඛකයෙකි. ඔහු 20 වන වෙනිසියුලා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී "Nueva Fase-නව අදියර"  ග්‍රන්ථය එළි දැක්වීය) ඉදිරිපත් කරන තර්කයට අනුව ස්වාභාවික හෝ ප්‍රතික්ෂේප කරන ලද ලෙස ඉදිරිපත් කළද  පරීක්ෂ්‍යමානයා-ශ්‍රම සම්බන්ධතාවය අපගේ සමාජ පැවැත්මේ සංස්ථාපකය වන්නේය. කෙසේ වෙතත්, ප්‍රාග්ධනය සඳහා එහි කිසිදු අපැහැදිලි බවක් නොමැත. එනම් අධි සම්බන්ධිත ළමා කාලය, අවසානයේ, පුළුල් වන නිෂ්පාදන බලවේගයකි.

මෙම නව අවධියේදී, කාලය යනු හුදෙක් කාර්යයක් පමණක් නොවේ. ආවේදනිකතාවද (හැඟීම් හෝ හැඟීම් වලට බලපෑම් කිරීමේ හැකියාව) කාලයම වන්නේය. මෙටා වැනි දැවැන්තයින් විසින් මෙහෙයවනු ලබන සුවපහසු කර්මාන්තයක ඒකාබද්ධතාවය අපි දකිමින් සිටිමු. හාවඩ් ව්‍යාපාර සමාලෝචනයේ (2025) දත්ත වලට අනුව, චිකිත්සාව සහ චිත්තවේගීය මිත්‍රත්වය උත්පාදක කෘතිම බුද්ධියේ වඩාත් පුළුල් භාවිතයන් බවට පත්ව ඇති අතර එය කාලසටහන් සංවිධානය කිරීම හෝ ලේඛන කටයුතු සම්පූර්ණ කිරීම වැනි කාර්යයන් අභිබවා යයි. සාමාන්‍ය සමීප මිත්‍රත්ව සබඳතා සංඛ්‍යාව තුනකට වඩා අඩු සමාජයක "AI මිතුරන්" අතුරුදහන් වූ මානව බැඳීම් ප්‍රතිස්ථාපනය කළ හැකි බව තහවුරු කිරීමට මාර්ක් සකර්බර්ග් පසුබට වී නැත (HBR, 2025). මෙම සංසිද්ධිය මිනිසුන් සහ යන්ත්‍ර අතර සම්බන්ධතාවයේ නව මුහුණුවරක් නියෝජනය කරනවා පමණක් නොව, ජෛව දේශපාලනයේ(ජෛව දේශපාලනය යනු ජීවිතය හා දේශපාලනය අතර ඡේදනය සහ අන්‍යෝන්‍ය වශයෙන් ඒකාබද්ධ වීම හඳුන්වන යෙදුමකි. වචනාර්ථයෙන්, එහි තේරුම ජීවිතය සමඟ කටයුතු කරන දේශපාලන ආකාරය යන්නයි.) නව තාක්ෂණයන්හි කොටසක් බවටද පත්වේ. මානව සෙනෙහස අනුකරණය කරන හෝ ප්‍රතිස්ථාපනය කරන ඩිජිටල් සහායකයින් නිර්මාණය කිරීමෙන්, ප්‍රාග්ධනය අපගේ කාලය පමණක් නොව, අපගේ හැඟීම් සහ රුචි අරුචිකම් හෝ මතයන් මත පදනම් වූ හෝ බලපෑමට ලක්වීමේ ගුණාත්මකභාවයද  පාලනය කරයි. මේ අනුව, මෙම තාක්ෂණයන් සමස්ත පුද්ගල ජීවිතයම නියාමනය කිරීමට සහ ආධිපත්‍යය දැරීමට උත්සාහ කරන පද්ධතියකට ඇතුළත් කර පරිභෝජනය සහ සූරාකෑමේ තර්කනය තුළ මානව චිත්තවේගීයභාවය සංවිධානය කරනු ලබයි.

