News Category
From Date
To Date
Maximum Number of Result

පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරු මාර්තු 31දා රටට හෙළිකරනවා.. - උදය ගම්මන්පිල

Mar 16, 2026 at 01:45 PM
|

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද යන්න පිළිබඳව වසර හතක් තිස්සේ පවතින විවාදය අවසන් කරමින්, මාර්තු මස 31 වැනිදා ඒ පිළිබඳ සියලු තොරතුරු සාක්ෂි සහිතව රටට හෙළි කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.

පසුගිය වසර එකහමාරක කාලය පුරා තමන් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම තොරතුරු අනාවරණය කරගත් බවත්, ඒ සම්බන්ධයෙන් ලියැවුණු ග්‍රන්ථය එදිනට එළිදක්වන බවත් ඔහු සඳහන් කළේය. ආරක්ෂක අංශවල සහ පොලීසියේ ඇතැම් ප්‍රබල නිලධාරීන් මෙම ප්‍රහාරය පිටුපස සිටි බවට තම පර්යේෂණයේදී තොරතුරු අනාවරණය වූ බැවින්, මෙම කරුණු පොලීසියට ලබා දීමෙන් පලක් නොවන බවත්, එබැවින් සමස්ත ජනතාවටම මෙම තොරතුරු හෙළි කරන බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය,.

පාස්කු ප්‍රහාරයෙන් පසු 2019 වසරේ අගෝස්තු මාසයේ පැවති මහනුවර දළදා පෙරහැරට ද දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සහරාන්ගේ කණ්ඩායම සැලසුම් කර තිබූ බවත්, එම තොරතුරු ද මෙම ග්‍රන්ථය මගින් හෙළි කරන බවත් ඔහු පවසයි,. රන්දෝලි පෙරහැරේදී පියවර දෙකකින් එල්ල කිරීමට සැලසුම් කර තිබූ මෙම ප්‍රහාරය සාර්ථක වූයේ නම්, එය ඇමරිකාවේ 9/11 ප්‍රහාරය ද අබිබවා යන ලෝක ඉතිහාසයේ විශාලතම ත්‍රස්ත ප්‍රහාරය වීමට ඉඩ තිබූ බව හිටපු ඇමතිවරයා පෙන්වා දෙයි. සහරාන්ගේ මරණයෙන් පසු නායකත්වයට පත් වූ මෝහමඩ් රිල්වාන් විසින් මෙම ප්‍රහාරය මෙහෙයවීමට නියමිතව තිබූ බවත්, සහරාන් ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහ ඇඳුම් පැළඳුම් පවා ලබා දී තිබූ බවත් මූලාශ්‍රවල සඳහන් වේ.

සාරා ජෙස්මින් ඉන්දියාවට පලා ගිය බවට ජාතික ජන බලවේගය (මාලිමාව) විසින් නිරන්තරයෙන් නගන චෝදනාවලට සාක්ෂි සහිතව පිළිතුරු දීමට තමන් සූදානම් බව ගම්මන්පිල මහතා පැවසීය. ඇයට සැබවින්ම සිදු වූයේ කුමක්ද, ඇය සම්බන්ධයෙන් තුන්වන ඩීඑන්ඒ පරීක්ෂණයක් කළේ ඇයිද යන්න පිළිබඳව මෙම ග්‍රන්ථයෙන් විස්තර කෙරේ. එසේම ඉන්දියාව, ඇමරිකාව හෝ ඉශ්‍රායලය මෙම ප්‍රහාරය පිටුපස සිටියේද යන්න සහ ජමීල් මොහොමඩ්, අබුහින්, සෝනික් සොනික් ඇතුළු කුමන්ත්‍රණ න්‍යායන් වල කියැවෙන සියලු චරිත පිළිබඳව ද විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරන බව ඔහු කියා සිටියේය.

සහරාන් යටතේ පුහුණුව ලැබූ මිනිස් බෝම්බ 300කට ආසන්න පිරිසක් අදටත් සමාජයේ නිදැල්ලේ සැරිසරන බවට ද හිටපු ඇමතිවරයා මෙහිදී බරපතළ අනාවරණයක් කළේය. එවකට සිටි ඉතා ප්‍රබල පූජකවරයෙකුගේ මැදිහත්වීමෙන් අන්තවාදීන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ නතර කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවත්, මෙවැනි ප්‍රහාරයක් අනාගතයේදී වැළැක්වීමට ගත යුතු පියවර ද තම ග්‍රන්ථයේ අවසාන පරිච්ඡේදයෙන් ඉදිරිපත් කරන බවත් උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

සම්බන්ධිත පුවත් | Related News

හිටපු කතානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය තමන්ට අවශ්‍ය නැති බවත් වහාම ඔහු කතානායක ධුරයෙහි නැවත පිහිටුවන ලෙසත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
රුසියා–යුක්රේන ගැටුම සම්බන්ධයෙන් සටන් විරාමයක් ඉල්ලා සිටින යුරෝපා නායකයන්ගේ අරමුණ වන්නේ, දැනට කියෙව්හි බලයේ සිටින ආක්‍රමණශීලී රුසියා විරෝධී ආණ්ඩුව එම ස්වරූපයෙන්ම ආරක්ෂා කර ගැනීම බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයක් මගින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි නිගමනය කරමින්, කොටුව මහේස්ත්‍රාන්වරයා විසින් අභියාචනාධිකරණය වෙත කරන ලද යොමු කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකළ රිට් පෙත්සම අද (10) දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ කැඳවන ලදී.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත එළඹෙන සැප්තැම්බර් 24 සහ 25 යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.
පර්සියානු බොක්ක කලාපයේ රැඳී සිටින අමෙරිකානු හමුදාවන්ට "ප්‍රමාද වීමට පෙර ඔබේ නිවසට ආපසු යන ලෙස" ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කාරක සභාවේ සභාපති ඊබ්‍රාහිම් අසීසි අනතුරු අඟවා තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.
බණ්ඩාරවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා අද (10) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේය.

ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.