News Category
From Date
To Date
Maximum Number of Result

ජනතාව වෙනුවෙන් හඬනැගූ පුද්ගලයන් දෙදෙනෙකු වන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතා වෙඩිතබි ඝාතනය කිරීම හා හා වෛද්‍ය සේනක ගමගේ හදිසි රෝගයකින් සැක සහිත අයුරින් මිය යෑම යටගැසීමේ උවමනාවකින් සිටින පිරිසක් ඇති බවත්, ඔවුන්ගේ මරණ පිළිබඳව අද කිසිවෙක් කතා නොකරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සහ ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා පවසති.

පසුගිය දා දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වූ සංවාදයක දී ජාතික ජනබලවේගයේ නායක අනුර කුරමා දිසානායක මහතා තම පක්ෂයේ නියෝජිතයන් වූ සුනිල් හඳුන්නෙත්ති මහතා සහ කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් පැවසූ යම් යම් කරුණු පිළිබඳව වැරදීම් සිදුව ඇති බව හෝ එසේත් නොමැතිනම් තමාට වරදින්නට ඇති බව කියමින් කරුණු කිහිපයක් මතුකරනු දක්නට ලැබිණි.

ඉන්දියානු හින්දු පූජකවරයකු විසින් මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇති ‘රාම ට්‍රේල්’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කර ඒ පිළිබඳව ගත යුතු නිසි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්, මහනායක හිමිවරුන් වෙත ලිපියක් යොමු කර ඇත.

වෛද්‍යවරුන්ට ලබාදුන් ‘ඩැට්’ දීමනාව (රු. 35,000) තමන්ටද ලබාදී ආර්ථික යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් හෙට (09දා) සිට යළි පළාත් මට්ටමින් සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල වැඩ වර්ජන ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් තමන් වෙත කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත්දා නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්මකවීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විජයදාස රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය වෙත ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට ඊයේ නියෝග කළේය.

විස්සයි විස්ස ලෝක කුසල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රහයකයා ලෙස ඉන්දීය ප්‍රමුඛ කිරි නිෂ්පාදන සමාගම වන අමුල් පත් කර ඇති බව වාර්තා වේ.

2024 දෙසැම්බර් 15 දක්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (07) සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදි සම්මත කෙරුණි.

ගුවන්තොටුපොළට පැමිණීමේ දී වීසා නිකුත් කිරීමේ බලය ඉන්දියානු සම්භවයක් සහිත පෞද්ගලික සමාගමකට පැවරීම නිසා වීසා ගාස්තු ඉහළ යෑම මගින් සංචාරක කර්මාන්තයට පහර වදින බව පවසමින් සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමුකළ බවට ලිපියක් අන්තර්ජාලයේ සංසරණය වේ.

රනිල් වික්‍රමසිංහ මහතා සහ ආර්යාව සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගිවීමෙන් පසුව අන්තර්ජාලයේ අදහස් දක්වමින් එරික් සොල්හයිම් මහතා සඳහන් කරන්නේ ජනපති රනිල් වැඩේ ගොඩදාන බවය.


ප්‍රධාන පුවත්

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.