News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු ගෙන්වා ගැනීමේ පාඩුව ජනතාව මත පටවන්න දැන් රජය සූදානම්... ගල් අඟුරු මගඩියේ පාඩුව (කෝටි 31 000) ජනතාව මත නොපටවා, සේදුම් බලකායේ “කංජයියලාට” දෙන්න..

Feb 2, 2026 at 05:51 PM
|

2026 වසර සඳහා නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කරවීමට ප්‍රමිතිගත ගල් අඟුරු ලබාගැනීමට පෙර පැවති නිසි ටෙන්ඩර් ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන්, “දූෂණයට අත වැනීමක්” යැයි කලින් නම් කරන ලද “හදිසි මිලදී ගැනීමක්” කිරීමට අද රජයට “දෛවෝපගතව” සිදුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (02) බත්තරමුල්ලේ පිහිටි තම පක්ෂ කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී, නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියේ බරපතළ දූෂණයන් සහ වංචාවන් පිළිබඳව දැඩි අනාවරණයක් සිදු කළේය.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය 2026 වසර සඳහා ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය වන  ප්‍රමිතිගත ගල් අඟරු “නැව් 38 පමණ වූ තොගය” අප්‍රේල් මාසයේ අග වාරකන් කාලය පටන් ගන්නට පෙර ගෙන්වාගෙන අවසන් කළ යුතු වුවත් වත්මන් රජය 2026 වසර වෙනුවෙන් තවමත් ගෙන්වාගෙන ඇත්තේ නැව් 3 ක් පමණක් බව විමල් වීරවංශ කියයි.

එම නැව් තුන මගින් ගෙන්වා ඇත්තේද නොරොච්චෝලේ බලාගාරය කාර්යක්ෂමව ක්‍රියාත්මක කළ හැකි “හොඳ ප්‍රමිතිගත ගල් අඟුරු” නොව, දේශීය හා විදේශීය රසායනාගාර මගින් “බාල ගල් අඟුරු” බවට නිර්දේශ කළ “කසල ගල් අඟුරු” බව හෙළිව ඇතැයි විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය... 

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා, නොරොච්චෝල විදුලි බලාගාරයේ ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියේ බරපතළ දූෂණයන් සහ වංචාවන් අනාවරණය කරමින්, ආණ්ඩුව මහජනයා මත මෙම පාඩුව පැටවීමට සූදානම් බව චෝදනා කළේය; මෙයින් රුපියල් කෝටි 31,000කට අධික පාඩුවක් සිදුවී ඇති බවත්, විදුලි බිල් වැඩි කිරීම හරහා මහජනයාට බර පැටවීමට ආණ්ඩුව ලක ලැහැස්ති වී ඇති බවත් ඔහු අනාවරණය කරයි.

වීරවංශ මහතා පෙන්වා දුන්නේ, පසුගිය සති අන්තයේ ඉංග්‍රීසි ඉරිදා පුවත්පත් දෙකක වාර්තා වූ පරිදි, කැබිනට් මණ්ඩලය නොරොච්චෝල බලාගාරය සඳහා ගල් අඟුරු හදිසි මිලදී ගැනීම් (ස්පොට් ටෙන්ඩර්) සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි. මෙම තීරණය ආණ්ඩුවේ පෙර ප්‍රතිපත්තිවලට පටහැනි බවත්, මීට පෙර මෙවැනි හදිසි මිලදී ගැනීම් “දූෂණයට තුඩු දෙන බව” රජයම පෙන්වා දී ඇති බවත් ඔහු සඳහන් කළේය. 

සාමාන්‍යයෙන් අප්‍රේල් මාසය අවසන් වන්නට පෙර  ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් වී තොග ගොඩබෑම අවසන් වී තිබිය යුතු බවත්, මෙවර ප්‍රමාදය නිසා ගල් අඟුරු අර්බුදයක් ඇති වී ඇති බවත් ටෙන්ඩර් ලේඛනවල සඳහන් පිරිවිතරයන් සංශෝධනය කිරීම මගින්, සමාගම්වල අත්දැකීම් සහ කාලරාමු අඩු කිරීම ආදිය හරහා ආන්දෝලනාත්මක ඉන්දියානු සමාගමකට මෙම ටෙන්ඩරය ලබා ගැනීමට රජය අවස්ථාව සැලසූ බව වීරවංශ මහතා අනාවරණය කළේය. මෙම සමාගම මීට පෙර ශ්‍රී ලංකාවට “බාල හාල් ආනයනය කිරීම” නිසා “කළු ලැයිස්තුවට” ඇතුළත් වී ඇති බවත්, එය ඉන්දියාවේ ඖෂධ සමාගමක් ලෙස ලියාපදිංචි වුවද, නීති විරෝධී “මත්පැන් ජාවාරම්” සහ අසාධුගත ක්‍රියාවන් සම්බන්ධ බවත් ඔහු සඳහන් කළේය.

