News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත නැංගුරම් ලා තිබෙන ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකා සඳහා ආහාර සහ ජලය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට ඉරාන රජය විසින් කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

උතුර සහ නැගෙනහිර පළාත්වල සිංහල ගොවි ජනතාවට මේ වන විට සිදුව ඇති අසාධාරණයන් සම්බන්ධයෙන් කරුණු දක්වමින් මඩකලපුවේ සිංහල ගොවින් පිරිසක් දක්වන අදහස් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

පිටිගල, ඉහළ හේරැස්ස, ලේනගල ආරණ්‍ය සේනාසනයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (03) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන විත් තිබේ.

ලංකාවට ආනයනය කරන ලද බාල ගල්අඟුරු හේතුවෙන් ගතවූ මාස තුනක කාලය තුළ පමණක් රටට සිදු වී ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 32ක් බව ජනාධිපතිවරයා පවසන වීඩියෝවක් ආශ්‍රයෙන් මාධ්‍යවේදී චාමර විජේසූරිය කරුණු අනාවරණයක යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගන්නා පුද්ගලයන්ට ඇප ලබාදීම නොහැකි බවත්, විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවන් ලෙස නම් නොකරමින් අත්අඩංගුවට ගැනීම් මේ වන විට සිදුවෙමින් පවතින බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

රාජ්‍ය ආයතන දිගින් දිගටම පාඩු ලබනවා නම් මේ සල්ලි හොරකම් කරන්නේ කවුදැයි ප්‍රශ්නයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පවසයි.

ඉන්දීය ආරක්ෂක බලකාය (BSF) එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පාකිස්ථාන සිවිල් වැසියන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්ථානයේ ඉන්දීය තානාපතිවරයා කැඳවා විරෝධය ප්‍රකාශ කිරීමට පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සහ ඒ හේතුවෙන් ඉහළ යන ඉන්ධන මිල හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වී තිබේ.

ක්‍රිෂ් (Krrish Group of India) සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත 'ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් කොළඹ' ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී ජානකී සිරිවර්ධන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ලබන ඔක්තෝබර් දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමත් සමඟ, ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව පිටුපස ඇති නීතිමය සහ දේශපාලන පසුබිම පිළිබඳව 'කාරිගේ චැනල් එක' (Kaarige Channel Eka) යූටියුබ් නාලිකාව ඔස්සේ ධර්මශ්‍රී කාරියවසම් මහතා විසින් විශේෂ අනාවරණයක් සිදුකර තිබේ.


ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.