News Category
From Date
To Date
Maximum Number of Result

එක් දිස්ත්‍රික්කයකින් රටම ගොඩදැමිය හැකි යයි කියූ හදුන්නෙත්ති, රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයත් සහමුලින්ම විනාශ මුඛයට ඇද දාලා - අජිත් පී. පෙරේරා හෙළිකරන කතාව

Nov 14, 2025 at 06:52 PM
|

කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති, මැණික් හා ස්වර්ණාභරන පනත සංශෝධනය කිරීමට උත්සාහ දරන බවත්, එහිදී  රළු මැණික් එනම් අගය එකතු නොකළ ගෙවුඩ අපනයනය කිරීම නීතිගත කිරීමට උත්සාහ දරන බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා තම මුහුණුපොතේ සටහනක් තබමින් පවසයි.

එම සටහන පහළින්..

ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ඉවරයි. ලැජ්ජයි හඳුන්! ලැජ්ජයි චතුරංග!

ලෝකයේ නිල් මැණික් (Blue Sapphires) පවතින්නේ රටවල් කිහිපයක පමණයි.

ඒ අතරින් කිසිඳු තර්කයක් නොමැතිවම ලෝකයේ අලංකාරම සහ මිල අධිකම නිල් මැණික් පවතින්නේ ශ්‍රී ලංකාවේ. ඒ ගැන කිසිම තර්කයක් නැහැ.

ශ්‍රී ලංකාවේ සුලබම මැණික් වර්ගයක් තිබෙනවා. ඒ ගෙවුඩ. මේ සුලබතාවය නිසාම අතීතයේ ගෙවුඩ සඳහා නිසි මිලක් තිබුණේ නැහැ.

අතීතයේ ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම රත්නපුර ආදී ප්‍රදේශ වල ගෙවුඩ මැණික්, නිවාස වල අලංකාරයට පවා යොදාගෙන තිබුණා. ඇතැම් නිවෙස් වල නානකාමර බිත්ති වලට පවා ගෙවුඩ අල්ලා තිබුණා.

ගෙවුඩ ඒ තරම් සුලබයි. එමෙන්ම ගෙවුඩ එකල වටින මැණිකක් නොවෙයි.

ඔය අතරේ 1970 දශකයේ තායිලන්ත ජාතිකයො කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ආවා.

ඔවුන් රත්නපුරයට ගිහින් ගෙවුඩ එකතු කළා. ඔවුන් ලාංකිකයන්ට කිව්වේ තායිලන්තයේ පන්සලක් හදන්න මේ විදියට ගෙවුඩ එකතු කරනවා කියලා. 

කතාවට කියන්නේ රත්නපුරේ මිනිස්සු තමන් සතුව තිබුණු ගෙවුඩ ඔවුන්ට දීලා වැන්දා කියලා.

ඒ තායිලන්ත ජාතිකයෝ ලංකාවෙන් ගෙවුඩ අරන් ගිහින් තිබුණේ පොහොර උර වල දාගෙන. ඒ තරම් ඔවුන්ට ගෙවුඩ එකතු වෙලා තිබුණා.

නමුත් අපි රැවටුණු බව දැනගත්තේ ඉන්පස්සේ.

ගෙවුඩ කියන්නේ මැණික් රසායනිකව පරිවර්තනය වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ නොකල අතරමැදි මැණිකක්.

එහි අර්ථය තමයි මැණික් රසායනික පරාවර්ථනය වීමේ ක්‍රියාවලිය බාහිරෙන් සිදු කළ විට මේ ගෙවුඩ වටිනා නිල් මැණිකක්, පුෂ්පරාගයක් හෝ රතු කැටයක් බවට පත් කළ හැකි වෙනවා.

එය නීත්‍යානූකුල, ස්වාභාවික මැණිකක්.

තායිලන්ත ජාතිකයන් ගෙවුඩ පිළිස්සීමෙන් (Heat treatment) නිල් මැණික් සහ වෙනත් වටිනා මැණික් සාදා ගන්නා කලාව ඉගෙන ගෙන තිබුණා.

ඔවුන් ලංකාවෙන් ගෝනි පුරවාගෙන රැගෙන ගිය ගෙවුඩ, පුළුස්සා නිල් මැණික් බවට පත් කරගත්තා. ඒ ඔස්සේ ඩොලර් බිලියන ගණනින් ලාබ ලබා ගත්තා.

මේ බව ශ්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරිකයන් ප්‍රමාද වී හෝ දැනගත්තා.

ඔවුන්ගෙන් පිරිසක් රුපියල් කෝටි ගණනින් මුදල් වැය කර මේ ගෙවුඩ පිළිස්සීමේ තාක්ෂණය ලංකාවට ලබා ගැනීමට පරීක්ෂණ කළා.