මෙම ටෙන්ඩරය යටතේ ගෙන ආ නැව් 38කින් තුනක් දැනටමත් ලංකාවට පැමිණ ඇති බවත්, එම තුනම ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු බවත් වීරවංශ මහතා පෙන්වා දුන්නේය. ටෙන්ඩර් වගන්ති අනුව නැව් දෙකක් බාල නම් ගිවිසුම අවලංගු කළ යුතු වුවද, ආණ්ඩුව එය නොසලකා හදිසි මිලදී ගැනීම්වලට යොමු වී ඇති බව ඔහු කීය. මෙම බාල ගල් අඟුරු භාවිතයෙන් බලාගාර යන්ත්‍රවලට හානි සිදු වීමේ අවදානම ඇති බවත්, එයින් ජාතික විදුලි පද්ධතිය අකර්මන්‍ය වීම හෝ විදුලි කප්පාදුවක් සිදු වීමේ සම්භාවිතාව ඉහළ බවත් ඔහු අවධාරණය කළේය.

එවැනි තත්ත්වයකදී ඩීසල් බලාගාරවලින් විදුලිය උත්පාදනය කිරීමට සිදු වීමෙන් විදුලි පිරිවැය පස් හය ගුණයකින් වැඩි වීමේ අවදානමක් ඇති බවත්, මෙම සියලු පාඩුව මහජනයා මත පැටවීමට ආණ්ඩුව සූදානම් බවත් වීරවංශ මහතා චෝදනා කළේය. විදුලි බල මණ්ඩලය ඉදිරියේදී 20%කින් විදුලි ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා ඇති බවත්, එය මෙය දූෂණයේ ප්‍රතිඵලයක් බවත් ඔහු පැවසීය. මෙම දූෂණයෙන් රුපියල් කෝටි 31,000කට අධික පාඩුවක් සිදු වී ඇති බව විශේෂඥයන්ගේ මතය බවත් ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව දූෂණය නැති කිරීමට පොරොන්දු වී බලයට පත් වුවද, 2025-2026 වසරේදී ශ්‍රී ලංකාවේ දූෂණ දර්ශකය 24.7 දක්වා පහත වැටී ඇති බවත්, මෙය ආණ්ඩුවේ දූෂිතභාවයේ සාක්ෂියක් බවත් වීරවංශ මහතා පෙන්වා දුන්නේය. මෙම තත්ත්වයට එරෙහිව විදුලි පාරිභෝගිකයන් පෙළ ගැසීමට සූදානම් විය යුතු බවත්, ජාතික නිදහස් පෙරමුණ ඒ සඳහා නායකත්වය ලබා දෙන බවත් ඔහු ආරාධනා කළේය. ආණ්ඩුවේ සමාජ මාධ්‍ය බලකායන් මගින් මෙම අනාවරණයන් යටපත් කිරීමට උත්සාහ දැරුවද එය සාර්ථක නොවන බවත් ඔහු අවධාරණය කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාව තුළින් වීරවංශ මහතා ආණ්ඩුවේ දූෂණයන්ට එරෙහිව දැඩි ස්ථාවරයක් ගනිමින්, මහජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. මෙය දේශපාලනික වශයෙන් බෙදුම්කාරී බවක් ගෙන දෙමින්, ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවල විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්න මතු කර ඇත.

මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා 

සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය.

සුබ උදෑසනක් මාධ්‍යවේදී ඔබ සියලු දෙනාට. මේ මාධ්‍ය සාකච්ඡාවට මා සමඟ සම්බන්ධ වෙනවා කළුතර ප්‍රාදේශීය සභාවේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී වෘෂාන් ප්‍රියන්ත සහෝදරයා, ඒ වගේම කැස්බෑව නගර සභාවේ ජාතික නිදහස් පෙරමුණු අපේක්ෂක අරුණ කරුණානායක සහෝදරයා. 

ප්‍රධාන වැදගත් කාරණයක් පිළිබඳව විවිධ පාර්ශවයන් විසින් මේ වනවිටත් මේ රටේ පොදු ජනතාවගේ අවධානයට යොමු කරපු කාරණයක් පිළිබඳව තවදුරටත් වැඩිදුර කරුණු ප්‍රමාණයක්, ඔබ මඟින් මේ රටේ පොදු ජනතාවට අනාවරණය කිරීම සඳහායි අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබුවේ. 

