News Category
From Date
To Date
Maximum Number of Result

උතුරේ ශ්‍රී ලාංකික ධීවරයින්ගේ ජීවනෝපාය විනාශ කරන ඉන්දීය මධ්‍යම රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය සිය ධීවරයින්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සභානායක බිමල් රත්නායක මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. "ඉන්දියාව ශ්‍රී ලංකාවේ උතුරේ ධීවරයින්ට ලබා දිය යුතු හොඳම සහය වන්නේ එහි නීති ක්‍රියාත්මක කිරීම සහ එහි ධීවරයින් උතුරේ ශ්‍රී ලාංකික ධීවරයින්ගේ ජීවනෝපාය විනාශ කිරීම වැළැක්වීමයි" රත්නායක පැවසීය.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

පසුගියදා මිද්දෙනිය ප්‍රදේශයේදී අනුර විදානගමගේ නොහොත් ‘කජ්ජා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා සහ ඔහුගේ දරුවන් දෙදෙනාට මරු කැඳවමින් සිදු වූ මාරක වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තුවක්කුකරු මිද්දෙනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය හෙට (6) දිනයේ සිදුකිරීමට යෝජනා කර තිබූ දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

අත්අඩංගුවට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහට රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඇප නියම කර තිබෙනවා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු අපිරිසිදු පොල්තෙල් තොගයක් දේශීය වෙළෙඳපොළට පැමිණ ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ.

ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

රටේ සාමයට, සෞභාග්‍යයට සහ සුචරිතවාදයට ඉවහල් වන යෝජිත විශේෂ ආගමික ක්‍රියාදාමය දේශපාලන ආයුධ බවට පත් කර නොගෙන පළාත් පාලන මැතිවරණය අවසන් වූ පසු සිදු කිරීම වඩාත් සදාචාර සම්පන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) පැවසීය.


ප්‍රධාන පුවත්

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන

අප්‍රේල් 15 වනදා නිකුත් කරන ලද ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවකට අනුව, එක්සත් ජනපදයට චීන ආනයන සඳහා 245% දක්වා ඉහළ තීරු බදු පැනවීමට හැකියාව ලැබෙන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.