News Category
From Date
To Date
Maximum Number of Result

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති "මිජවුම්" (MICHAUNG) සුළි කුණාටුව, ඊයේ (03) වන විට උතුරු අක්ෂාංශ 12.8° සහ නැගෙනහිර දේශාංශ 81.6° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 365ක් පමණ ඊසාන දෙසින් පැවැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ විශ්‍රාමික හා වන්දි පදනම මත විශ්‍රාම ගිය සේවකයන්ට නියමිත ගෙවීම් ලබාදීමට රුපියල් මිලියන 3700 ක් ජනාධිපතිවරයා විසින් අනුමත කොට මහා භාණ්ඩාගාරයට නිදහස් කර ඇතත් මේ දක්වා එම මුදල් ලබාදීම සිදුකර නැතැයි අනාවරණය වේ.

සැලසුම් සහගත නිසි වැඩ පිළිවෙලකට අනුව ශ්‍රී ලංකාවට, දේශීය සභ්‍යත්වයට, ශ්‍රී ලාංකීය අනන්‍යතාවයට ආදරය කරන මේ රටේ සුවහසක් ජනතාවට ප්‍රතික්ෂේප කළ නොහැකි වැඩපිළිවෙලක් ගෙන එන බවත් දේශපාලනයෙන් ඉතිහාසයේ සිදු වූ වැරදි යළි සිදු නොවීමට ඉඩ නොතබන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා උතුරු කළුතර පැනොරාමා හෝටල් පරිශ්‍රයේ පැවති එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සමුළුව අමතමින් පැවසීය.

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ ශ්‍රී ලංකාවේ දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදිකරන බව යි.

වෛද්‍ය සැපයුම් අංශය සඳහා නව පත්වීම් දෙකක් සිදු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

යාපනයේ කෝපායිහි පැවැති මහවිරු සැමරුමකදී බාලවයස්කාර දරුවන් කිහිපදෙනකු සයනයිඩ් කරල් හා සමාන කරලත් එල්ලා ගෙන සිටීම ගැන විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ අදහස් නොවිමසා පාර්ලිමේන්තුවේදී තම හිතුමතයට අදහස් පළ කිරීම ගැන සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන්ගේ දැඩි විරෝධය දක්වා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ මූලිකත්වයෙන් එළඹෙන ජනවාරියේ එළිදකින නව දේශපාලන සන්ධානයේ කටයුතු මේ දිනවල ඉතා යුහුසුලුව සිදු වෙමින් පවතින බව වාර්තා වන අතර, එහි හවුල්කාරී පක්ෂ ලෙස එක් වන සියලු දේශපාලන සංවිධාන සමඟ සාකච්ඡා පවත්වා ඇති බවද වාර්තා වේ.


ප්‍රධාන පුවත්

මහින්දට විජේරාම දෙන යහපාලන රැස්විමට අනුරත් හිටියලු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විජේරාමයේ පිහිටි නිල නිවස ලබාදීමට යහපාලන ආණ්ඩුව අනුමැතිය ලබාදුන් රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ තමන්ද සහභාගි වූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ විශේෂ හමුවකදී හෙළිදරව් කළේය.

බහාලුම් මගඩිය ජනවරමට පටහැනියි - ජාතික සංවිධානවලින් චෝදනා (වීඩියෝ)

සිදුව ඇතැයි කියන බහාලුම් මගඩිය ජාතික ජනබලවේගයේ ජනවරමට පටහැනි බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වසනත් බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ අදහස් පළකලේ පසුගියදා කොළඹ පැවැති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවේදීය.

