News Category
From Date
To Date
Maximum Number of Result

ඩොලර් 50,000 කඩදාසි ගුවන් යානය: ඇමරිකාව බංකොලොත් කිරීමට සැලසුම් කරන ඉරානයේ වීජ ගණිත සමීකරණය

Mar 14, 2026 at 10:17 PM
|

පෘථිවියේ දියුණුම හමුදාව මූල්‍යමය වශයෙන් අඩපණ කළ හැකි තරම් ලාභදායී, සරල සහ බහුලව නිපදවා ඇති ආයුධයක් සම්බන්ධයෙන් සිත යොමු කරන්න. එය අඩු වියදමින් නිර්මාණය කළ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක ඇති කුමන්ත්‍රණයක් මෙන් බැලූ බැලමට පෙනී යයි. නමුත් භූ දේශපාලන විශ්ලේෂක මහාචාර්ය ජියැං සුඕකින්ට අනුව, එය දැන් අපගේ ඇස් පනා පිට දිග හැරෙන යථාර්ථයකි. ආයුධය කුඩා ඩ්‍රෝනයක් වන අතර එය භාවිතා කරන රට ඉරානයයි. ඔවුන්ගේ ඉලක්කය ඇමරිකානු භූමිය නොව ඇමරිකානු මුදල් පසුම්බියයි.

“මෙය අතින් කරන සටනක් නොවේ. මෙය මොළය මෙහෙයවා කරන සටනක්.” යනුවෙන් පවසන මහාචාර්ය සුඕකින් මෑත කාලීන මත දක්වන වීඩියෝ සාකඡාවකදී, ගෝලීය සුපිරි බලවතෙකුට අභියෝග කිරීමට ඉරානයේ දක්ෂ හා සරල උපාය මාර්ගය ලෙස ඔහු හඳුන්වන  ප්‍රපංචය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු ගෙනහැර දැක්වීය.

ෂහාඩ් හමුවන්න: චොකලට් බාර් එකක් වූ ඩ්‍රෝන් යානා

එක්සත් ජනපද හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන මට සිළුටු, මිල අධික රීපර්(Reaper) ඩ්‍රෝන් යානා මදකට අමතක කරමු. ඉරාන අවි ගබඩාවේ තරුවක් බවට පත් වී සිටින්නේ ෂහාඩ් ඩ්‍රෝන් යානයයි. මෙවැනි මිසයිලයක් සෑදීමට ඉරානයට ඩොලර් 35,000 ත් 50,000 ත් අතර මුදලක් වැය වේ. මිලිටරිමය වශයෙන් ගත් කළ, එය සාක්කුවට දැනෙන වෙනසක් ඇති කරයි. එය ෆෙරාරි කාර් රථ උත්කර්ෂයට නැගූ ලෝකයක චොකලට් බාර් එකක අගයකට වැටෙන නිමැවුමකි.  නවීන ඩ්‍රෝනයානයක තාක්ෂණික දියුනුවට ලංවිය නොහැකි වන නමුත් එයට විශාල පරිමාවෙන් නිපදවෙන විනාශකාරී මිසයිල වලින් වන්දි ලබා ගැනීමට හැකියාව ඇති අවියකි.

ඉරානය සෑම දිනකම මෙම ඩ්‍රෝන යානා 500 ක් පමණ නිෂ්පාදනය කරන අතර දියත් කිරීමට සූදානම්ව 80,000 කට ආසන්න තොගයක් ඇති බවට විශ්වාස කෙරේ. ඒවා සිවිල් ට්‍රක් රථයක පිටුපස රඳවා තැබීමට මෙන්ම, ඕනෑම තැනක සිට දියත් කිරීමට සහ පහසුවෙන් සඟවා තැබීමට හැකි තරම් කුඩාවේ. ඒවා ලාභදායී වුවද, "සෙල්ලම් බඩු" නම් වනේ නැත. තනි ෂහාඩ් ඩ්‍රෝනයකට තෙල් නිධියක් විනාශ කිරීමට, ජල බලාගාරයක් අඩපණ කිරීමට හෝ හෝටලයක් සමතලා කිරීමට තරම් බලවත් හැකියාවක් ඇත.