පසුගිය සති අන්තයේ ඉරිදා පුවත්පත් දෙකකම, (ඉංග්‍රීසි ඉරිදා පුවත්පත් දෙකකම) වාර්තා වෙලා තියෙනවා නොරොච්චෝල විදුලි බලාගාරයට උවමනා කරන ගල් අඟුරු, “හදිසි ගල් අඟුරු මිලදී ගැනීමට” යා යුතුයි කියලා ඔවුන් තීරණය කරලා තිබෙන බව. කැබිනට් මණ්ඩලය අනුමැතිය දීලා හදිසි මිලදී ගැනීම් කරන්න ලක්විජය බලාගාරයට එහෙම නැත්නම් නොරොච්චෝල බලාගාරයට. 

මේ අප්‍රේල් මාසයේදී මීට කලින් නොරොච්චෝල විදුලි බලාගාරයට ඕන කරන ටෙන්ඩරය කැඳෙව්වේ. අප්‍රේල් මාසයේදී මේ කැඳවපු ටෙන්ඩරය, මෙවර 2025 අගෝස්තු වනතුරු ප්‍රමාද කළා.

සාමාන්‍යයෙන් මීට කලින් අවුරුදුවල මේ කාලයට ඕන කරන ගල් අඟුරු මේ වනවිටත් ගෙනල්ලා ගොඩබාලාත් ඉවරයි. ඒ වගේම අප්‍රේල් මාසය වෙනකොට ඒ ටෙන්ඩර් කටයුතු අවසන් කරලා ඉවරයි. අප්‍රේල් මාසයේදී තමයි කැඳවන්නේ. නමුත් මේ පහුගිය අවුරුද්දේ 2025 අගෝස්තු වෙනකන් මේ ටෙන්ඩරය කැඳවීම ප්‍රමාද කළා. ඒ මොකද එහෙම කළේ? 

ඒ වගේම “හදිසි මිලදී ගැනීම්” එහෙම නැත්නම් “ස්පොට් ටෙන්ඩර්ස්” (Spot Tenders) කියන ඒවා දූෂණයට අතවැනීමක් කියලා, ඒවට අපි යන්නේ නෑ කියලා පාරම්බෑවා. මීට කලින් දූෂණයට අතවැනීමක් කියලා පාරම්බෑවා. අවාසනාවට දැන් ඒ “දූෂණයට අතවැනීමක් වෙච්ච හදිසි මිලදී ගැනීම්වලට” තමයි කැබිනට් මණ්ඩලයේ අලුතෙන් අනුමැතිය දීලා තියෙන්නේ. 

එතකොට ඒ විතරක් නෙවෙයි, ටෙන්ඩරය දැමීම හිතාමතාම ප්‍රමාද කළේ ඇයි? වෙනදා අප්‍රේල් මාසයේ සිදු කරන ටෙන්ඩර් දැමීම සැප්තැම්බර් වෙනකන් කල් ඇද්දේ ඇයි? ඒ වගේම ඉල්ලුම් කරන සමාගම්වල වෙළඳ අත්දැකීම් සහ කාලරාමුව ඒවා “ටෙන්ඩර් ඩොකියුමන්ට්ස්” (Tender documents) වල පිරිවිතරවල වෙනස්කම් කළේ ඇයි, සංශෝධනය කළේ ඇයි? ටෙන්ඩරයට ඉල්ලුම්කරන සමාගමක් මිලියන එකකට වඩා ගල් අඟුරු ගෙනල්ලා තියෙන්න ඕන කියන සීමාව “ලක්ෂයකට” වඩා අඩු කළේ ඇයි? ඒ වගේම දින ගණන අඩු කළේ ඇයි? ඉතා කුඩා දින ගණනක් ඇතුළත ගෙන දීමේ වගකීම බාර දුන්නේ ඇයි?

මෙන්න මේ හිලෙන් ඇතුළු වෙලා තමයි, ආණ්ඩුව හිතාමතාම පිරිවිතරවල ඇති කරපු හිලෙන් ඇතුළු වෙලා තමයි මේ “දූෂිත ගල් අඟුරු ටෙන්ඩරයට” ඕන කරන කට්ටිය, ආන්දෝලනාත්මක ඉන්දියානු සමාගම මේ ටෙන්ඩරයට ඇතුළු වුණේ. 

එතකොට ඒ දීපු ටෙන්ඩරයට අනුව දැනට ගෙන්නවලා තියෙනවා නැව් තුනක්. නැව් 38ක් පමණ ඕනයි කියන එක තමයි වාර්තා වෙලා තියෙන්නේ. එතකොට දැවට ගෙනල්ලා තියෙන “නැව් තුනම” මේ වනවිට අනාවරණය වෙලා තියෙනවා “ප්‍රමිතියෙන් තොර බාල” ගල් අඟුරු ගෙනල්ලා තියෙන්නේ. ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු. 