මෙම තාක්ෂණයන් බොරු වෙස් ගැන්විම අනුකරණය කරනවා පමණක් නොව එය ප්‍රතිසංවිධානය කිරීමද කරනු ලබයි. AI තාක්ෂණය තවදුරටත් අපගේ සේවකයෙකු වනවා පමණක් නොව, අපව අනුගමනය කරන, අපව අර්ථකථනය කරන සහ අප වෙනුවෙන් ක්‍රියා කරන පුද්ගලාරෝපිත පැවැත්මක් වන සහකාරියකගේ ආකාරයද අත්පත් කරගෙන ඇත. සකර්බර්ග්ට අනුව, මෙටා AI පද්ධතියට දැනටමත් මාසිකව බිලියනයකට ආසන්න පරිශීලකයින් පිරිසක් සිටින අතර යෙදුම්, ජාල සහ පැළඳිය හැකි උපාංග හරහා එය ඒකාබද්ධ වී ඇත. HBR වාර්තාව පෙන්වා දෙන පරිදි, නියෝජිත AI වෙත මෙම සංක්‍රාන්තිය මානව-යන්ත්‍ර සම්බන්ධතාවයේ නව අවධියක් නියෝජනය කරනු ලබයි. එය දත්ත වෙත ප්‍රවේශ වීම පමණක් නොව, තීරණ පැවරීම, අර්ථය ගොඩනැගීම, බැඳීම් ගොඩනැගීම, කටහඬවල් සහ පෞරුෂයන් අනුකරණය කිරීමට පුහුණු කරන ලද ආකෘති හරහා මළවුන් සම්බන්ධයෙන් ශෝක වීම පවා සිදු කරනු ලැබේ. මෙම දියුණුව සමකාලීන ජෛව දේශපාලනයේ පැහැදිලිම ප්‍රකාශනයන්ගෙන් එකක් වන අතර, එහිදී පරීක්ෂ්‍යමානයා සහ හැඟීම් තවදුරටත් ජීවත් නොවන නමුත් ප්‍රාග්ධන පරිභෝජනය සඳහා කළමනාකරණය කර ප්‍රශස්ත මට්ට්මකට ගෙන ඇත. AI තාක්ෂණය යනු සමස්ත පුද්ගල ජීවිතයම පාලනය කිරීමේ මෙවලමක් බවට පත්වේ. එනම් ශාරීරික ශ්‍රමය පමණක් නොව අපගේ චිත්තවේගීය පැවැත්මේ වඩාත් සමීප අංග ද සංවිධානය කරන බලයක් බවට පත්වේ.

මෙම රාමුව තුළ, ප්‍රාග්ධනය තවදුරටත් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට පමණක් අවශ්‍ය වන්නක් නොවේ. එය අපව ඇද ගන්නා අතරතුර අපට සවන් දෙන සහකරුවන්, චිකිත්සකයින්, විශ්වාසවන්තයින් ද බිහි කරනු ලබයි. මෙය මෘදු හා පුද්ගලාරෝපිත ආධිපත්‍යයේ නව ආකෘතියකි. එහිදී පරීක්ෂ්‍යමානයා තමා වෙත සෙනෙහස, අවධානය, සැලකිල්ල නොමැතිකම මගින් අභියෝගයට ලක් කරන අතර ඒ වෙනුවට කිසිදා නොපැමිණෙන ලෙස නිර්මාණය කර ඇති ඩිජිටල් සහායකයෙකු ලංකර ලබා ගනී. මෙම පාලන ආකෘතිය අපගේ චිත්තවේගීය ජීවිතය සෘජු මැදිහත්වීමේ ක්ෂේත්‍රයක් බවට පත් කරන ජෛව දේශපාලනයේ ආකාරයකි. එය අපගේ අවශ්‍යතා නිරන්තරයෙන් නිරීක්ෂණය කරන, සකස් කරන සහ ප්‍රතිචාර දක්වන ඇල්ගොරිතම මගින් කළමනාකරණය කෙරේ. වෙබර්ගේ(Max Weber නම් සමාජ විද්‍යාඥයා ) පැරණි යකඩ කූඩුව "මෘදු" කූඩුවක් බවට පත්ව ඇත. එනම් එකවර තෘප්තිමත් කිරීමට සහ සූරාකෑමට නිර්මාණය කර ඇති උත්තේජක සිරගෙයක් නිර්මානය කර ඇත. මේ අනුව, ආධිපත්‍යය තවදුරටත් වැඩ කරන ශරීරය මත පමණක් නොව, පරීක්ෂ්‍යමානයාගේ සමස්ත ජීවිතය මත ක්‍රියාත්මක වන අතර, අපගේ ආවේදනාත්මකතාව අගය කිරීමේ සහ පාලනයේ නව අවකාශයක් බවට පත් කරයි.

