News Category
From Date
To Date
Maximum Number of Result

මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ පසු වන ශ්‍රී ලංකිකයන් මුදා ගැනීම සඳහා සහය දැක්වීමට එරට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

හෙරොයින් කිලෝ පහකට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටි සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන කොස්ගොඩ තාරක නමැත්තාගේ අනියම් බිරිඳ සහ සගයකු කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ පහ නිදොස් කොට නිදහස් කර තිබේ.

පොලීසිය විසින් තරුණයකු හා තරුණියකට හිරිහැර වන ලෙස සිදුකළ සෝදිසි කිරීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා උපදෙස් ලබාදී තිබේ.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු වධහිංසා පැමිණවීමේ චෝදනාවට වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව සැලකිල්ලට ගෙන වහාම නඩු පවරන ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ නීති උපදේශක කණ්ඩායමක් වන නීතීඥ සාමූහිකය නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

වවුනියාවේ විරෝධතාවයක දී උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ධම්මික පෙරේරා මහතාත් අග්‍රාමාත්‍ය අපේක්ෂ ලෙස නාමල් රාජපක්ෂ මහතාත් නම් කරනු ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

එක්සත් ජනපද ආණ්ඩුවට යුක්රේනය සඳහා මිලිටරි ආධාර දීමට තරම් අරමුදල් නැති බව, පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් පැට්‍රික් රයිඩර් මාධ්‍ය වෙත පැවසුවේය.

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම සඳහා නව නව නීතියක් හඳුන්වාදීමට උත්සාහ දරන්නේ මූල්‍ය අරමුදලේ බලපෑම නිසා නොව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දේවත්වයෙන් විශ්වාස කරන නව යටත් විජිතකරණ මහා න්‍යායපත්‍රයට අනුව යැයි පැහැදිළි වන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මෙරට තුළ "ස්පා"නමින් පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන තුළ තරුණ තරුණියන් 50,000 ක් පමණ සේවයේ නිරතව සිටින බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පවසයි.


ප්‍රධාන පුවත්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ සෙනසුරාදා (17) සිට සිය ඉල්ලා අස්වීම භාර දී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයයි !ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වෙනවා- ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා

සින්ඩෝර් මෙහෙයුමෙන් පසු, ඩේලි මිරර් පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසුවේ, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට කලාපයේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂාව මත රඳා පවතින බවයි.

ජනපති අනුරගේ ෆේස්බුක් යාළුවෝ තරහ වෙලා.. යුද ජයග්‍රහණය ගැන සටහනක් නැති වීම ගැන දැඩි විරෝධයක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමාජ ජාලා පිටුවට එහි පරිශීලකයන්ගෙන් විරෝධය එල්ල වෙමින් තිබේ.

ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)

යුද විජයග්‍රහණය සඳහා නායකත්වය දුන් දේශපාලන අධිකාරිය සහ හමුදා නායකත්වය අමතක නොකළ යුතු බවත්, සියලු දෙනාගෙන්ම ඉතිහාසය අමතක නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.