අපි දන්නවා අප්‍රේල් මාසේ මැද වෙනකොට වාරකම් කාලය ආරම්භ වෙනවා. එතකොට විදුලිය නොරොච්චෝල බලාගාරයේ ලක්විජය බලාගාරයේ විදුලි බලය උත්පාදනය කිරීමට අවශ්‍ය සම්පූර්ණ ගල් අඟුරු තොගය ඒ වාරකම් කාලයට පෙර ගෙනල්ලා ගොඩබාගෙන තිබිය යුතුයි. නමුත් දැනට ඇවිල්ලා තියෙන්නේ නැව් තුනයි නැව් 38කින්. තව 35ක් එන්න තියෙනවා. එතකොට ඒ ඇවිල්ලා තියෙන්නෙත් බාල ගල් අඟුරු කියලා දැන් ආණ්ඩුවට පිළිගන්න සිද්ධ වෙලා ඉවරයි. මුලින් කිව්වා “මෙහේ ලැබ්එක” සාර්ථක නැහැ, ඒවයි රිපෝට්ස් අපි පිළිගන්නේ නෑ කියලා.

ඊට පස්සේ “වෙනත් රටක ලැබ්” එකකින් බැලුවම ඒ ආවේත් ඒ පරණ රිපෝට් එකම තමයි. ඊට පස්සේ කට වහගත්තා. දැන් මොකක්ද කාපු කට්ටිය වගේ ඉන්නවා හතර පැත්ත ලොක් කරගෙන. දැන් අන්තිමට මොකද වුණේ? මේ වෙනකොට ඊළග වසරට ගල්අගුරු ගෙනල්ලා ඉවර වෙලා තියෙන්න ඕන. අප්‍රේල් මාසේ වෙනකොට ගෙනල්ලා ඉවර වෙලා තියෙන්න ඕන ගල් අඟුරු ප්‍රමාණය ගේනවා වෙනුවට දැන් “බාල ගල් අඟුරු නැව් තුනක්” ගෙනාවා. 

හරියට ටෙන්ඩර් වගන්ති අනුව නම් එහෙම නැව් දෙකක් ගෙනාවොත් බාල ගල් අඟුරු, අනිවාර්යයෙන්ම එම සමාගමේ ටෙන්ඩරය අවලංගු කරන්න ඕනේ. දැන් ආණ්ඩුව කියනවා “අපි පොඩි දඩයක්” ගැහුවොත් දඩේ හින්දා ගෙනාවට කමක් නෑ වගේ එකක් තමයි කියන්නේ. ඒකත්, එතන තියෙන්නෙත් වංචාව. දඩය ගහන ගානෙන් පිරිමහන්න බැහැ වෙලා තියෙන පාඩුවේ අලාභය. ඒ විතරක් නෙවෙයි, මේ වෙනකොට අපිට අනාවරණය වෙලා තියෙනවා, ආණ්ඩුව නියෝග පනවලා තියෙනවා කිසිම වාර්තාවක්, හෝ රිපෝට් එකක් මාධ්‍යයට හෝ වෙනත් පාර්ශවයන්ට දෙන්න එපා කියලා. ඒ කියන්නේ තමන්ට හංගගන්න, මීට අදාළ, දූෂිත ගල් අඟුරු ටෙන්ඩරයට අදාළ හංගන දේවල් ආණ්ඩුව සතුව තියෙන නිසා. 

දැන් ඒ අනුව පැහැදිලියි නැව් දෙකක් ප්‍රමිතියෙන් බාල නම් ගිවිසුම අවලංගු වෙන්න ඕනේ. ගිවිසුමට අනුව, ගිවිසුමේ වගන්තිය අනුව නැව් දෙකක් ප්‍රමිතියෙන් බාල නම් ටෙන්ඩරය අවලංගු කළ යුතුයි. දැන් දෙකක් නෙවෙයි, තුනක් බාලයි. ඒත් ගිවිසුම අවලංගු වෙන්නේ නැහැ. ඒත් ඇවිල්ලා ගොඩබාන විදියට තමයි ආණුඩුව මෙයාලට ඉඩ හදලා තියෙන්නේ. ඒ අතරේ තමයි දැන් අර හදිසි මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබෙන්නේ. 

