ලංවිම දැවැන්ත වර්ජනයක් කැඳවයි.. වෘත්තිය සංගම් රැසක් එක්වේ..
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ මුවාවෙන් සේවක අයිතිවාසිකම් කප්පාදු කරන්නේ නම්, ඊට එරෙහිව දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවයි.
රජය විසින් ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කර ඒ වෙනුවට අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීමට අදාළ මූලික සැලසුම් දැනටමත් සකස් කර අවසන් කර ඇත.
මීට අදාළ වත්කම්, වගකීම් සහ රාජකාරි පැවරීමේ ක්‍රියාවලිය නීතිපති සහ මහා භාණ්ඩාගාරයේ උපදෙස් මත සිදු කිරීමට නියමිත අතර, විෂයභාර අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් මණ්ඩලය අහෝසි කරන දිනය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වේ.
කෙසේ වෙතත්, 2024 අංක 36 දරන විදුලිබල පනත ක්‍රියාත්මක කිරීමට පෙර සපුරාලිය යුතු කොන්දේසි 100ක් පමණ පවතින බවත්, ඒවා සම්පූර්ණ නොකර මණ්ඩලය අහෝසි කිරීමට යාම බරපතල ගැටලුවක් බවත් වෘත්තීය සමිති පෙන්වා දෙයි.
මේ සඳහා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය සහ කාර්මික ශිල්පීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති 24ක් එක්ව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි..
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..