දැන්, එවැනි ලාභදායි තර්ජනයකට එරෙහිව ඇමරිකාවේ ප්‍රධාන ආරක්ෂාව සලකා බලමු. THAAD මිසයිල පද්ධතිය යනු ප්‍රහාරක මිසයිලය පෘථිවියට වැටීමට පෙර ඉහළ අහස් කුසේදී එය විනාශ කර ප්‍රදේශය ආරක්ෂා කරන මිසයිල් ආරක්ෂක පද්ධතියකි. මෙම මිසයිල පද්ධතිය පැමිණෙන තර්ජන පරාජය කිරීමට නිර්මාණය කර ඇති යෝධ, නිශ්චල රොබෝ ගෝල රකින්නෙකු  වැනිය. එය ඇදහිය නොහැකි තරම් දියුණු මිසයිලයකි.මෙවැනි මිසයිලයකට අමෙරිකානු ඩොලර් මිලියනයක් පමණ වැය වෙතැයි ගණන් බලා ඇත.

මෙහි ඇති වීජ ගණිත සමීකරණය වටහා ගනිමු. ඉරානයෙන් එවන ඩොලර් 50,000 ක ඩ්‍රෝන යානයක් නැවැත්වීමට, එක්සත් ජනපදය ඩොලර් මිලියන 1 ක මිසයිලයක් දියත් කළ යුතුය. තවද මෙම THAAD මිසයිල පද්ධති ලාභ සතුරු ඩ්‍රෝන ඉලක්ක රංචු විනාශ කිරීම සඳහා නිර්මාණය කර නොමැති හෙයින් සතුරු ඩ්‍රෝන ප්‍රහාර  බොහෝ විට මග හැරේ. ඉරාන ඩ්‍රෝන විනාශ කර දැමීම සහතික කිරීම සඳහා එකවර THAAD  මිසයිල දෙකක් හෝ තුනක් අවශ්‍ය වේ. ඒ අනුව, ඇමරිකාව, ඉරානයෙන් එවන ඩොලර් 50,000 ක ගැටලුවක් නැවැත්වීමට ඩොලර් මිලියන 2 සිට 3 දක්වා වියදම් කරන තත්වයට පත් වී තිබේ.

“එය මදුරුවෙකුට පහර දීමට දියමන්ති කඩුවක් භාවිතා කරනවා හා සමානයි,” මහාචාර්ය ජියැං සුඕකින්උපහාසය මුසුව පවසයි. “ඉරානය ඩොලර් 1 ක් වියදම් කරන සෑම අවස්ථාවකම ඇමරිකාවට ඩොලර් 60 ක් වැය කිරීමට පොළොඹවනවා. ඒ අනුව ඉරානය මුදල් සමඟ කරන ක්‍රීඩාවෙන් නිසැක ජයක් අත්පත් කර ගනිමින් සිටිනවා.”

සීතල යුද්ධයේ සුරා මතින් ඇතිවන හෝන්දු මාන්දුව සහ දූෂණ උගුල

ලෝකයේ එකම සුපිරි බලවතාට ලාභදායී ආරක්ෂාවක් ගොඩනගාගත නොහැක්කේ ඇයි? යන පැනයට පිළිතුර ලෙස මාහාචාර්ය සුඕකින් ඉදිරිපත් කරන්නේ, ඓතිහාසිකව ගොඩ නැගුණු උනන්දු හීනකම සහ පද්ධතිමය දූෂණයේ විෂ සහිත සංයෝජනය මෙයට  හේතුව ලෙස  බලපා ඇති බවයි.

එක්සත් ජනපද මිලිටරි-කාර්මික සංකීර්ණය සීතල යුද්ධය අතරතුර නිර්මාණය කරන ලද අතර,එය තවත් න්‍යෂ්ටික සන්නද්ධ සුපිරි බලවතෙකු ලෝකයේ නැගීම වැළැක්වීම සඳහා භයානක ලෙස බලවත් ආයුධ තැනීමේ අවශ්‍යතාවය මගින් හැඩකරනු ලැබූ යුගයකි. ඔවුන්ගේ ඉලක්කය වූයේ සතුරාට බියජනක ලෙස පෙනීම සහ කැපී පෙනෙන ලෙස තරඟයක් ජයග්‍රහණය කිරීමයි.අවසානයේදී මෙම ප්‍රවේශය විශාල, දිලිසෙන සහ තාරකා විද්‍යාත්මකව මිල අධික දෘඩාංග තැනීමේ සංස්කෘතියකට මඟ පෑදීය.

