News Category
From Date
To Date
Maximum Number of Result

බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ වගඋත්තරදායකත්වය සහතික කිරීම සඳහා උතුරේ දෙමළ ජනතා නියෝජිතයන් කරන ඉල්ලීම් කෙරේ අවධානය යොමු වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා සහතිකයක් දී තිබේ.

මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරයේ ඕස්ට්‍රේලියානු ශාඛාව සහ ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය මෙන්ම ලතින් ඇමරිකානු සහ කැරිබියානු කළාපයේ දේශපාලන, සමාජීය, වෘත්තීය සමිති සහ සංස්කෘතික නායකයින් වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ පිළිබඳව නිවැරැදි තොරතුරක් සපයන්නෙකුට ඩොලර් මිලියන 50ක ත්‍යාගයක් පිරිනමන බවට එක්සත් ජනපදයේ නීතිපති පැම් බොන්ඩි විසින් නිකුත් කරන ලද නිවේදනයට දැඩි විරෝධය පාමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.

මාස 22 ක යුද්ධය, සාගතය සහ ක්‍රමානුකූල විනාශය ඇති කිරීමෙන් පසු, ඊශ්‍රායලයේ ප්‍රමුඛ මානව හිමිකම් සංවිධාන දෙකක් ගාසා තීරයේ ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග ජන සංහාරයක් බව නිගමනය කර තිබේ.

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වී. සගතේවන් මහතා ඉල්ලා අස්වී ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ආණුඩුව අමුතුවෙන් උගුලට ඇද දැමීමට අවශ්‍ය නොවන බවත්, මෙතෙක් පැවති කිසිම දක්ෂිණාංශික ආණ්ඩුවක් ඇද නොවැටුණු උගුලකට ආණ්ඩුව ඇද වැටී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මීළඟ පොලිස්පති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි.

ලෝක බැංකුවේ වාහන මිල මට්ටම් දර්ශකයට අනුව, 2021 දී වාහනයක් මිලදී ගැනීමේදී ලෝකයේ තුනවැනි මිල අධිකම රට ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇත.


ප්‍රධාන පුවත්

වේගවත් ආර්ථික වර්ධනය හමුවේ ඉන්දියාව දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී සහ රැකියා අර්බුදයක - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය 7.6% කින් ඉහළ යමින් ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ලෙස පැවතියද, එමගින් සාමාන්‍ය ජනතාවට සහ තරුණ පරපුරට සැබෑ සෙතක් වී නොමැති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට

පසුගිය මාස කිහිපය පුරා රුසියානු හමුදා දියත් කළ දැවැන්ත හමුදා මෙහෙයුම් හමුවේ යුක්රේන යුද්ධය ඉතා තීරණාත්මක මෙන්ම අවසාන අදියරකට එළඹෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..

වසර හයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කළ චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය අවසන් කරමින් ශ්‍රී ලාංකික ජනතාව වෙත විශේෂ සමුගැනීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.

"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර

වත්මන් ආණ්ඩුව මේ වන විට හතර වරිගයටම එපා වී ඇති බවත්, එම හතර වරිගයටම එපා වූ බවට ජීවමාන සාක්ෂිය වන්නේ මේ රටේ ගොබි ජනතාව බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරියට එරෙහිව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂසහගත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කරයි.

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බව කියන බලපෑම පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයකදී මෙරට ප්‍රමුඛ පෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සහ නීතිඥයින් විසින් අදහස් දක්වා තිබේ.

ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ ඇමරිකානු දේශපාලනය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.