එක පැත්තකින් බාල ගල් අඟුරු ටෙන්ඩර් වලිනුත් හොරා කෑවා. හොරා කාලා ඒ පාඩුව දැන් පියවගන්න බැරුව ඉන්නවා, මහජනයා මත පටවන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ අතර දැන් හදන්නේ ඒ තත්ත්වය පාවිච්චි කරලා “හදිසි මිලදී ගැනීමට” ගිහිල්ලා, ඒ හදිසි මිලදී ගැනීම් වලිනුත් ඊළඟ “මහා පරිමාණ හොරා කෑම” කන්න. දැන් මේ සමස්ත පාඩුව, මේ තියෙන මුළු පාඩුව, මේ හොරාකාපු පංගුව, ඒ වගේම මේකෙන් විදුලි බල මණ්ඩලයට ඇති වෙන පාඩුව, නොරොච්චෝල විදුලි බලාගාරයේ මොනවා හරි යන්ත්‍ර සූත්‍ර අලාභ හානි වුණොත් “මේ බාල ගල් අඟුරු පාවිච්චි කිරීමෙන්” ඒ වෙන පාඩුව, මේ සියලු පාඩු දැන් ලෑස්ති වෙන්නේ විදුලිය පාරිභෝගිකයාගේ කරමත පටවන්න. 

දැන් ලෑස්ති වෙනවා විදුලිබල මණ්ඩලයේ මීළඟ වාරය වෙනකොට 20% කට විදුලිය වැඩි කිරීමක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමැතිය ලබාගන්න.

දැන් අපි දන්නවා යම් විදියකට මේ බාල ගල් අඟුරු පාවිච්චි කිරීමෙන් නොරොච්චෝල අක්‍රිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගල් අඟුරු ඔය කියන හදිසි ටෙන්ඩර් මිලදී ගැනීම් නියමිත ප්‍රමිතියේ ගල් අඟුරු ගේන්න බැරි වෙන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණය. ඒකට හේතුව වාරකන් කාලය බලපානවා. දැන් හදිසි මිලදී ගැනීම් කළත් මේ වාරකන් කාලයේ ඒවා ගෙනල්ලා ගොඩබාගන්නෙ කොහොමද? 

එතකොට මෙහෙම වීමක හේතුව මත, විශාල විදුලිය පංගුවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන ලක්විජය විදුලි බලාගාරය, නොරොච්චෝල බලාගාරය අකර්මන්‍ය වුණොත්, අක්‍රිය වුණොත් මේ රටේ විදුලිය විසන්ධි කිරීමක් සිද්ධ වෙන්නේ නැද්ද? විසන්ධි කිරීමක් සිද්ධ වෙන්නේ නැත්නම් මොකක්ද වෙන්නේ? ඒ ගන්න තියෙන විදුලිය ප්‍රමාණය මහා පංගුව “ඩීසල් විදුලි බලාගාර වලින්” ගන්න වෙන්නේ නැද්ද? එහෙම ගත්තම මේ වගේ පස් හය ගුණයක්, ඊටත් වඩා වැඩි ගුණයක් විදුලි පිරිවැය වැඩි වෙන්නේ නැද්ද? ඒ වැඩි වුණාම ඒකේ බර දාන්නේ පාරිභෝගිකයා මත නෙවෙයි නම් හොරාකාපු ඇමතියලගේ කර මතද, හොරාකාපු ආණ්ඩුවේ උන්දැලගේ කර මතද?  මේ ගොල්ලෝ “දූෂණය නවත්තන්න” කියලා ආපු “පට්ට වැඩ්ඩෝ” කියලා මිනිස්සු හිතාගෙන හිටියේ. පට්ට වැඩ්ඩෝ කියලා තමයි.... දැන් කොහොමද වැඩ? 

ඒ නිසා දැන් මිනිස්සුන්ට “පට්ට වැඩ්ඩෝ පැඩ්ඩා” කියලා තමයි දැන් කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ ගල් අඟුරු දූෂණයෙන් මුළු ආණ්ඩුවම මඩ නාගන්නවා. ගල් අඟුරු දූෂණයෙන් ඒ කරපු මහා පරිමාණ වංචාවෙන්, ඒකෙන් ජාතික විදුලිබල පද්ධතියට කරපු පාඩුවෙන් විදුලිය පාරිභෝගිකයාට ඒ බර දරාගන්න සැලසුම් කිරීම මඟින්, මේ ආණ්ඩුව ඉතාම දුර්ධාන්ත ආණ්ඩුවක් බව අද වනකොට ඔප්පු කරලා ඉවරයි. හොරකම නවත්තන්න, හොරු අල්ලන්න, අරක අල්ලන්න, මේක අල්ලන්න, හොරුන්ගේ “කිරිපල්ල”  අල්ලන්න ආවයි කියාගෙන “පම්පෝරි” ගහගෙන ආවා. ඇවිල්ලා “පට්ට හොරකමක්” කරා. ඇස් පනාපිටම හොරකමක් කරා. 