දැන් අමෙරිකානු සංස්කෘතියට කාන්දු වූ මෙම මානසිකත්වය ඔවුන්ටම උගුලක් බවට පත්ව ඇත. තවද, ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන්, දේශපාලනඥයින් සහ හමුදා නිලධාරීන්ගේ පුළුල් ජාලයක් මෙම අධික වියදම් පද්ධතියෙන් ඉමහත් ලාභයක් ලබමින් සිටියි. ඩොලර් මිලියනයක මිසයිලයක් දැවැන්ත ආදායමක් සහ දේශපාලන ප්‍රාග්ධනයක් ජනනය කරනු ලබන අතර ඩොලර් 1,000 ක මිසයිලයක් කිසිවක් ජනනය නොකරයි. පද්ධතියම, ලාභදායී, වඩා ඵලදායී විසඳුම් වලට ප්‍රතිරෝධය දැක්වීමට දිරිමත් කර ඇති බව, මහාචාර්ය මහාචාර්ය සුඕකින් අවධාරණය කරයි.

සැබෑ ආයුධය: ජලය

නමුත් මෙම යුද්ධයේ ඩ්‍රෝන් උපාය මාර්ගය යනු වඩා විශාල, වඩාත් භයානක ක්‍රීඩාවක ආරම්භක පියවර පමණි.  මහාචාර්ය සුඕකින්ට අනුව සැබෑ ඉලක්කය ජලයයි. ශුෂ්ක මැද පෙරදිග, පැවැත්ම රඳා පවතින්නේ මුහුදු ජලයෙන් ලවණ ඉවත් කිරීමේ කම්හල් මත ය. ලුණු මිශ්‍රිත ජලය නැවුම් පානීය ජලය බවට පත් කරන යෝධ, ස්ථාවර යන්ත්‍ර මගින් කලාපයේ ජල ආතති මට්ටම් ගණිතමය වශයෙන් එළිදරව් කරයි. කැනඩාව වැනි රටක් ස්වභාව ධර්මය සපයන ප්‍රමාණයට වඩා අඩු ජලය ප්‍රමානයක් භාවිතා කරන රටක් වන අතර අතර, ඩුබායි ක්‍රියාත්මක වන්නේ විශ්මයජනක 17,000% ක ජල පීඩා අගයක් මතය. එනම් එහි ජල අවශ්‍යතාවය පියවා ගැනීම සම්පූර්ණයෙන්ම පාහේ ලවණ ඉවත් කිරීමේ කම්හල් වල යන්ත්‍ර මත රඳා පවතී.

ඩොලර් 50,000 ක ඩ්‍රෝන යානයක්  යොදවා ඩොලර් බිලියන ගණනක ලවණ ඉවත් කිරීමේ කම්හලක් විනාශ කළ විට ඩුබායි නගරයට කුමක් සිදුවේද?.හදිසියේම, මිලියන සංඛ්‍යාත ජනතාවට ජලය නැත. පානීය ජලය නැත, වගාබිම් නැත, ඒ අනුව කිසිදු ජීවිතයක් නැත. ඉරානයට අහසේ සිදුවන බලු පොරයක් ජය ගැනීමට අවශ්‍ය නැත. ඔවුනට අවශ්‍ය වන්නේ යන්ත්‍ර බිඳ දැමීම පමණි. මෙම "ජල බෝම්බය" ජාතියක මූලික අවශ්‍යතාවයට ඔවුන් සතු ලාභම ආයුධයෙන් පහර දීමේ උපාය මාර්ගයකි.

ප්‍රති-ප්‍රහාරය: බෙදීම සහ විනාශය

ඉරානයට තමන්ගේම වූ අවදානම් නොමැතිවාම නොවේ. ඔවුනට තිබෙන ජල පීඩාව තීරණාත්මක 72% ක මට්ටමක පවතී. ඉරානයේ ජල පීඩාව කෙතරම්ද යත් වරක් ලෝකයේ හයවන විශාලතම ලුණු ජල විල වූ උර්මියා විල සම්පූර්ණයෙන්ම පාහේ අතුරුදහන් වීමෙන් සනාථ වේ. ඉරානය යනු කුර්දි, අරාබි සහ තුර්කි ඇතුළු ජනවාර්ගික කණ්ඩායම්වලින් අණ්ඩ දැමූ පොරවනයක් වැනිය.

