News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානයේ "යුවාන්" යෝජනාව: මැද පෙරදිග ගැටුමේ මුල්‍ය ප්‍රහාරය

Mar 16, 2026 at 01:02 PM
|

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුමට දින දහහතරක් ගත වන මොහොත වන විට, වඩාත්ම වැදගත් වන්නේ වර්ධනය වන මිසයිල ප්‍රහාර හෝ ඩ්‍රෝන් ප්‍රහාර නොවන මට්ටමට ළඟා වී තිබේ. ඒ වෙනුවට, ප්‍රහාරයේ නවතම මුහුණුවර පිළිබඳ පළමු එළිදරව්ව පැමිණියේ ඉරාන නිලධාරියෙකු විසින් CNN පුවත් සේවය වෙත ඉදිරිපත් කරන ලද බවට වාර්තා වන තනි ප්‍රකාශයක ස්වරූපයෙනි. එනම් තෙල් ප්‍රවාහන නෞකාවලට හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ හැකිය. නමුත් ඛනිජ තෙල් වලට ගෙවිය යුතු මුදල් ඇමරිකානු ඩොලර් වලින් නොව චීන යුවාන් වලින් ගෙවනු ලැබුවහොත් පමණක් ප්‍රවාහනයට අවසර ලැබේ.

කෙනෙකුට මෙම ප්‍රකාශය සරල ලෙස පෙනුනද, එයින් පැවසෙන අර්ථය වඩාත් ගැඹුරු අර්ථයක් දනවයි. ආර්ථික විශ්ලේෂකයින්ට අනුව එම ප්‍රකාශය යුධ පිටියේ ජයග්‍රහණයකට වඩා බොහෝ වැදගත් දෙයක් ඉලක්ක කරනු ලබයි.එනම් දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපදයට ගෝලීය ආර්ථිකයට බලපෑම් කළ හැකි වූ මූල්‍ය පද්ධතිය ඉලක්ක කිරීමට ඉරානය සමත්ව තිබේ.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ලෝක ආර්ථිකය්ට මෙතරම් වැදගත් වන්නේ ඇයි?

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ වඩාත්ම තීරණාත්මක බලශක්ති ප්‍රවාහන මාර්ගවලින් එකකි. ගෝලීය තෙල් නැව්ගත කිරීම් වලින් ආසන්න වශයෙන් 20% ක් ඉරානය සහ ඕමානය අතර මෙම පටු ජල මාර්ගය ඔස්සේ ගමන් කරයි. ඒ අනුව, මෙම මාර්ගයට ප්‍රවේශ වීම සීමා කර ඇත්නම්, නැතහොත් නව ගෙවීම් නීති මත කොන්දේසි සහිතව ප්‍රවේශය ඉඩ දී ඇත්නම්, ආනයනික තෙල් මත දැඩි ලෙස යැපෙන රටවලට දුෂ්කර තේරීම්වලට මුහුණ දීමට සිදු විය හැකිය. ඒ අනුව එවැනි රට වලට  එක්කෝ සාම්ප්‍රදායික මූල්‍ය පද්ධති යටතේ ප්‍රවේශ මාර්ගය නැවත විවෘත වන තෙක් ඔවුන් බලා සිටිය යුතුය, නැතහොත් එක්සත් ජනපද ඩොලරය මඟ හරින නව වෙළඳ කොන්දේසි පිළිගත යුතුය.

