News Category
From Date
To Date
Maximum Number of Result

සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව 2012 වසරේ ගුවන් ගත කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ දත්ත සම්බන්ධයෙන් ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් මතුකරමින් අද දිනයේ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ එම දත්ත නිවැරදි නොවන බවයි.

සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව 2012 වසරේ ගුවන් ගත කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ දත්ත වල යම් වැරදි තොරතුරු ප්‍රමාණයක් ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සම්බන්ධයෙන් කරුණු 15 යටතේ විශ්වාසය භංග වී ඇති නිසා එම කරුණු 15 මුල් කරගෙන ඒ මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරයි.

අද වන විට මෙරට දරු උපත් ප්‍රමාණය අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිදු අවසන් එකඟතාවයක් ගෙන නොමැති බවත් ඒ සඳහා ගිවිසුමකට එළැඹ නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් නිවැරදි කරන ලෙස ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා වෙත එන්තරවාසියක් යොමු කිරීමට සැලසුම් කර තිබේ.

මූලික අයිතිවාසිකම් උල්ලංගණය කරමින් පුද්ගලයන් අත්අංඩගුවට ගැනීම සම්බන්ධයෙන් කොමිශමට පැමිණිලි රාශීයක් ලැබී ඇති බව මානව ශ්‍රීලංකා මානව හිමිකම් කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමට කටයුතු කරමින් ඇතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමාගේ ආරක්ෂාව තව තවත් වැඩිකරගෙන ඇතැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා සඳහන් කරයි.

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකළ අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතයට අතිරේකව තවත් 25%ක් අයකිරීමට ඊයේ (6) තීරණය කර ඇත.


ප්‍රධාන පුවත්

වේගවත් ආර්ථික වර්ධනය හමුවේ ඉන්දියාව දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී සහ රැකියා අර්බුදයක - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය 7.6% කින් ඉහළ යමින් ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ලෙස පැවතියද, එමගින් සාමාන්‍ය ජනතාවට සහ තරුණ පරපුරට සැබෑ සෙතක් වී නොමැති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට

පසුගිය මාස කිහිපය පුරා රුසියානු හමුදා දියත් කළ දැවැන්ත හමුදා මෙහෙයුම් හමුවේ යුක්රේන යුද්ධය ඉතා තීරණාත්මක මෙන්ම අවසාන අදියරකට එළඹෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..

වසර හයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කළ චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය අවසන් කරමින් ශ්‍රී ලාංකික ජනතාව වෙත විශේෂ සමුගැනීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.

"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර

වත්මන් ආණ්ඩුව මේ වන විට හතර වරිගයටම එපා වී ඇති බවත්, එම හතර වරිගයටම එපා වූ බවට ජීවමාන සාක්ෂිය වන්නේ මේ රටේ ගොබි ජනතාව බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරියට එරෙහිව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂසහගත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කරයි.

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බව කියන බලපෑම පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයකදී මෙරට ප්‍රමුඛ පෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සහ නීතිඥයින් විසින් අදහස් දක්වා තිබේ.

ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ ඇමරිකානු දේශපාලනය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.