මෙක්සිකෝවේ ප්‍රචණ්ඩ Z-gen විරෝධතා..
මෙක්සිකෝවේ රජයේ ආරක්ෂක ප්‍රතිපත්ති රටේ වැඩෙන ප්‍රචණ්ඩත්වය මැඩලීමට අසමත් වී ඇති බවට චෝදනා කරමින් සෙනසුරාදා මෙක්සිකෝව පුරා නගරවල දහස් ගණනක් ජනතාව වීදි බැස විරෝධතා දැක්වූහ.
කෙසේ වෙතත්, ජනාධිපති ක්ලෝඩියා ෂෙයින්බෝම් කියා සිටියේ මෙම විරෝධතා විදේශයන්ගෙන් මෙහෙයවනු ලබන බවයි.
Z gen යටතේ ලොව පුරා සිදුවන අනෙකුත් තරුණ ව්‍යාපාරවලට සමාන ආකාරයකින් පැවති මෙම විරෝධතාවලට විශේෂයෙන්ම හේතු වූයේ මෙම මාසය මුලදී නගරාධිපතිවරයකු ඝාතනය වීමයි.
විරෝධතාකරුවන් මෙක්සිකෝ නගරයේදී "කාර්ලෝස් මිය ගියේ නැත රජය ඔහුව මැරුවා" යනුවෙන් කියා සිටියේ බටහිර මිචෝකන් ප්‍රාන්තයේ උරුආපන් නගරයේ අභාවප්‍රාප්ත නගරාධිපතිවරයා ගැනයි. ඔහු නොවැම්බර් 1 වන දින උත්සවයකදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.
මුහුණු ආවරණය කළ විරෝධතාකරුවන් මෙක්සිකෝ ජනාධිපති ක්ලෝඩියා ෂෙයින්බෝම් පදිංචිව සිටින මාලිගය වටා ඇති ලෝහ වැටවල් පවා කඩා දැමූ අතර, එය කඳුළු ගෑස් සහ ගිනි නිවන උපකරණවලින් ප්‍රතිචාර දැක්වූ කැරලි මර්දන පොලිසිය සමඟ ගැටුම් ඇති කිරීමට හේතු විය.
රොයිටර් පුවත් සේවයට අනුව, විරෝධතාකරුවන් කිහිප දෙනෙක් ආරක්ෂක අංශවලට කෑගසමින් "කාර්ලෝස් මන්සෝ ආරක්ෂා කළ යුතුව තිබුණේ මෙහෙමයි" යනුවෙන් පැවසූහ.
මෙක්සිකෝ නගරයේ මහජන ආරක්ෂක ලේකම් කියා සිටියේ පොලිස් නිලධාරීන් 100 දෙනෙකුට තුවාල සිදු වූ බවත්, ඉන් 40 දෙනෙකුට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වූ බවත්ය. තවත් සිවිල් වැසියන් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර, 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සතිය මුලදී, ජනාධිපති ෂෙයින්බෝම් මෙම විරෝධතාවල අරමුණු ප්‍රශ්න කළ අතර උදෑසන මාධ්‍ය හමුවේදී කියා සිටියේ විරෝධතා මුදල් ගෙවා සිදු කරන ලද ඒවා බවයි.
මෙක්සිකානු ජනාධිපතිවරයා කියා සිටියේ "එය රජයට එරෙහිව විදේශයන්ගෙන් ප්‍රවර්ධනය කරන ව්‍යාපාරයක්" බවත්, එය විශාල වශයෙන් දක්ෂිණාංශික දේශපාලන විරුද්ධවාදීන් විසින් සංවිධානය කර ඇති අතර සමාජ මාධ්‍යවල bots මගින් ප්‍රවර්ධනය කර ඇති බවත්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්