පරීක්ෂණ ගණනාවක් අසාර්ථක වී, රුපියල් කෝටි ගණනාවක් දිය වී,  අවසානයේ ඔවුන් සාර්ථක වුණා.

ලෝකයේ හොඳම මැණික් පිළිස්සීමේ උඳුන්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රළු මැණික් පිළිස්සීමටම විශේෂඥ උඳුන්, තාක්ෂණය සහ කාර්මිකයන් ඔවුන් ගොඩනැගුවා.

ඒ පසුපස විශාල මුදලක් සහ අසාර්ථක උත්සාහයන් ගණනාවක් තිබුණා.

එතැන් පටන් මෙරට ගෙවුඩ සඳහාත් වටිනාකමක් නිර්මාණය වුණා. ඒ මිල කිසිසේත්ම ගෙවුඩ පිළිස්සීමෙන් නිර්මාණය කරනා අගය එකතු කළ මැණික් වලට සමාන නොවුනත්, ගෙවුඩ පැවති මිලට වඩා ඉහළ වටිනාකමක් නිර්මාණය වුණා.

තායිලන්තය විසින් සිදු කළ ජාවාරම නැවතුණා.

ශ්‍රී ලංකාව තුළම ගෙවුඩ නිල් මැණික් බවට පරිවර්ථනය වුණා. ඒවා විකුණා මෙරටට විශාල විදේශ විනිමයක් උපයා ගත්තා.

ඒ කර්මාන්තය දිනෙන් දින පුලුල් වුණා.

මැණික් පිළිස්සීම සහ ඔප දැමීම, උඳුන් නිෂ්පාදනය, අලුත්වැඩියාව යන ක්ෂේත්‍ර වල දහස් ගණනකට රැකියා නිර්මාණය වුණා.

ගෙවුඩ විකුණා ලැබෙන මුදලට වඩා සිය ගුණයක් පමණ ආදායමක් නිල් මැණික් විකිණීමෙන් ශ්‍රී ලංකාව ලැබුවා.

නමුත් පෙර කියූ ලෙසම මේ තාක්ෂණය සෑම මැණික් ව්‍යාපාරිකයෙකු සතුව නැහැ.

ඇතැම් ව්‍යාපාරිකයන් ඊට අවශ්‍ය ප්‍රාග්ධනය වැය කිරීමට හෝ පර්යේෂණ කිරීමට මහන්සි වුණේ නැහැ.

අන්න ඒ ජාවාරම්කරුවන් දිගින් දිගටම අඩු මිලට ගෙවුඩ මිල දී ගෙන, තායිලන්තයට අපනයනය කළා.

තවමත් මැණික් පොලවල් සහ ප්‍රාදේශීය කුඩා වෙන්දේසි වල සැබෑ වටිනාකමට වඩා අඩු මිලට ගෙවුඩ අලෙවි වනවා. 

ජාවාරම්කරුවන් තායිලන්තයට හොර පාරෙන් රැගෙන යන්නේ ඒ ගෙවුඩ.

එය ශ්‍රී ලංකාවට විශාල පාඩුවක්. තායිලන්තයට විශාල ලාභයක්. 

නමුත් මේ ජාවාරම්කරුවන්ගේ පැත්තෙන් ඔවුන් කිසිදු ආයෝජනයක් නොකර, අවදානමක් නොගෙන පහසුවෙන් සුලු හෝ ලාභයක් උපයන නිසා එම ක්‍රියාවලිය ඔවුන්ට ලාභදායකයි.

මෙය රටට මහා පාඩුවක් බව තේරුම් ගත්තු හිටපු පාලකයන් මෙලෙස රළු මැණික්, විශේෂයෙන්ම ගෙවුඩ අපනයනය කිරීම තහනම් කළා.

එය සිදු කළේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සම්බන්ධ නියාමන පනතින්.

ඒ අනුව මෙරටින් හමුවන ගෙවුඩ, අනිවාර්යෙන්ම අගය එකතු කළ මැණික් කළ යුතුයි.

අපනයනය කළ හැක්කේ ශ්‍රී ලංකාවට වැඩි ලාභයක් ලැබෙන අගය එකතු කළ මැණික් පමණයි.

ගෙවුඩ පුළුස්සා වටිනා මැණික් බවට පරිවර්ථනය කිරීමෙන් මිසෙක ගෙවුඩ විකිණිය නොහැකියි. 

ඒ නීතිය මැද වුනත් ඇතැම් ජාවාරම්කරුවන් පිරිසක් සිංගප්පූරුව හරහා ගෙවුඩ තායිලන්තයට අපනයනය කළා.

එය බොහොම රහසිගතව, රේගුවට කප්පම් ගෙවා සිදු කරන හොර වැඩක්. ජාවාරමක්.

