News Category
From Date
To Date
Maximum Number of Result

වත්කම් බැරකම් ප්‍රකාශනවල තම වත්කම රුපියල් මිලියන 275 ක් ලෙස සඳහන් කර ඇති බවත් ඒ තමන්ට පරම්පරාවෙන් ලැබුණු ඒවා සහ තමන් ව්‍යාපාර කරමින් වැඩි දියුණුවට පත් කළ ඒවා බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

පාතාල කල්ලි නායක හරක් කටා අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේ බන්ධනාගාර බස් රථය ඉලක්ක කර ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් කෙහෙල්බද්දර පද්මේ කොමාන්ඩෝ සලින්ත ඇතුළු පාතාල කල්ලිය විසින් සකස් කරගෙන සිට ඇති බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අනුව විදුලිය බිද වැටීම්, යාවත්කාලීන කිරීම්, බිල්පත් ගෙවීම් ආදි සේවා රාජකාරි කාලසීමාවේ පමණක් සිදුකරන බව විදුලි වෘත්තීය සමිති පවසයි.

විදුලිබල මණ්ඩලයේ සේවකයන් නව ක්‍රමයට අකමැති නම් වන්දි ගෙන ඉවත්ව යාහැකි බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (15) පැවසීය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්නට එරෙහිව විභාග වෙමින් පවතින නීතිමය නඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා ඔහු කැඳවීමට පාර්ලිමේන්තු උසස් තනතුරු කමිටුව තීරණය කර තිබේ.

නයිෆ්, රෙඩ්ලයින් ස්නේක් හෙඩ්, ඇලිගේටර් සහ පිරානා යන මත්ස්‍යයින් ලබන 20 වැනිදා සිට ආනයනය, ළග තබාගැනීම සහ විකිණීම තහනම් බව ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදුකර ඇති බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම පවසයි.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා අදාළ මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා‍ අභියාචනාධිකරණයට අද (15) දැනුම් දී තිබේ.

ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.


ප්‍රධාන පුවත්

කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට

පසුගිය මාස කිහිපය පුරා රුසියානු හමුදා දියත් කළ දැවැන්ත හමුදා මෙහෙයුම් හමුවේ යුක්රේන යුද්ධය ඉතා තීරණාත්මක මෙන්ම අවසාන අදියරකට එළඹෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..

වසර හයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කළ චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය අවසන් කරමින් ශ්‍රී ලාංකික ජනතාව වෙත විශේෂ සමුගැනීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.

"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර

වත්මන් ආණ්ඩුව මේ වන විට හතර වරිගයටම එපා වී ඇති බවත්, එම හතර වරිගයටම එපා වූ බවට ජීවමාන සාක්ෂිය වන්නේ මේ රටේ ගොබි ජනතාව බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරියට එරෙහිව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂසහගත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කරයි.

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බව කියන බලපෑම පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයකදී මෙරට ප්‍රමුඛ පෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සහ නීතිඥයින් විසින් අදහස් දක්වා තිබේ.

ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ ඇමරිකානු දේශපාලනය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට ගෙන ඇති බවත්, අධිකරණ පද්ධතිය ආණ්ඩුවෙන් නිදහස් කරගැනීම සියළු මත දරන සියල්ලන්ගේ පොදු වුවමනාවක් බවට පත්ව ඇති බවත් ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.