මෙයාලා මුලින්ම හොරකම් කරේ කන බොන දේවල් වලින්, හාල් ටිකෙන්. ඉන්දියාවෙන් ගේන හාල් ටිකෙන්. මේ ගල් අඟුරු කියන සමාගම මීට කලින් ලංකාවට හාල් ගෙනල්ලා තියනවා. මේක ඉන්දියාවේ ඖෂධවලට ලියාපදිංචි වෙච්ච සමාගමක්. එහෙත් ඔය නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදිච්ච සමාගමක්. මේකේ හිටපු සමහර පුද්ගලයෝ, ඉහළ පෙළේ පුද්ගලයෝ අසාධුගත ලේඛන වලට අහුවෙච්ච සමාගමක්. මේ සමාගම මීට කලින් ලංකාවට “බාල හාල් ගෙනල්ලා මෙහේ බ්ලැක් ලිස්ට්” (blacklist) වෙච්ච සමාගමක්, අසාධුගත වෙච්ච සමාගමක්.

එහෙව් සමාගමකින් මේ ගල් අඟුරු ගෙනල්ලා අද මේ රටේ විදුලිය පාරිභෝගිකයා අන්ත අසරණ ඉරණමකට ඇද දාන්න යන්නේ. ඒ නිසා තමුන්නාන්සේලා කල්පනා කරලා බලන්න, බුද්ධ චීවරයට ගහලා බලනවා මේ ඔක්කොම යටපත් කරන්න පුළුවන්ද කියලා. මේ පට්ට හොරකම් වහගන්න පුළුවන්ද කියලා. මේවට විරුද්ධව කතා කරන මිනිස්සුන්ට “ආණ්ඩුවේ රෙදි හෝදන බලකායෙන්” (සමාජ මාධ්‍ය) අවලාද නගලා මඩ ගහලා බලනවා මේ තක්කඩිකම එළියට එන එක නවත්තගන්න පුළුවන්ද කියලා. ඒ නිසා අපි තමුන් වහන්සේලා ඉතාම කල්පනාකාරී වෙන්න ඕනා. 

ඒ කාලේ අපි පුංචි කාලේ කිව්වේ “අඟුරු කකා කොළඹ දුවන යකඩ යකා” කියලා. දැන් අපිට කියන්න වෙන්නේ “ගල් අඟුරුවලින් හොරා කකා බර පටවන කයිය යකා” කියලා. “ගල් අඟුරු වලින් හොරා කකා බර පටවන කයිය යකා” . ඒ නිසා මේ ඉදිරි මාස තුන ඉතාම තීරණාත්මකයි. ඒ මාස තුන ඇතුළේ මේ උවමනා නැව් ප්‍රමාණය ගෙන්නගන්න බැරි වුණොත්, එක්කෝ විදුලිය කප්පාදුවක්, නැත්නම් අතිශය අධික මිලකට ඩීසල් බලාගාරවලින් මේ අවශ්‍ය ප්‍රමාණය මිලදී ගැනීමට සිදුවීමක්. ඒ මඟින් සිදු වෙන්නේ කොයික වුණත් මහජනයා මත තව බර පැටවීමක්. ඒ නිසා මෙතනින් එහාට විදුලි බල මණ්ඩලයේ පාඩුව කිය පටවන්න ආවොත්, විදුලි බිල වැඩි කරොත්, මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව “හුළු අතු පත්තු කරගෙන” මේ මහ හොර නඩය වටලෑම සඳහා ලෑස්ති වෙන්න ඕනේ කියන එකයි අපි ආරාධනා කරන්නේ. 

ඒ බර දරන්න මේ රටේ විදුලි පාරිභෝගිකයාට අයිතියක් නැහැ, යුතුකමක් නැහැ, ඕනකමක් නැහැ, අවශ්‍ය වෙන්නේ නැහැ. මුන් හොරා කාපු සල්ලිවල බර දරන්න. කරපු ටෙන්ඩර් මගඩියේ සිද්ධ වෙච්ච අලකලංචි දරන්න. එමඟින් ජාතික විදුලි බල පද්ධතියට වෙච්ච හානියේ බර මකන්න. ඒ කිසි දේකට මේ රටේ විදුලි පාරිභෝගිකයා වගකිව යුතු නැහැ. 

