News Category
From Date
To Date
Maximum Number of Result

වයඹ පළාතේ සංවිධානයක් වන අතුගල්පුර බොදු උරුමය සුරැකීමේ සංවිධානය විසින් නසීර් අහමඩ් නමැති හිටපු නැගෙනහිර ආණ්ඩුකාරවරයා වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ බවත්, එම ඉල්ලීම අකිල විරාජ් කාරියවසම් මහතාගේ අතට පත්වූ විට ඔහු පවසා තිබුනේ ජනාධිපතිවරයා පත් කිරීමේ දී බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති අතර ගිවිසුමක් පැවති බවත්, එම ගිවිසුමට අනුව ආණ්ඩුකාරවරයා නම් කිරීමේ බලය ඇත්තේ බැසිල් රාජපක්ෂට හෙයින් මෙයට කළ හැකි ‍දෙයක් නොවන බවත් යැයි එම සංවිධානයෙන් පැවසූ බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසා ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළේ විද්‍යුත් වීසා සැපයීමේ කටයුතු සඳහා සමාගමක් තෝරාගැනීමට ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

පාර්ලිමේන්තුවට සහ කැබිනට් මණ්ඩලයට අයත් මූල්‍ය බලය තමන් වෙත පවරා ගැනීමට ජනාධිපතිවරයා පනතක් ගෙනවිත් ඇති බවත්, මෙම පනත ගෙන ඒමේ අරමුණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තවත් එක් යෝජනාවක් හෝ අධිරාජ්‍යවාදීන්ගේ යෝජනාවක් දැයි සැකයක් පවතින බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

අත්තනෝමතික ලෙස ඉන්දියානු සමාගමකට සංචාරක වීසා නිකුත් කිරීමේ බලය ලබාදීම මගින් වීසා ගාස්තු ඉහළ දැමීම සහ වීසා ලබාගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණ කිරීම නිසා සංචාරක කර්මාන්තයට අගතියක් සිදුවන බවට සංචාරක කර්මාන්තයේ නියුතු විවිධ ව්‍යවසායකයන් නියෝජනය කරන සංගම් 4ක් විසින් සිය විරෝධය පළ කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

රට විනාශකාරී තැනකට පත්වීමට හේතුවක් වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන එන ලද පනත් බවත්, හොර ජාවාරම්කරුවන්ට විදෙස් විනිමය මංකොල්ල කෑමට හැකි වන ලෙස විදේශ විනිමය පනත 2017 වසරේදී ජනාධිපතිවරයා විසින් සම්මත කළ බව හා විදේශ විනිමය මහ බැංකු පාලනයෙන් මුදා හැරීමට ඔහු කටයුතු කළ බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පනත් 104ක් ගෙන ඒ්මට බලාපොරොත්තු වන බව පවසා ඇති බවත්, ඉන් එක් පනතක් වන්නේ රාජ්‍ය ණය කළමනාකරණ පනත බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චි ෂෙන්හොන්ග් මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට සහතික වී තිබේ.

සංචාරකයන්ට වීසා ලබාදීමේ ක්‍රියාවලිය මේ වන තෙක් සිදුකළේ අගමන විගමන දෙපාර්තමේන්තුවෙන් බවත්, මෙම ක්‍රියාවලිය පෞද්ගලික විදෙස් සමාගමකට පැවරීමට කටයුතු කිරීම හරහා බරපතළ ගැටලු රැසක් මතුවී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ සභික නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දිනන අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.


ප්‍රධාන පුවත්

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.