බහාලුම් 323 න් පලුදු වී ඇති ආණ්ඩුවේ පතිවත රැක ගැනීම සදහා ඩලස්ගෙන් ප්‍රශ්න 6ක්

නෛතිකව සහ නිවැරදිව නිෂ්කාශනය නොවූ බහාලුම්, (Containers) 323 ක් සඟවා ගත් වංචනික අරමුණකින් වරායෙන් පිටමං කොට ඇතැයි මහජන වේදිකාවේ මතුව ඇති චෝදනාවෙන් ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍ය, බරපතළ ලෙස ඔත්පල කරවා තිබේ. එමනිසා, රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ මාධ්‍ය නිවේදනයකින් හෝ දේශපාලනඥයෙකුගේ voice cut පිළිතුරකින් එය සරලව නීරෝගී කළ නොහැකි බව ආණ්ඩුවේ පුරෝහිතයන් තේරුම් ගත යුතුව ඇත.

ලාංකිකයින් 3065 දෙනෙකු ඇමෙරිකාවෙන් පිටුවහල් කිරීමේ සූදානමක්

නව අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කර ඇත.

පරීක්ෂාවකින් තොරව බහාලුම් පිට කිරීමෙන් විශාල බදු මුදලක් අහිමි වෙන්න පුළුවන් - විශ්‍රාමික රේගු අධ්‍යක්ෂක නීතිඥ එස්.කේ.එස්. සේනානායක

පසුගිය දා රේගුවෙන් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලද බහාලුම් සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්‍රාමික රේගු අධ්‍යක්ෂක නීතිඥ එස්.කේ.එස්. සේනානායක මහතා පවසන්නේ ‌මෙම කන්ටේනර් මගින් ලබාගැනීමට තිබූ විශාල බදු මුදලක් රටට අහිවි වෙන්නට ඇති ඉඩ කඩ වැඩි බවයි.

හිටපු ජනපති විශ්‍රාම වැටුප් අහෝසි කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් – නීතියක් ගෙනාවත් අදාළ වන්නේ ඉදිරියට මිස අතීතයට නොවේ - ප්‍රතිභා මහානාම

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පනතක් ගෙන ආවද එය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කළ නොහැකි බව ජනාධිපති නීතිඥ ප්‍රතිභා මහානාම මහතා පවසයි.

පරීක්ෂාවකින් තොරව බහාලුම් දහස් ගාණක් වරාය නිදහස් කරලා.. වැඩේ පටන් අරන් තියෙන්නෙ 2024 මුල් කාලයේ.. ජවිපෙ වෘත්තීය සමිති පාලන අධිකාරියත් එක්ක ගැටුමක - ශමීන්ද්‍රගෙන් ප්‍රභල අනාවරණයක් (වීඩියෝ)

කිසිඳු රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් වරාය පරිශ්‍රයෙන් පිටවීම මේ වන විට රටේ ආන්දෝලනයකට ලක්ව ඇති පසුබිමක මේ සම්බන්ධයෙන් සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව ගැටලුවක් නොමැති බවෙත් එය රජය භාරගන්නා බවටත් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ එම ප්‍රකාශය නියෝජ්‍ය අමාත්‍යවරයා තොරතුරු සොයා බලා පැවසූ ප්‍රකාශයක් ද යන්න ගැටලුවක් බවයි.

කොට්ටහච්චිට අපහාස කළැයි ප්‍රා:මන්ත්‍රීගේ දුරකථන වාර්තා ඉල්ලයි

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට මුහුණු පොත ඔස්සේ අපහාස කළේ යැයි කියන කළුතර, මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර රම්මුණි සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද(30) නියෝග කළාය.

ගුවන්තනාමෝ නාවික කඳවුර වෙත සංක්‍රමනිකයන් යැවීම පිළිබඳ ඇමරිකානු නිවේදනය කියුබානු ජනාධිපතිවරයා හෙළා දකී

කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනෙල් ඊයේ(29) පවසා සිටියේ අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් පිරිස තිවිරෝධී ලෙස අත්පත් කරගත් කියුබානු භූමියක් වන ග්වාන්ටනාමෝ නාවික කඳවුරට යැවීමට එක්සත් ජනපදය විසින් කරන ලද නිවේදනය ම්ලේච්ඡ ක්‍රියාවක් බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.