ජගත් මනුවර්ණට - රතිදු සේනාරත්නට වරෙන්තු
ගාලු මුවදොර ඇරගලකරුවන්ට පහරදුන් සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්කර සිටි හිටපු ඇමැති සනත් නිශාන්ත ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ සැකකරුවන්ට ඇප නොදෙන ලෙස ඉල්ලමින් කොටුව අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, රතිදු සේනාරත්න නොහොත් රැට්ටා යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා ඊයේ (2) වරෙන්තු නිකුත් කරමින් කොම්පඤ්ඤවීදිය පොලිසියට නියෝග කළේය.
සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් පෙනී නොසිටි හෙයින් මෙම වරෙන්තුව නිකුත් කළේය.
කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළ අතර සැකකරුවන්ගේ ඇපකරුවන්ට නොතීසි ද නිකුත් කළේය.
එසේම පෙර නඩු දිනයේ නඩු විභාගයට නොපැමිණි තැන්නේ ඥාණානන්ද හිමියන් අමතර රුපියල් ලක්ෂයක ඇපයක් මත මුදා හරින ලෙසටද නියෝග කළේය.
ඉකුත් 2022 වසරේ ජූලි මස 25 වනදා අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණය කළ සිද්ධියේ ඇප මත මුදා හැර ඇති සෙසු සැකකරුවන් වන රංගනවේදිනී දමිතා අබේරත්න, ,ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින්, ධම්මික මුණසිංහ,, තැම්පිටියේ සුගතානන්ද හිමි, සත්‍යවේල් පියතුමා ඇතුළු හත් දෙනෙක් දෙනෙකු නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි..
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..