News Category
From Date
To Date
Maximum Number of Result

රටේ ගෑස්, ඉන්ධන නැති වූ විට අරගලයක් කළ ජනතාව තමන්ට ජිවත්වීමේ අයිතිය ලබාදුන් රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට යොමුකරන විට නිශ්ශබ්දව සිටීම අපේ ජාතියට කරනු ලබන අවමානයක් බව හිටපු ඇමැති සරත් වීරසේකර මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (16 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික බිඳවැටීම තවදුරටත් උග්‍ර වීමට දීර්ඝකාලීන බදු ප්‍රතිපත්තිමය අසාර්ථකත්වය ප්‍රධාන හේතුවක් වී ඇති බවත්, එමඟින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්, විශේෂයෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය උල්ලංඝනය වී ඇති බවත් හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch – HRW) සංවිධානය සිය නවතම වාර්තාව මගින් අවධාරණය කර සිටී.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා පුනරීන් හිදී එල්.ටී.ටී.ඊ ත්‍රස්ත ප්‍රහාරයකින් තුවාල ලබා යන්තම් ජීවිතය බේරාගත් නිලධාරියෙක් බවත්, ඔහු නාවික හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියාව සිටි බවත් වරුණ රාජපක්ෂ මහතා පවසයි.

සමූපකාර ඡන්දය සඳහා සහභාගී වන්නේ සමස්ත බල ප්‍රදේශයක ජනතාවගෙන් ඉතාම සුළු පිරිසක් බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම්.ඒකකය මගින් තත්වයෙන් අසමත් ඖෂධ ශල්‍ය ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය අපහරණය කිරීම වෙනුවෙන් 2023,2024 වර්ෂ වලදී පිළිවෙලින් රැපියල් 109 756 890 ක් සහ රැපියල් 13 487 006 ඇතුළුව රුපියල් 123 243 896 ක් මුදලක් පුද්ගලික සමාගමක් වෙත ගෙවා ඇති බව ජාතික විඳින කාර්යාලයෙන් නිකුත් කළ නවතම විගණන වාර්තාව අනුව හෙලිව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

පසුගිය 14 වනදා දේශප්‍රේමි ජාතික ව්‍යාපාරය සහ ත්‍රෛනිකායික භික්‍ෂු පෙරමුණෙහි නායකත්වයෙන් බංග්ලාදේශයේ චිතගොංහි බෞද්ධ සහ හින්දු ජනතාවට එල්ල වන ම්ලේච්ඡ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන බංග්ලාදේශ, මියන්මාර, තායිලන්ත සහ කාම්බෝජ ඇතුළු රටවල්වල භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් කොළඹ 7 සම්බුද්ධත්ව මහා විහාරයේ සිට බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලය දක්වා සාමකාමී විරෝධතා පා ගමනක් ගමන් ගත්හ.

2016 දී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ රෙජිස්ටර් ජෙනරාල් කාර්යාලයෙන් ආරම්භ කළ සමාජ විරෝධී ක්‍රියාවලියක කොටසක් ලෙස සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීමේ තාක්ෂණික ක්‍රියාවලිය මේ වන විට බොහෝ ඉදිරියට ගොස් ඇත. ඒ සඳහා 2022 දී පොලිස් දෙපාර්තමේන්තුවද ඉන්පසුව 2025 දී ඉතා දුෂ්ඨතම ස්වරූපයකින් සංචාරක සංවර්ධන අධිකාරිය ද යොදාගනු ලැබීය.

‘දණ්ඩ නීති සංග‍්‍රහය සංශෝධනය කිරීමේ පනත සම්මත වුවහොත් අනාගත පරපුර අනාථයි. සෑම පාසලකම පොලිස් පෝස්ට් එකක් අරින්න වෙනවා. එම නිසා එය වහා හකුළා ගතයුතුයි. එසේ නොකළොත් ඉදිරියේදී එන අරගලය කිසිවකුට නවතාලනු නොහැකි වේවි’ යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.

ආගම සංස්කෘතිය ශාසනය විනාශ කිරීමට දශක දෙකක පමණ සිට කඳ පණු න්‍යායක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. අතීතයේදී ශාසනය රැක්කේ ශාසනයේ ලෞකික ආරක්ෂකයා වුණේ රටේ රජ්ජුරුවෝ. බුද්ධ ශාසනයේ රැකීම රජයේ වගකීම කියලා අද තිබුණට වර්තමාන රජයට පමණක් කියනවා නෙමෙයි මෑත කාලයේම දිගින් දිගට ඒ වගකීම කොච්චර දුරට ඉටු වුණාද කියල අපිට ප්‍රශ්නයක් තියෙනවා යැයි අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව අනුනායක ශාස්ත්‍රපති, නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ ඉකුත් (14) දින මිණිපේ පැවති පිළිගැනීමේ උත්සවයකට සහභාගී වෙමින් පැවසූ සේක.


ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.