ඉන්දීය සාගර වෙරලබඩ සන්ධානයක් හැදෙයි..
ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටුවීම සඳහා වන අවබෝධතා ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ටුනා ධීවර කර්මාන්තය ඉන්දියානු සාගර කලාපයේ ජාතික ආර්ථිකයන්, ආහාර සුරක්ෂිතතාව, රැකියා උත්පාදනය සහ වෙරළබඩ ප්‍රජාවන්ගේ සමාජ - ආර්ථික ස්ථායීතාව සඳහා ඉහළ දායකත්වයක් දක්වයි.
එහෙත්, අධික ලෙස මසුන් ඇල්ලීම හේතුවෙන් මත්ස්‍ය ගහණය සහ ආහාර සුරක්ෂිතතාව අඩු වීමේ අවදානමක් මතු වී තිබේ. එබැවින්, ටුනා මත්ස්‍ය සම්පත් කළමනාකරණයේදී සහයෝගිතාව ශක්තිමත් කිරීම උදෙසා බංග්ලාදේශය, ඉන්දුනීසියාව, ඉරානය, මැඩගස්කරය, මැලේසියාව, මාල දිවයින, මොසැම්බික්, පාකිස්ථානය, සෝමාලියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව යන රටවල් අතර අවබෝධතා ගිවිසුමක් හරහා ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටු වීමට යෝජනා වී ඇත.
ඒ අනුව, සාමාජික රටවල් අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීම, ධීවර ප්‍රජාවන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීම, ධාරිතාව ගොඩ නැගීම සහ ධීවර සම්පත් තිරසර ලෙස කළමනාකරණය කිරීම අරමුණු කර ගනිමින්, ඉන්දියානු සාගර වෙරළබඩ රාජ්‍ය සන්ධානය පිහිටුවීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..