පෙට්‍රොඩොලර් ක්‍රමය නිරවුල්ව තේරුම් ගැනීම

පෙට්‍රොඩොලර් ක්‍රමය වැදගත් වන්නේ මන්දැයි තේරුම් ගැනීමට, ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමට සිදුවේ. 1971 දී, රිචඩ් නික්සන් එක්සත් ජනපද ඩොලරය ඒ වනවිට රත්තරන් සමඟ බැඳ තැබූ පද්ධතිය අවසන් කළේය. නමුත් මෙමගින්  ප්‍රධාන ගැටළුවක් පැන නැගුනි.එනම් රන් සහාය නොමැතිව, ලෝකය ඩොලරය විශ්වාස කර භාවිතා කළ යුත්තේ ඇයිද යන පැනයයි. 1974 දී එක්සත් ජනපදය සෞදි අරාබිය සමඟ නව ගිවිසුමකට එළඹුණු විට ගැටළුවට අවශ්‍ය පිළිතුර ලැබුණි. මෙම විධිවිධානය යටතේ, සෞදි තෙල් අපනයනය ඇමරිකානු ඩොලර් වලින් මිල නියම කරනු ලබන අතර, ඒ වෙනුවට එක්සත් ජනපදය සෞදි අරාබියට මිලිටරි ආරක්ෂාව සපයනු ඇත. කාලයත් සමඟ, ඔපෙක් හි අනෙකුත් සාමාජිකයින් ද සෞදි අරාබියේ ක්‍රමයම අනුගමනය කිරීමට පෙළඹුනහ. මෙම විධිවිධානය මගින් "පෙට්‍රොඩොලර්" ක්‍රමය නිර්මාණය කළේය, එනම් ලොව පුරා රටවලට තෙල් මිලදී ගැනීම සඳහා එක්සත් ජනපද ඩොලර් අවශ්‍ය විය. එහි ප්‍රතිඵලයක් ලෙස, ලෝකයේ සෑම රජයක්ම සහ සෑම මහ බැංකුවක්ම ඩොලර් විශාල වශයෙන් සංචිත ලෙස තබා ගැනීමට කටයුතු කළේය.මෙමගින් ඩොලරයේ වටිනාකම වැඩි කළ අතර එක්සත් ජනපදයේ ආර්ථික බලපෑම වඩාත් ශක්තිමත් කරනු ලැබීය.

ඩොලර් පද්ධතියට මීට පෙර ඇතිවූ අභියෝග

තෙල් වෙළඳාමේදී ඩොලරය මඟ හැරීමට විවිධ නායකයන් විසින් විවිධ උත්සාහයන් මීට පෙර ගැනීමට උත්සහා කර ඇත. ඒවා නම්

1) වර්ෂ 2000 දී ඉරාකයේ සදාම් හුසේන් ඩොලර් වෙනුවට යුරෝ වලින් තෙල් විකිණීමට යෝජනා කළේය.

2) වර්ෂ 2011 දී ලිබියාවේ මුවම්මර් ගඩාෆි තෙල් වෙළඳාම සඳහා රත්‍රං වල පිටුබලය ලත් අප්‍රිකානු මුදල් ඒකකයක් නිර්මාණය කිරීමට යෝජනා කළේය.

3) මේ වසරේ ජනවාරි මස මුල් භාගයේදී වෙනිසියුලාවේ නිකොලස් මදුරෝ ඩොලර් පද්ධතියෙන් පිටත තෙල් ගනුදෙනු සම්බන්ධයෙන් ගවේෂණය කළේය.

සෑම උත්සාහයක්ම දැඩි භූ දේශපාලනික පීඩනයකට මුහුණ දුන් අතර ගෝලීය තෙල් වෙළඳපොළ ස්ථිරවම වෙනස් කිරීමට කිසිවෙකු සමත් වූයේ නැත.

චීනයේ වර්ධනය වන භූමිකාව

කෙසේ වෙතත් ඉරානය ඛනිජ තෙල් විකිනීම සම්බන්ධයෙන් ගෙන ඇති ඩොලර මග හැර කටයුතු කිරීමේ තීරණයට චීනයේ මැදිහත්වීම නිසා මෙවර තත්වය වෙනස් විය හැකිය. යුවාන්-නියෝජනය කරන ලද තෙල් අනාගත සහ අනෙකුත් රටවල් සමඟ මූල්‍ය හවුල්කාරිත්වයන් වැනි මුලපිරීම් හරහා බීජිනය බලශක්ති වෙළඳපොළවල චීන යුවානය ජාත්‍යන්තර භාවිතය ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරමින් සිටී.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව්ගත කිරීම් වලදී කළ යුතු ගෙවීම් යුවාන් වලින් කිරීම ආරම්භ කළහොත්, එය ගෝලීය වෙළඳාමේ චීන මුදල් ඒකකයේ භූමිකාව පුළුල් කිරීමට චීනයට ප්‍රධාන අවස්ථාවක් ලැබීම වැලැක්විය නොහැකිය.

බලශක්ති ආනයනය කරන රටවලට පීඩනය

ඉන්දියාව සහ තුර්කිය ඇතුළුව ආනයනික තෙල් මත දැඩි ලෙස රඳා පවතින රටවල් දුෂ්කර ගණනය කිරීමකට මුහුණ දීමට ඇති හැකියාව ඉතා ඉහළය. සාම්ප්‍රදායික වෙළඳ මාර්ග නැවත විවෘත වන තෙක් බලා සිටීම ඔවුන්ගේ බලශක්ති සැපයුම් අඩාල කළ හැකි අතර, යුවාන් වලින් ගෙවීම් පිළිගැනීම ගෝලීය තෙල් වෙළඳපොළවල ඩොලරයේ ආධිපත්‍යය දුර්වල කරනු ඇත.

