ත්‍රිකුණාමලය බෝධිරාජ විහාරයේ ඇති වී ඇති අර්බුදය ගැන අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක හිමියන්ගෙන් ජනපතිට හදිසි දැනුම්දීමක්..
ත්‍රිකුණාමලය කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධව ඇති වී ඇති අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති උත්තරීතර මහානායක හිමියන් විසින් ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර ඇත.
එම සම්පූර්ණ ලිපිය මෙසේය.
ත්‍රිකුණාමලය කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධව ඇති වී ඇති අර්බුදය පිළිබඳවයි.
යථෝක්ත විහාරස්ථානය වර්ෂ 1951 සිට පවත්වා ගෙන එන ලබන විහාරස්ථානයකි. එය බෞ.කො. /විහාදේ/ 15/15/009 යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශ්වයේ ලියාපදිංචි කරන ලද විහාරස්ථානයකි. 2014 වර්ෂයේ දී මෙම විහාරස්ථානය පිහිටි ඉඩමට එවක ජනාධිපතිතුමන් විසින් දීමනා පත්‍රයක් මඟින් හිමිකම් තහවුරු කර ඇත.
02. කරුණු එසේ තිබියදීත්, ඒ හිමිකම් දීමනා ප්‍රදානයන් හා රජයේ ලියාපදිංචිව ඇති මෙම විහාරස්ථානයට හා භික්ෂුන් වහන්සේලාට එල්ලවී ඇති තර්ජන අභියෝග මහා සංඝරත්නයේ සේම බෞද්ධ ජනතාවගේ ද සිත් තැවුලට හේතු වී ඇත. විශේෂයෙන්ම 2025.11.16 දින සිදු වූ සිද්ධීන් පිළිකුලෙන් යුතුව තරයේ හෙලා දකිමි. විහාර භූමියේ බුදු පිළිම ඉවත් කිරීමට හා භික්ෂූන් වහන්සේලා ට පහරදීමට පොලිසිය කටයුතු කළේ කවරෙකුගේ වුවමනාවන් වෙනුවෙන් දැයි ප්‍රශ්න සහගතය. එම පහර දීම හේතුවෙන් විහාරාධිපති හිමියන්ට රොහල් ගතවෙන්න සිදු වී ඇත. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. පොලිසියේ එම අනීතික හැසිරීම තරයේ හෙළා දකිමි.
03 මේ පිළිබඳ ඔබතුමාගේ කඩිනම් අවධානය යොමු කොට දැනට කඩා ඉවත් කිරීමට යොජනා කර ඇති ගොඩනැගිල්ල ඉවත් නොකරන ලෙසත් විහාර භූමියේ, විහාරස්ථානයේ හා භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ අංශ දැනුවත් කොට කඩිනම් පියවර ගන්නා ලෙසත් දන්වා සිටිමි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..