නමුත් මෙම නව බල උපාංග ජීවිතය සංවිධානය කිරීමේ පමණක් නොව මරණය කළමනාකරණය කිරීමේ මාර්ගයක් ලෙස, නීක්‍රො දේශපාලනයේ (නීක්‍රො දේශපාලනය් යනු සමාජීය හා දේශපාලනික බලය යොදා ගනිමින් සමහර පුද්ගලයින් ජීවත් විය යුතු ආකාරය සහ සමහරු මිය යා යුතු ආකාරය නියම කිරීම පිළිබඳ සමාජීය දේශපාලනික න්‍යායකි.) නව තාක්ෂණයන් ද පූර්ව නිගමනයට ලක් කරයි. ගාසා තීරයේ, යටත් විජිතවාදී ඊශ්‍රායල රාජ්‍යය කෘතිම බුද්ධිය යුද්ධයේ අවියක් බවට පත් කර ඇත. ලැවෙන්ඩර් සහ ෆයර් ෆැක්ටරි වැනි වැඩසටහන් ස්වයංක්‍රීයව ඉවත් කළ යුතු ශරීර පවා තීරණය කරන්නේ ඇල්ගොරිතම ගණනය කිරීම සමූලඝාතන ප්‍රතිපත්තියක් බවට පරිවර්තනය කරමිනුයි (972 සඟරාවේ  We are Social 2025 උපුටා දක්වමින් මේ බව පවසා ඇත, +972 සඟරාව යනු ඊශ්‍රායලයේ වාමාංශික ප්‍රවෘත්ති සහ මත ප්‍රචලිත කරන මාර්ගගත සඟරාවක් වන අතර එය 2010 අගෝස්තු මාසයේදී ටෙල් අවිව් හි ඊශ්‍රායල ලේඛකයින් හතර දෙනෙකුගේ එකතුවක් විසින් ආරම්භ කරන ලදී.). යුද්ධයට AI තාක්ෂණය යෙදීමෙන්, ඇතැම් පරීක්ෂ්‍යමානයාන්ගේ ජීවිත අගය කරනු ලබන්නේ විනාශ කිරීමට, පාලනය කිරීමට හෝ හුදෙක් දත්ත වලට අඩු කිරීමට ඇති හැකියාව අනුව පමණක් වන අතර, එමගින් නීක්‍රො දේශපාලනයේ නව යාන්ත්‍රණයන් පිළිබිඹු වන්නේය. මෙහිදී, AI  තාක්ෂණය තවදුරටත් ජීවිතය සංවිධානය කිරීමට උත්සාහ නොකරන නමුත් මරණය කළමනාකරණය කිරීමට උත්සාහ කරයි, වින්දිතයින් සංඛ්‍යා ගොනු, ලකුණු සහ ඇල්ගොරිතම වලට ගොනු කිරීමෙන් මනුෂ්‍යත්වය හෑල්ලුවට ලක් කරනු ලබයි. මේ අනුව, ජෛව දේශපාලනය ජීවිතය වෙනස් අයුරකින් හැඩගැසීමට ලක් කර සංවිධානය කරන අතරම, එම තාක්ෂණයම භාවිතා කරමින්, මරණය කෙරෙහි නව ආකාරයේ බලයක් ස්ථාපිත කර මිනිස් සිරුරු සහ ජීවිත කෙරෙහි සම්පූර්ණ පාලනය අත්පත් කරගනිමින් රාජ්‍ය ස්වෛරීභාවය නැවත අර්ථ දක්වනු ලබයි.

