News Category
From Date
To Date
Maximum Number of Result

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඩොලර් මිලියන 10 කට අධික මුදලක් වැය කරමින් යාපනය දූපත් තුනක් වෙනුවෙන් විදුලිබලය සැපයීම සඳහා දෙමුහුම් බලශක්ති ව්‍යපෘතියේ ඉදිකිරිමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද (1) පෙරවරුවේ ගිවිසුම්ගත විය.‍

මඩකලපුව කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ කලපලාචේන ප්‍රදේශයේදී නීති විරෝධි රැස්වීමක් පවත්වමින් සිටි බව කියන සහරාන්ගේ මස්සිනා ඇතුළු 30 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධ කරුණු විමසීම සඳහා එහි නිලධාරීන් ලබන අඟහරුවාදා (05) පෙ.ව. 10.30ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට තීරණය කර ඇති බව වර්තා වේ.

පසුගිය කාලයේ පළපුරුදු මහ බැංකු සේවකයන් මහ බැංකු සේවයෙන් ඉවත්ව යෑම කැපී පෙනෙන ලෙස ඉහළ ගිය බවත්, ඒ අනුව 2022 – 2023 වසරවල 99 දෙනෙකු මහ බැංකු සේවයෙන් ඉවත්ව ගොස් ඇති බවත් මහ බැංකුව පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජයග්‍රහණය කරවීම මගින් තම න්‍යායපත්‍ර ඉදිරියට ගෙනයාම සඳහා වික්ටෝරියා නූලන්ඩ්ලා සහ අජිත් දොවාල්ලා අවසානයේ දී කරන දේ පිළිබදව ජාතික සංවිධාන විසින් පත්‍රිකාවක් නිකුත්කිරීම මගින් විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ ගාසා තීරයේ සහනාධාර රථ පෙළක් ආසන්නයේ ඇතිවු වෙඩිතැබීම් හා තෙරපීම් හේතුවෙන් පලස්තීන සරණාගතයින් 112 දෙනෙකු මියගොස් තවත් 760 දෙනෙකු තුවාල ලබා ඇති බව යි.

පිළිකා රෝගීන් සඳහා ගෙන්වන ඖෂධවලින් සියයට 60 ක්ම ලියාපදිංචි නොකළ ආයතනවලින් ගෙන්වන ඖෂධ බවට තහවුරු වී ඇති බව සමස්ත ලංකා ඖෂධහල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා පවසයි.

තමන් අත්අඩංගුවට ගත්තේ නීති විරෝධීව බවත් එසේ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු වගඋත්තරකරුවන් ගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන ලෙසත් ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෛළිය රඹුක්වැල්ල මහතා ඊයේ (29දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.


ප්‍රධාන පුවත්

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.