News Category
From Date
To Date
Maximum Number of Result

ඩිජිටල් හැඳුනුම්පත සෑදීම සඳහා ඉන්දිනු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවීම පිළිබඳව අදහස් දක්වමින් ජනඅරගල ව්‍යාපාරය පවසන්නේ මෙම ඩිජිටල් හැඳුස්පත් ක්‍රියාවලියේ දී ආණ්ඩුව කටයුතු කරන්නේ විනිවිධ භාවයෙන් තොරව බවයි.

හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන වෙඩිතල්තිව් සංරක්ෂිත කලාපයෙන් අක්කර 400ක භූමි භාගයක ව්‍යාපාරයක් සිදු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය චෝදනා කරයි.

කඳාන පොලීසිය ඉදිරිපිටදී ඊයේ (03) උදෑසන 10ට පමණ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෝටර් රථයක් ඉලක්ක කර ටී-56 ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබුණි.

ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ අක්කර 25ක භූමියක පිහිටා තිබෙන නාවික තටාංගනය නැතහොත් ඩොක්යාඩ් හි බහුතර කොටස් ප්‍රමාණයක් අත්පත් කරගැනීමට ඉන්දියාවේ මැසගොන් ඩොක් නමැති සමාගමට ආණ්ඩුව ඉඩ ලබාදී ඇති බවත්, 1993 රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමාගමේ 51%ක බහුතර කොටස් ජපන් සමාගමකට සොච්චම් මුදලකට විකුණා දැමූ බවත් නමුත් එම සමාගම නාවික යාන්ත්‍රා නිර්මාණය කළේ වාණිජමය අරමුණින් පමණක් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රාගම බටුවත්ත ප්‍රදේශයේ අද (3) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක් වී ඉරානයට සිදුකළ ප්‍රහාර අන්තර්ජාතික නීතිය මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් බවත්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ආරම්භක වාක්‍යයම එමගින් උල්ලංඝනය කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ඉන්දියාවේ සමාගමක් විසින් කොළඹ ඩොක්යාර්ඩ් සමාගමෙහි සියයට 51ක පාලන කොටස් අත්පත් කර ගැනීම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය දැඩි ලෙස හෙළා දකින බව එම පක්ෂය නිවේදනය කරයි. මෙය මෙය ආයෝජනයක් නොව, එය ආක්‍රමණයක් බවත් එහි සදහන් වේ.

අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් සම්බන්ධයෙන් බලයෙන් පහ කරන ලද අවාමි ලීග් නායිකා සහ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට ඊයේ (02දා) මාස හයක සිර දඬුවමක් නියම කළ බව ද ඩකා ට්‍රිබියුන් වාර්තා කරයි.

අවුරුද්ද දහසයක් පරණ ගුවන් යානයක් ගෙනවිත් කොළඹ වටේ රවුම් තුනක් කරකැවීමට වියදම් කරපු අයටත් ඉදිරියේදී උත්තර දීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.


ප්‍රධාන පුවත්

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.