ඇමරිකාව සහ ඊශ්‍රායලය මෙම ඉරිතැලීම් පිළිබඳව හොඳින්ම දන්නා බවත් ඒවා භාවිත කිරීමට අඳුරු සැලැස්මක් ඇති බවත් මහාචාර්ය ජියැං සුඕකින් පෙන්වා දෙයි. ඉරානයේ ජල මූලාශ්‍ර වියළීම, වාර්ගික ආතතීන් අවුලුවාලීම සහ ඉරානය සටන් කරන කණ්ඩායම් බවට ඵලදායී ලෙස බිඳ දැමීම මෙම අඳුරු සැලැස්මට අයත් වේ. එහි ඉලක්කය වන්නේ කලාපීය තර්ජනයක් එල්ල කිරීමට තරම් බලයකින් ඉරානය තමන් සමඟ සටන් කිරීමට නොහැකි ලෙස ඕනෑවට වඩා කාර්යබහුල කර තැබීමයි.

ඉරාන චෙස් ක්‍රීඩකයාගේ තීරණාත්මක චෙස් ඉත්තා ඇදීම: පැක්ස් ඉස්ලාමිකා හෙවත් ඉස්ලාමීය සාමය

කෙසේ වෙතත්, ඉරානය විනාශ වීමට ඉඩ දී ඉරාන බලධාරීන් බලා සිටින්නේ නැත. එහි ප්‍රති-උපායමාර්ගය ද ඒ හා සමානවම නිර්භීත ය. එනම් ගෝලීයව ඉස්ලාම් ජනයා ආගමික හා දේශපාලනික වශයෙන් නැවත සකස් කිරීමකි. ඇමරිකානු බලපෑමට එරෙහිව ලෝකයේ ෂියා මුස්ලිම් ජනගහනය එක්සත් කිරීම ඉරානයේ අරමුණයි. පකිස්ථානයේ සහ ඉරාකයේ ඇමරිකානු තානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ අපි දැනටමත් ප්‍රතිඵල දකිමින් සිටිමු.

නමුත් ඉරානයේ අවසාන ඉලක්කය ඊටත් වඩා උන්නතිකාමී වන්නේය. සුන්නි බහුතර රටවල සාමාන්‍ය ජනතාවගේ කෝපය ඔවුන්ගේ එක්සත් ජනපද පිටුබලය ලබන ඒකාධිපතිත්වයන්ට එරෙහිව යොමු කිරීම එම අභිලාශයන් අතර ප්‍රමුඛ වේ. මෙම මුස්ලිම් ජනගහනයන්ට නැගිටීමට උදව් කිරීමෙන්, ඉරානය එක්සත් මුස්ලිම් ලෝකයක නායකයා ලෙස, ඇමරිකානු පාලනයෙන් තොර ඉස්ලාමීය ස්වර්ණමය යුගයක් ලෙස තමන්ව වර නංවා ගනී. මෙම සිහිනයට නමක් ඇත. එය පැක්ස් ඉස්ලාමිකා හෙවත් ඉස්ලාමීය සාමය වන්නේය.

අවසාන ක්‍රීඩාව: කාසි කැටය බිඳ දැමීම

ඩ්‍රෝන යානා, ජල යුද්ධ, ආගමික නැගිටීම් යන මේ සියලු නූල් එක් අවසාන ඉලක්කයකට මඟ පාදයි. එනම් ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) විනාශ කිරීමයි. සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ධනවත් ගල්ෆ් රාජ්‍යයන්ගෙන් සමන්විත මෙම ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය ඇමරිකානු ආර්ථිකයේ මූල්‍ය එන්ජිම වන්නේය.

මහාචාර්ය සුඕකින් විස්තර කරන පරිදි දාම ප්‍රතික්‍රියාව පහත පරිදිය.

1)ඩොලර් චක්‍රය: ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල් ඔවුන්ගේ තෙල් ඇමරිකානු ඩොලර් වලින් විකුණන අතර එය ඇමරිකානු මුදල් ගෝලීය වශයෙන් ආධිපත්‍යය දරයි.

2) ආයෝජනය: ඉන්පසු ඔවුන් එම බිලියන ගණනක පෙට්‍රෝඩොලර් ඇමරිකානු කොටස් වෙළඳපොළට නැවත ආයෝජනය කරන අතර ඇපල්, ගූගල් සහ එන්වීඩියා වැනි දැවැන්තයින්ට මුක්කුවක් ලෙස ක්‍රියා කරයි.

3) භේද වීම: ඉරානය ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ යටිතල පහසුකම් වලට එනම් ඔවුන්ගේ තෙල් නිධි සහ ලවණ ඉවත් කිරීමේ කම්හල්  වලට පහර දෙනු ලැබුවහොත් ඛනිජ තෙල් ප්‍රවාහය නතර වේ. ඊට සමාන්තරව ඩොලර් ප්‍රවාහය නතර වේ.