ඒ නිසා අපි කියන්නේ මේ හොරාකෑමෙන් පේනවා මේගොල්ලෝ මොන විදියේ තක්කඩි ක්‍රියාමාර්ග පිටද ආවේ කියලා. දින 42ක් වෙනදා දෙනවා ටෙන්ඩර් එකට, මේ පාරේ දුන්නේ දින 21යි. ඒ කියන්නේ තමන්ගේ “හුරතල් සමාගමට” ඇවිල්ලා අඩු ගානට ටෙන්ඩරය ගන්න පුළුවන් වෙන විදියට පාර කපලා දෙන්න. බාල ගල් අඟුරු මගඩිය කරගන්න පුළුවන් විදියට පාර කපලා දෙන්න. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනා. මේ ආණ්ඩුව එන්න කලින් කිව්වේ “දූෂණය නැති කරලා බොහොම අදූෂිත පාලනයක්” හදනවා කියලනේ.

දැන් පසුගියදා ප්‍රකාශයට පත් වුණා ලෝකයේ දූෂිතභාවය පිළිබඳ රටවල්වල ඉන්ඩෙක්ස් එක හෙවත් දර්ශකය. ඒ දර්ශකය කියනවා 2010 සිට 2024 කියන මුළු කාලය දක්වාම ලංකාව මේ දූෂණය පිළිබඳ දර්ශකයේ ලකුණු 40ත් 32ත් අතර අරන් තියෙනවා. 40යි 32යි අතර. ඊට වඩා පල්ලෙහාට බැහැලා නැහැ. ඊට වඩා පල්ලෙහාට බැස්සොත් තවත් නරකයි. නමුත් 2025 - 2026 කියන අවුරුද්දේ ලංකාව දූෂණයට අදාළ ලෝකයේ අපි ඉන්නේ, ශ්‍රී ලංකාව දැන් ඉන්නේ 24.7 ක. ඒ කියන්නේ හිටියටත් වඩා දූෂණය වර්ධනය වෙච්ච අවුරුද්දක් තමයි 2025 - 2026 කියන අවුරුද්ද. 

එතකොට තේරෙනවනේ අපිට අහුවෙච්ච දූෂණයට වඩා අහු නොවෙච්ච දූෂණය වැඩියි නේ. ඒ නිසා නේ කලින් තිබුණටත් වඩා ලෝක දූෂණයට අදාළ දර්ශකයෙන් පල්ලෙහාට වැටිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනා. මේ අයගේ කතාවලට රැවටිච්ච තව කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලෝ කැමැත්තෙන් බාරගන්න, මේ ඔක්කොම හොරකම්වල විදුලි බිල අපි ගෙවන්නම් කියලා, අන්න ඒගොල්ලෝ මේක බාර ගන්න. අර රෙදි හෝදන බලකාය, සේදුම් බලකාය කට්ටිය කියනවා නම් “උඹලා ගෙවන්න එපා අපි ගෙවන්නම්” කියලා අන්න ඒගොල්ලන්ට ගෙවන්න කියන්න.

අර හොරා කාපු ගානේ ගානයි, ගල් අඟුරු ගෙනල්ලා යන්ත්‍ර සූත්‍රවලට අලාභ හානි වුණොත් ඒකේ ගානයි, ඊට පස්සේ නියමිත වෙලාවට නියම ගල් අඟුරු ගෙනල්ලා ගොඩබාගන්න බැරි වුණොත් නොරොච්චෝල අකර්මන්‍ය වෙනවා, එහෙම වෙලා විදුලිය කප්පාදු කරොත් ඒ ප්‍රශ්නෙයි. අනිත් පැත්තෙන් එහෙම නැතුව ඩීසල් බලාගාර වලින් අතිශය අධික මිලට විදුලිය උත්පාදනය කරගෙන ඒ බර මහජනයා මත පැටවුවොත් අන්න ඒ ඔක්කොම බරයි අර හෝදන බලකායේ ඉන්න “කන්ජයියාලාට” බාරගන්න කියනවා. මේ රටේ පොදු ජනතාව මේ බර කරගසන්න කිසිසේත්ම සූදානම් විය යුතු නැහැ. කරගහලා තියෙන බර පමණටත් වඩා වැඩියි. 