මේ අතර, ගල්ෆ් කලාපයේ විකල්ප නල මාර්ග මගින් ප්‍රවාහනය කළ හැක්කේ සීමිත තෙල් ප්‍රමාණයක් පමණක් වන අතර එය සාමාන්‍යයෙන් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන පරිමාවට වඩා බෙහෙවින් අඩු අගයක් ගනී.

ඇමරිකා එක්සත් ජනපදය මේ තත්වය සමීපව ආවේක්ෂණය කරන්නේ ඇයි?

එක්සත් ජනපදය සම්බන්ධයෙන් සැලකූ කළ ඔවුන්ගේ කනස්සල්ල මිලිටරිමය පමණක් නොව මූල්‍යමයද වන්නේය. ඩොලර් සඳහා වන ගෝලීය ඉල්ලුම, අර්ධ වශයෙන් තෙල් වෙළඳාම මගින් මෙහෙයවනු ලැබේ. එය එක්සත් ජනපදයෙන් ණය ගැනීමට, ඒවා වියදම් කිරීමට සහ එමගින් ජාත්‍යන්තරයට බලපෑම් කිරීමට සහාය වේ. මිලිටරි ක්‍රියාමාර්ග යටිතල පහසුකම් විනාශ කිරීමට හෝ විරුද්ධවාදීන් දුර්වල කිරීමට හේතු විය හැකි නමුත්, රටවල් වෙළඳාම සඳහා විවිධ මුදල් වර්ග තෝරා ගැනීම පහසුවෙන් වළක්වා ගත නොහැක. තවත් රටවල් බලශක්ති ගනුදෙනු සඳහා යුවාන් භාවිතා කිරීමට පටන් ගන්නේ නම්, එය ක්‍රමයෙන් ගෝලීය වෙළඳපොළවල ඩොලරයේ කේන්ද්‍රීය භූමිකාව දුර්වල කළ හැකි වනු ඇත.

විභව හැරවුම් ලක්ෂ්‍යයක්

වසර පනහකට වැඩි කාලයක් තිස්සේ, පෙට්‍රෝඩොලර් පද්ධතිය ගෝලීය ආර්ථිකයේ මුල් ගල බවට පත් වී ඇත.පෙට්‍රෝ ඩොලරයට මීට පෙර එල්ල වූ අභියෝග බොහෝ දුරට හුදකලාව සිදු වූ නමුත් මෙවර ප්‍රධාන තෙල් මාර්ගයක් සහ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය යන දෙකම සම්බන්ධවූ අභියෝගයක් එල්ල වී තිබේ. ඉරානය ගෙන එන මෙම යෝජනාව යථාර්ථයක් බවට පත්වේද යන්න තවමත් අවිනිශ්චිතය. කෙසේ වෙතත්, එහි ප්‍රතිඵලය වත්මන් ගැටුමට පමණක් නොව ගෝලීය බලශක්ති වෙළඳාමේ සහ මූල්‍ය බලයේ අනාගත ව්‍යුහයට ද දැඩි බලපෑම් කළ හැකිය. හෝමූස් සමුද්‍ර සන්ධියේ ඇති පටු මුහුදු කලාපයේ පවතින ගැටුම නැව් ගමනා ගමනය සහ ඛනිජ තෙල්වලට වඩා වැඩි යමක් වන්නේය. එය ඉදිරි දශක ගණනාවකට ලෝක ආර්ථිකයේ ආධිපත්‍යය දරන මුදල් වර්ගය කුමක්ද යන්න තීරණය කරන ගැටුමක් බවට පත් වීමට තිබෙන ඉඩ කඩ ඉතා ඉහළය.

මහාචාර්ය ජියැං සුඕකින් යනු චීන-කැනඩා අධ්‍යාපනඥයෙක්, ලේඛකයෙක්, ඉතිහාසඥයෙක් සහ භූ දේශපාලනික විචාරකයෙකු ලෙස කටයුතු කරන්නෙකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔහුගේ කටයුතු සහ ඉතිහාසය, උපායමාර්ග සහ ගෝලීය දේශපාලනය පිළිබඳ ඔහුගේ ජනප්‍රිය මාර්ගගත දේශන සඳහා ලෝක ප්‍රසිද්ධ වූ බුද්ධිමතෙකි.

මහාචාර්ය ජියැං සුඕකින්ගේ අන්තර් ජාල දේශනයක් ඇසුරෙන් සකස් කළේ ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.