අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් 2005 සිට 2008 දක්වා වර්ෂවල නැගෙනහිර පළාතේ සිදුවූ මනුෂ්‍ය ඝාතන, පුද්ගලයින් පැහැරගැනීම, අතුරුදහන් කිරීම්, ගිනි අවි පරිහරණය, වදකාගාර පවත්වාගෙන යාම හා කප්පම් ලබා ගැනීම් සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් සිදු කර ඇති අතර, විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත එම කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඉහත අපරාධවලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (06) දින තිරුක්කෝවිල් හා සන්දිවේලි ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ හා ජන සංහාර චෝදනා එල්ල කිරීම සහ දඬුවම් කිරීම සඳහා නීති පැනවීම මගින් ආරක්ෂක හමුදා දුර්වල කර ඒකීය රාජ්‍ය බෙදා වෙන් කිරීමට කටයුතු කිරීම වැළැක්වීම පිළිබඳව "මාතෘභූමි සුරක්‍ෂා"නමින් ලිපියක් මගින් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිවරු සහ අනු නායක හිමිවරුන් දැනුවත් කිරීම "ඒකීය රාජ්‍යය සහ රණවිරුවන් සුරැකීමේ සංවිධාන එකමුතුව" මගින් අද දින සිදු කළහ.
රෝහණ විජේවීරගේ දේශපාලන දර්ශනයෙන් බිහිවූ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක් අධිරාජ්‍යවාදීන් විසින් අටවන ලද උගුල්වල වැටීමේ හැකියාවක් නොමැති බවට තමන් විශ්වාස කළද දැන් වන විට තත්වය වෙනස්වී ඇති බවත් අධාරජ්‍යවාදීන් විසින් අටවනු ලබන සියලු උගුල්වල ජනතාවිමුක්ති පෙරමුණ වැටෙමින් සිටින බවත් දෙවන පරපුරේ නායක උවිදු විජේවීර මහතා පවසයි.
ප්‍රධාන පුවත්
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..