News Category
From Date
To Date
Maximum Number of Result

නේපාලයේ රජය ප්‍රචණ්ඩකාරී ලෙස පෙරළා දැමීමෙන් පසු, අන්තර්කාලීන නායකයෙකු තෝරා ගැනීම සඳහා පැවැත්වෙන සාකච්ඡා තුන්වැනි දිනටත් දීර්ඝ වීමත් සමඟ, විවිධ අපේක්ෂකයින්ට සහාය දක්වන Gen-Z කණ්ඩායම් අතර ගැටුම් ඇති වූ බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වෝල්කර් ටූර්ක් විසින් සැප්තැම්බර් 08 දින ආරම්භ වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය නායකයන්ට රාජ්‍ය අරමුදල්වලින් සැපයූ නිල නිවාස ඇතුළු වරප්‍රසාද අහෝසි කිරීමට පාර්ලිමේන්තුව විශාල බහුතරයකින් ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ, විශ්වාසනීය ලෙස යුද අපරාධ චෝදනාවට ලක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කොළඹ නව නිවසක් සොයා ගැනීමට සිදුව ඇතැයි Tamil guardian වාර්තා කරයි.

ජිනීවා වැඩපිළිවෙල යනු ලෝකය පාලනය කිරීම සඳහා එක්සත් ජනපදය ප්‍රමුඛ අධිපති රාජ්‍යයන් ගෙනයන වැඩසටහනේ දී චීනයෙන් ඔවුන්ට එල්ලවී ඇති තර්ජනය බිඳ දැමීමේ වැඩපිළිවෙලක් බවත්, චීනය වැට්ටවීම සඳහා ඔවුන්ට ශ්‍රී ලංකාව නමැති රාජ්‍ය අත්‍යවශ්‍ය බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ස්වාධීන ආයතනයක් වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණය ස්වාධීනද, නැද්ද..? යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“මගේ පියා මහින්ද රාජපක්ෂ සියල්ල ආරම්භ වූ කාල්ටන් නිවසට නැවත පැමිණි බව ” පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ X පණිවිඩයක් පළ කරමින් පැවසීය.

මිද්දෙනිය ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද අයිස් නිෂ්පාදන අමුද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන බහාලුම් දෙක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ නික්ම ගියේය.

නේපාල විරෝධතා ව්‍යාපාරයේ තරුණ නායකයින් හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි රටේ අන්තර්කාලීන අගමැතිනිය ලෙස කටයුතු කිරීමට යෝජනා කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සංගමයේ ලේකම් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය ඊයේ(10) වාර්තා කළේය.


ප්‍රධාන පුවත්

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.