එය නීතිවිරෝධියි. අත්අඩංගුවට පත්විය හැකි වරදක්.

අලුත්ම තත්ත්වය තමයි මේ මැණික් ජාවාරම්කරුවන් කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ තමන්ගේ සාක්කුවට දාගෙන.

දැන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ඇමතිවරයාම, මැණික් හා ස්වර්ණාභරන පනත සංශෝධනය කිරීමට යනවා.

එහිදී ඔවුන් රළු මැණික් එනම් අගය එකතු නොකළ ගෙවුඩ අපනයනය කිරීම නීතිගත කිරීමට උත්සාහ කරනවා.

76 වසරක ශාපයක් යයි කියූ පාලකයන් විසින්, මෙරට මැණික් කර්මාන්තය රැකගැනීමට පැනවූ නීතියක්, මාලිමාවේ හඳුන් ලා ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවයට වෙනස් කිරීමට යනවා.

මේ නීතිය වෙනස් වූ සැණින් ගෙවුඩ රළු මැණික් වශයෙන් අපනයනය කළ හැකියි.

අගය එකතු කිරීමේ ශුද්ධ ලාභය තායිලන්තයට, සිංගප්පූරුවට හෝ ඉන්දියාවට.

එමෙන්ම තවමත් ශ්‍රී ලංකාවේ සුලභම මැණික් වර්ගය ගෙවුඩ. 

තවමත් සෘජුවම කුඩා මැණික් වෙන්දේසි ඔස්සේ සැබෑ අගය එකතු කළ මැණිකේ වටිනාකමට වඩා බොහෝ අඩුවෙන් ගෙවුඩ මිලට ගත හැකියි.

ගෙවුඩ අපනයනය නීතිගත කළ සැණින් විදේශීය ආයතන වලට සෘජුවම ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට සම්බන්ධ වී ඉතා අඩු මිලට ගෙවුඩ රැගෙන යා හැකියි.

තායිලන්ත ජාතිකයන්ට නැවත මෙරට මැණික් වෙළඳපොලට සම්බන්ධ විය හැකියි.

හඳුන්නෙත්ති ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ දී අගය එකතු කළ නොහැකි මැණික් පමණක් අපනයනයට අවසර ලබා දෙන බව.

නමුත් එය පට්ටපල් බොරුවක්. කොලේ වහලා ගැහිල්ලක්.

වර්තමානයේ ශ්‍රී ලංකා ගෙවුඩ පිළිස්සීමේ විශේෂඥ ඥානය ඇත්තේ ශ්‍රී ලංකාවට.

ශ්‍රී ලංකාවේ දි අගය එකතු කළ නොහැකි මැණික් දැන් නැහැ.

මේ ඩොලර් බිලියන ගණනක වංචාවක්. රටට විදේශ විනිමය ඩොලර් බිලියන ගණනක් අහිමි වෙන වැඩක්.

අප මහජන බදු මුදලින් තේ කර්මාන්තකරුවන්ට ලාභ අත් කර දී, තේ කර්මාන්තය රැකගැනීමට උත්සාහ කරනවා.

නමුත් තේ කොල ටොන් ගණනක් විකුණා ලබන මුදල, එක් නිල් මැණිකක් විකුණා ලැබිය හැකියි.

මේ එතරම් විශාල කර්මාන්තයක්. 

මේ ගණුදෙනුව පසුපස හදුන්නෙත්ති සහ චතුරංග අබේසිංහ දැමූ ඩීල් දන්නේ ඔවුන් පමණයි.

කෙසේ වෙතත් ජාවාරම්කරුවන්ට විකිණී, මේ පනත වෙනස් කළ සැණින් මෙරට මැණික් කර්මාන්තයේ අභාවය ලියවෙනවා.

අවසානයේ එක් දිස්ත්‍රික්කයකින් රටම ගොඩදැමිය හැකි යයි කියූ හදුන්නෙත්ති, රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයත් සහමුලින්ම විනාශ මුඛයට ඇද දමනවා.

[මේ පිළිබඳව නමුත් අද මේ ගැන ඉතාම සවිස්තරාත්මක වීඩියොවක් ,Malin De Dias විසින් සිදු කර තිබුණා. ඒ වීඩියොවත් නරඹන්න. ඔහු ඉතාම නිවැරදිව, මහන්සි වෙලා මේ කරුණ මතු කරලා තිබුණා.]

සම්බන්ධිත පුවත් | Related News

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (22) සත්වන දිනටත් පැවැත්වෙයි.
තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කළේය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.
කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සිවුරක් පිළිගැන්වීමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, සේනක පල්ලෙතැන්න පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 09 දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළැඹීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.