News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායලය ගාසා තීරයේ ස්ථාන කිහිපයක් වෙත එල්ල කළ ප්‍රහාරවලින් 60කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

"ඉරානය ද හරි - ඊශ්‍රායලය ද හරි" තුන්වන ලෝක යුද්ධයට පෙරවදන කියවමු..- කාලීන සම්මන්ත්‍රණය ජූලි 02 වන බදාදා සවස 2:00 ට කොළඹ 07 ශ්‍රී ලංකා මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත් වේ.

ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් අසීරු හා තීරණාත්මක පියවරයන් රටේ වත්මන් සාර්ථකත්වයට හේතු වූ බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අවධාරණය කරයි.

තේ සහ සංචාරක ව්‍යාපාරය සඳහා පමණක් නොව, සමීප සංවර්ධන හවුල්කරුවෙකු සහ මිතුරෙකු වන රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට, සමීපව වැඩ කිරීමට සහ ශ්‍රී ලාංකික නිෂ්පාදන වෙළඳාම සඳහා ඇති විශාල රුසියානු වෙළඳපොළෙන් ප්‍රයෝජන ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රුසියානු වෙළෙඳපොළ වේගයෙන් අහිමි වෙමින් පවතින බව රුසියාවේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සහ වෘත්තීය සේවක සංගමයේ හිටපු සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ඉන්ධන මිල ගණන් සංශෝධනයට සමගාමීව බස් ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව දින දෙකක් ඇතුළත තීරණයක් ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) නිවේදනය කර තිබේ.

සීහලේ ලෝක උරුම පදනම විසින් සංවිධානය කළ ජාතිමාමක – දේශමාමක ජාතික සමුළුව ජුනි මස 28 වන දින අති සාර්ථක අයුරින් කොළඹ බන්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

රණවිරු සැමරීම තෙවන ඇසින් පසුවිපරම, උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම පිළිබඳ විද්වත් කථිකාව,2025 ජූලි මස 01 වැනිදා අඟහරුවාදා ප.ව. 02 ට කොළඹ 7, නිදහස් චතුරශ්‍ර මාවතේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපළ පවරා ගැනීමේ බලය හිමිවන අත්හිටුවා තිබූ ' පරාටේ' නීතිය ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත බලාත්මක විය.

කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ කොටස්වලින් සියයට පනස් එකක් (51%) ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශය (MOD) මගින් කළමනාකරණය කරනු ලබන මැසගන් ඩොක් (MDL) සමාගමට ලබා දී ඇත්තේ පර්චසයක් රුපියල් 62,250 බැගින් යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.


ප්‍රධාන පුවත්

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.