මේ... ඉතින් ඔය එක් ඇමතියෙක් කලින් පොහොර සංස්ථාවෙද කොහෙද ඉඳලා, ඔය ජනාධිපති කෘෂිකර්ම ඇමති කාලේ හොරකමක් කරලා අතේ මාට්ටු වෙලා සභාපතිකම නැති වෙලා ඒවට අදාළ පැමිණිලි අල්ලස් කොමිසමට ගිහිල්ලා ඒවා මුකුත් විභාග වෙන්නෙත් නැහැ. එහෙම බඩුවකටනේ විදුලිබල අමාත්‍යාංශය බාර දීලා තියෙන්නේ. ඉතින් එහෙම අය දූෂණය කරන එක අහන්න දෙයක්ද? දූෂණය කරන්නේ අවසරය ලබාගෙන මිසක් නිකන්ද? ඒ නිසා මේ පාඩුව රුපියල් කෝටි 31,000 කට වැඩියි කියලා මේ පිළිබඳව විශේෂඥයෝ කියන්නේ. රුපියල් කෝටි 31,000 කට වැඩි පාඩුවක්. මේ පාඩුවට කරගහන්න මේ රටේ පොදු ජනතාව සූදානම් විය යුතු නැහැ. 

ඒකට එරෙහිව ක්‍රියාමාර්ග තෝරන්න ඕනා. අපි ආරාධනා කරනවා සියලු විදුලි පාරිභෝගිකයන්ට තවදුරටත් මේක ඉවසිය යුතු නැහැ. මීට එරෙහිව ප්‍රබල ක්‍රියාමාර්ග ගැනීමට අපි ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය කරන නායකත්වය දෙනවා. ඒ සඳහා සූදානම් වෙන්න කියන “ආරාධනාව” අපි සියලු විදුලි පාරිභෝගිකයන්ට කරනවා. ඒ සදහා පෙළ ගැහෙන්න අපි ඉල්ලා සිටිනවා.


සම්බන්ධිත පුවත් | Related News

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව එරට මාධ්‍ය අද (24) වාර්තා කර ඇත.
ඉන්දියාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණ සහ තරඟකාරී විභාගවල ප්‍රශ්න පත්‍ර දිගින් දිගටම පිටවීමට එරෙහිව නව දිල්ලියේ ආරම්භ වූ 'කැරපොතු' අරගලය (Cockroach Protest) මේ වන විට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එල්ල වූ ප්‍රබලතම සහ නිර්මාණාත්මකම තරුණ අභියෝගය බවට පත්ව තිබේ.
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති සියයට 10ක තීරුබද්ද හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල විය හැක්කේ ඇඟලුම් ක්ෂේත්‍රයට බව නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සංගමය පවසයි.
මැද පෙරදිග කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින යුදමය හා දේශපාලනික නොසන්සුන්තාව හමුවේ කලාපීය මුදල් ඒකක අතුරින් වැඩිම බලපෑමට ලක්වූ මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බව කියන බලපෑම පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයකදී මෙරට ප්‍රමුඛ පෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සහ නීතිඥයින් විසින් අදහස් දක්වා තිබේ.
යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ ඇමරිකානු දේශපාලනය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි.
ධුරයෙන් නෙරපා හරින ලද හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා නැවතත් මෙරටට පැමිණීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ, ඇගේ හිතවාදියෙකු වන වත්මන් බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් (Mohammed Shahabuddin) ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
තමන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා රජයෙන් අමෙරිකානු ඩොලර් 300,000ක මුදලක් කොන්දේසියක් ලෙස ඉල්ලා සිටි බවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කළ ප්‍රකාශය ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමානය වීම හේතුවෙන් පසුගිය වසරේ විදෙස් ණයගෙවීම සඳහා අමතරව රුපියල් බිලියන 48ක මුදලක් වැයවී ඇති බව රාජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණව වී තිබේ.

ප්‍රධාන පුවත්

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බව කියන බලපෑම පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයකදී මෙරට ප්‍රමුඛ පෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සහ නීතිඥයින් විසින් අදහස් දක්වා තිබේ.

ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ ඇමරිකානු දේශපාලනය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට ගෙන ඇති බවත්, අධිකරණ පද්ධතිය ආණ්ඩුවෙන් නිදහස් කරගැනීම සියළු මත දරන සියල්ලන්ගේ පොදු වුවමනාවක් බවට පත්ව ඇති බවත් ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ධුරය සඳහා නැවත වරක් වෛද්‍ය නොවන පුද්ගලයෙකු පත් කිරීමට සූදානම් වන බවට මහජන යුතුකම් කේන්ද්‍රය චෝදනා කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම අද (23) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලූණි.

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්

ඕස්ට්‍රේලියානු 'Export Finance Australia' ආයතනය වෙත ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න (USD 2,489,441) විදේශ ණය වාරිකය වංචනික ගිණුමකට බැරවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු අසත්‍ය සහ අසම්පූර්ණ බව පවසමින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPF) වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..

වලිකාමම් ප්‍රදේශයේ පිහිටි හමුදා රෝහල කඩා ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) 99 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (H.E. Qi Zhenhong) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.