4) බිඳවැටීම: ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ සාමාජික රාජ්‍යන්ගේ ආර්ථිකයන් වටලා ඇති බැවින්, ගල්ෆ් රාජ්‍යයන්ට වෝල් වීදියේ ආයෝජනය කිරීමට මුදල් නොමැත. ඔවුන් ඒ සියල්ල පැවැත්ම සඳහා වියදම් කළ යුතුය. ඇමරිකාවේ කොටස් වෙළඳපොලට ලැබෙන ප්‍රධාන මුදල් ආධාරය අහිමි වුවහොත් එය විනාශයට බඳුන් වේ. එම විනාශය ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකයටද නරක ලෙස බලපානු ලබයි.

“ඉරානයට එක සොල්දාදුවෙකුවත් ඇමරිකානු භූමියට යැවීමට අවශ්‍ය නැහැ.” මහාචාර්ය සුඕකින් පවසයි. “ඉරානයට කළ යුත්තේ දාමය බිඳ දැමීම පමණයි.”

මෙය හුදකලා ගැටුමක් නොවේ. එය ගෝලීය "ඩොමිනෝ" ක්‍රීඩාවකි.මහාචාර්ය සුඕකින්ට අනුව බිඳ වැටුණු ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය යුරෝපය ශක්තියෙන් තොරව තබනු ඇත. යුරෝපයටද සටනට අවතීර්ණ වීමට බල කරනු ඇත.මක් නිසාද යත් යුක්රේනය  දැනටමත් රුසියාව සමඟ යුද්ධයකට එළැඹී සිටින බැවිනි. අනාගත ආක්‍රමණවලට එරෙහිව ඉරානය තමන්ගේම පලිහක් ලෙස දකින රුසියාවද එම සටනට ඈඳෙනු ඇත. තවද එම ගැටුමේදී චීනයට පැත්තකින් සිට බලා සිටීමට ඉඩ හරින අතර,චීනය අවසාන ජයග්‍රාහකයා සමඟ ව්‍යාපාර කිරීමට සූදානම් වනු ඇත.

මහාචාර්ය ජියැං සුඕකින් විසින් සකස් කරන ලද ආඛ්‍යානය බලයේ ස්වභාවය මූලික වශයෙන් වෙනස් වී ඇති ලෝකයක චිත්‍රයක් පින්තාරු කරනු ලබයි. ජයග්‍රහණය තවදුරටත් විශාලතම බෝම්බය ඇත්තේ කා සතුවද යන්න නොව, ලාභම මෙවලම් සමඟ බුද්ධිමත්ම ආර්ථික යුද්ධයක් කළ හැක්කේ කාටද යන්න මත රඳා පවතිනු ඇත. මෙම "මොළ සටනේ" ප්‍රතිඵලය ඉරානයේ සහ ඇමරිකාවේ ඉරණම තීරණය කරනවා පමණක් නොව, පෘථිවියේ සෑම කෙනෙකුටම බලශක්තිය, ආහාර සහ ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වයේ මිල නියම කරනු ඇත. අවසාන පරිච්ඡේදය තවමත් ලියා නොමැති අතර, මහාචාර්ය ජියැං සුඕකින් අනතුරු අඟවන පරිදි, සහතික කළ සතුටුදායක අවසානයක් නම් නොමැත.


මහාචාර්ය ජියැං සුඕකින් යනු චීන-කැනඩා අධ්‍යාපනඥයෙක්, ලේඛකයෙක්, ඉතිහාසඥයෙක් සහ භූ දේශපාලනික විචාරකයෙකු ලෙස කටයුතු කරන්නෙකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔහුගේ කටයුතු සහ ඉතිහාසය, උපායමාර්ග සහ ගෝලීය දේශපාලනය පිළිබඳ ඔහුගේ ජනප්‍රිය මාර්ගගත දේශන සඳහා ඔහු ලෝක් ප්‍රසිද්ධ වූ බුද්ධිමතෙකි.

මහාචාර්ය ජියැං සුඕකින්ගේ අන්තර් ජාල දේශනයක් ඇසුරෙන් සකස් කළේ ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (22) සත්වන දිනටත් පැවැත්වෙයි.
තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කළේය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.
කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සිවුරක් පිළිගැන්වීමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, සේනක පල්ලෙතැන්න පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 09 දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළැඹීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.