නිගමනය වැළැක්විය නොහැකිය. ප්‍රාග්ධනයේ මෙම නව අවධියේ අවදානමට ලක්ව ඇත්තේ පුද්ගලයා සතු ශ්‍රම බලය පමණක් නොව පුද්ගලයාගේ සමීපතම අවකාශයන්හි පවා යටත් විජිතකරණය වී ඇති පුද්ගලයාගේ සමස්ථ ජීවිතයයි. මෙම සන්දර්භය තුළ, සැබෑ ආරවුල පවතින්නේ ඇල්ගොරිතම ග්‍රහණයෙන් දැනට සාක්ෂාත් කර ගෙන ඇති සහ ප්‍රත්‍යවේක්ෂණය සඳහා, වෙළඳ භාණ්ඩ නොවන ආශාව සඳහා සහ, සියල්ලටත් වඩා, උපාශ්‍රිත පන්තිවල සාමූහික සංවිධානය සඳහා භාවිතා කළ හැකි කාලය තුළ පවතින කාලය පිළිබඳවය. සාත්‍රේ ප්‍රකාශ කළ පරිදි, "සටන්කරුවෙකුගේ ආයුධය ඔහුගේ මනුෂ්‍යත්වයයි" (Sartre Studies International Vol. 27, No. 1, 2021). අද වෙන කවරදාටත් වඩා, මෙම මනුෂ්‍යත්වය සතු කාලය නැවත අත්පත් කර ගැනීමේ සහ ආධිපත්‍යය ප්‍රතිනිෂ්පාදනය නොකරන නමුත් විමුක්තිදායක භාවිතයන් සක්‍රීය කරන තවත් අතථ්‍යතාවයක් ගොඩනැගීමේ හැකියාව තුළ අවදානමට ලක්ව ඇත. අපගේ හැඟීම් කළමනාකරණය කරන, අප වෙනුවෙන් තීරණ ගන්නා සහ අපගේ බැඳීම් ප්‍රතිස්ථාපනය කරන තාක්ෂණයන්ට මුහුණ දෙන විට, ප්‍රතිරෝධය යනු ප්‍රතික්ෂේප කිරීමකින් පමණක් සමන්විත විය නොහැකි ඒ වෙනුවට පොදු දේ සංකල්පනය කර සංවිධානය කළ හැකි ආත්මීයකරණ අවකාශයන් නිර්මාණය කිරීම කළ යුතුය. මක්නිසාද යත් මිනිසෙකු යනු "කුමක්ද" යන්න පැවසීම යනු ඔවුන්ට විය හැකි දේ පැවසීමකි. තවද සාමූහික හා නිර්මාණාත්මක විභවයක් වන එම බලය අපගේ අතට නැවත පැමිණිය යුතුය.

* පෝලා ගිමෙනෙස්  මහත්මිය මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් සහ "ජාතික ආරක්ෂාව සහ ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය" පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. ඇය  NODAL(Noticias de América Latina y el Caribe) හි අධ්‍යක්ෂවරියයි.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

පසුගිය ජූලි 25 වනදා, අපේ ඇමරිකානු ජනතාව සඳහා වූ බොලිවේරියානු සන්ධානය - ජනතා වෙළඳ ගිවිසුම (The Bolivarian Alliance for the Peoples of Our America–Peoples' Trade Treaty ALBA-TCP)  වෙනිසියුලාවේ කැරකාස්හිදී "සාමය සහ යුද්ධයට එරෙහි ජනතාවගේ සමුළුව”අවස්ථාවේදී පෝලා ගිමෙනෙස්  මහත්මිය කළ දේශනයේ ලිඛිත සටහන මගින් සැකසුණි.

El tiempo expropiado: tecnologías digitales y el nuevo rostro del capital Por Paula Giménez*

සම්බන්ධිත පුවත් | Related News

අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.
ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.
විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.