News Category
From Date
To Date
Maximum Number of Result

ඇවන්ගාඩ් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ නිශ්ශංක සේනාධිපති මහතා අද (11) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට (BASL) හෙට ප.ව. 1ට සාකච්ඡාවක් ලබාදී තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට තර්ජනය කළ බවට එල්ල වූ චෝදනා අපැහැදිලි බව පවසමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇප මත මුදා හැරීමට කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.

මහර සහ මීගමුව බන්ධනාගාරවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි දේපළවලට සිදුකර ඇති හානිය තවමත් ගණනය කරමින් සිටින බව බන්ධනාගාර නව මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා ඊයේ (10 දා) පැවසීය.

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට හුදු පුද්ගල සංකල්පවලින් ඔබ්බට ගොස් මුළු මහත් ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට සහ සමාජ ආචාරධර්ම පද්ධතියට දැඩි තර්ජනයක් වී ඇති බැවින්, මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි "රටම එකට" ජාතික මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය යොමු වී තිබේ.

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව කියන ලිපිය පිළිබඳව තමන් මෙතෙක් දැනුවත් වී නොමැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.