ආණ්ඩුවේ ඇමතිලාට වංචා දුෂණ චෝදනා ගේන්න හදට ගිහින් එන්නැයි ඇමති නලින්ද කියයි..
වත්මන් රජයේ අමාත්‍යවරුන්ට එරෙහිව වංචා හෝ දූෂණ චෝදනා එල්ල කිරීම, සඳ තරණය කිරීම තරම් දුෂ්කර කටයුත්තක් වනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
බාල ගල්අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, "මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට වංචා දූෂණ චෝදනා එල්ල කරන්න නම් ආර්ටෙමිස් 3 හදාගෙන හඳට ගිහිල්ලා ගොඩ බැහැලා එන්න වෙයි" යනුවෙනි.
ගල්අඟුරු සැපයීමේදී සිදුව ඇති බව කියන ගුණාත්මක තත්ත්වයේ වෙනස්කම් සම්බන්ධයෙන් රජය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, ඒ අනුව අදාළ සමාගම්වලින් ඩොලර් මිලියන 17 ක දඩ මුදලක් අය කර ගැනීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් ජනතාව මත කිසිදු ආකාරයක විදුලි බිල වැඩිවීමක් සිදු නොවන බවට ඔහු සහතිකයක් ලබා දුන්නේය.
වසර 15 ක් පුරා පැවති දූෂිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය වත්මන් රජය විසින් නිවැරදි කරමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මින් ඉදිරියට පමණක් නොව 2010 වසරේ සිට මෙරටට ගෙන්වා ඇති ගල්අඟුරු නැව් 462 ම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව ප්‍රකාශ කළේය.
"අතීතයේ ටෙන්ඩර් අවලංගු කරමින් තමන් දන්නා සමාගම්වලට අවස්ථාව ලබා දුන් ක්‍රමය අප වෙනස් කර තිබෙනවා. දැන් තරඟකාරී ලංසු කැඳවීම් හරහා විනිවිදභාවයකින් යුතුව මෙම කටයුතු සිදු වෙනවා" යැයිද ඔහු පැවසීය.
විපක්ෂය විසින් එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත්, විශේෂයෙන්ම මෑතකදී ආන්දෝලනයට තුඩු දුන් කන්ටේනර් 323 සම්බන්ධ පරීක්ෂණ පවා රජය මැදිහත් වී නිවැරදිව සිදු කරන බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.
කෝප් කමිටුවේදී පවා මෙම ගල්අඟුරු ගනුදෙනු පිළිබඳ විගණනයක් ඉල්ලා සිටියේ රජයේ මන්ත්‍රීවරුන්ම බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
කර්මාන්ත හා ගෘහස්ථ පාරිභෝගිකයන් වෙනුවෙන් අඛණ්ඩව විදුලිය සැපයීමට රජය කැපවී සිටින බවත්, පවතින වියළි කාලගුණය හමුවේ වුවද විදුලිය කැපීමක් සිදු නොකරන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..