News Category
From Date
To Date
Maximum Number of Result

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් සමගි ජන බලවේගය නියෝජනය කරන සභිකවරියක් සිය ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.

අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (14) පස්වරවේ සිදුකිරීමට නියමිතව තිබේ.

චින්තන ජිහාඩ්වාදීන් නොහොත් ideology jihadistවරු මේ ආණ්ඩුව යටතේ ඉතාම පහසුවෙන් රාජ්‍ය තන්ත්‍රය තුළ ස්ථානගතවෙමින් සිටින බව තමන් වහන්සේ ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට විරුද්ධව මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බවත්, සමාජ විරෝධී මහා අපරාධයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම නම්කර එයට සම්බන්ධ සියල්ලන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා 2025 නොවැම්බර් මස 04 වන දින ඉන්දියාවේ සිදුකළ පුද්ගලික සංචාරයකදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම අනුමත කරන බවට ඉන්දීය බලධාරීන් ඉදිරියේ කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ලුතිතන් ජෙනරල් ජගත් ඩයස් (විශ්‍රාමික) මහතා පවසන්නේ එය වගකීම් විරහිත, ජාතිය පාවා දීමේ ප්‍රකාශයක් බවය.

සිංහලයේ මහ සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ වූ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා ඊයේ (13දා) තම දිවිසැරිය නිම කළේය. ගත් කතුවරයකු, ශබ්දකෝෂ සම්පාදකයකු හා නීතිඥයකු ලෙස ක්‍ෂේත්‍ර රැසක සිය හැකියාව පැතිරූ මෙම කෘතහස්ත දේශපාලකයා මිය යන විට 93 වැනි වියේ පසු විය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා 2025 නොවැම්බර් මස 04 වන දින ඉන්දියාවේ සිදුකළ පුද්ගලික සංචාරයකදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම අනුමත කරන බවට ඉන්දීය බලධාරීන් ඉදිරියේ කරන ලද වගකීම් විරහිත ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම ප්‍රකාශය පිළිකුලින් යුතුව හෙළාදකින බවයි.

ආණ්ඩුව විසින් මෙම අයවැය ඉදිරිපත් කර ඇත්තේ ජනතාවට සහන සැපයීමටද, නැතිනම් තමන්ව පෝෂණයකර ගැනීමට දැයි ගැටලුවක් ඇති බව දේශප්‍රේමී ජාතික පෙරමුණ පවසයි.

ආණ්ඩුව බදු ගසන්නේ යැයි චෝදනා එල්ල කළ ද ආණ්ඩුව සිදුකරමින් තිබෙන්නේ බදු ගැසීම නොව බදු කළමනාකරණය කිරීම බව කෘෂිකර්ම නියෝජ් ඇමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.


ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.