News Category
From Date
To Date
Maximum Number of Result

මෙවර ඇසළ පෙරහර සමයේ මහනුවර නගරයේ රැඳී සිටින්නේ කෙසේ දැයි තම සංගමයේ විධායක සභාව ගන්නා තීරණය අනුව කටයුතු කරන බවත් පසුව එය දැනුම් දෙන බවත් මහනුවර යාචකයන්ගේ සංගමය පැවසු බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ඇසළ පෙරහර සංවිධාන කමිටු රැස්වීමේ දී පැවසුවාය.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම්දී තිබේ.

කාන්තාවන් සවිබල ගැන්වීම යැයි පවසමින් සංක්‍රාන්ති ලිංගිකයන් හා සමලිංගිකයන් සවිබල ගැන්වීම සඳහා ගෙන ආ පනත සම්මත වී ඇති බවත්, මෙම පනත් සියල්ලේ ඉලක්කය වන්නේ එන්නේ සමලිංගික සේවනය නීතිගත කර සමරිසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව නැවතත් ණය උගුලට හසු වීමේ අවදානමක් මතුවෙමින් පවතින බවයි.

නීති විරෝධීව මසුන් මැරීමේ කටයුතුවල යෙදී සිටි ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණයේ නිලධාරියකු මියයෑම ගැන ශ්‍රී ලංකා රජය ඉන්දීය විදේශ අමාත්‍යාංශය හමුවේ සිය කනස්සල්ල පළ කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දනිමින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් වසර 04කට ආසන්න කාලයක් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

භාණ්ඩ හා සේවා බද්ධ ඉදිරියේදී තවත් ඉහල නංවන්නේ නැති නමුත් ධනවතුන්ට මරාල බද්දක් පැනවීමට වේවි දැයි දන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


ප්‍රධාන පුවත්

ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)

පසුගිය කාලයේ රේගුවෙන් පිටකළ ඉහාලුම් එසේ නිදහස් කරන්නට රේගු නිලධාරීන්ට නියෝග කළේ තමන් බව අමාත්‍ය බිමල් රත්නායක විසින් වීරයෙකු මෙන් පැවසූ බවත්, ඔහු වරාය භාර ඇමතිවරයා වුවද ඔහුට එසේ රේගු නිලධාරීන්ට නියෝග දීමට හැකියාවක් නැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ගාසා තීරයේ ජීවත්වන පලස්තීන ජනයාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්නැයි ඉල්ලමින් කාන්තා පරපුර සංවිධානයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට ලිපියක්..

ගාසා තීරයේ ජීවත්වන පලස්තීන ජනයාගේ මානව හිමිකම් උල්ලංඝනය සහ යුද්ධයෙන් පලස්තීන දරුවන් අනාථභාවයට පත්වීම සම්බන්ධයෙන් වහාම මැදිහත් වන්නැයි කාන්තා පරපුර සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

මහානාහිමියන්ට අපහාස කළා යැයි ජෙනරාල් දයා රත්නායකට මහජන විරෝධය..

පාදෙණිය රජමහා විහාරයේ දී චාල්ස් තෝමස් නමැති විවාදාත්මක චරිතයක් ගෙන්වා සිදුකළ වැඩසටහනේ දී ඊට සහභාගි වූ ජෙනරාල් දයා රත්නායක මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් මගින් මහානායක හිමිපාණන් වහන්සේලාට අපහාසයක් වූ බවට ලංකා ලීඩර් පාඨකයන් රාශියක් විසින් අදහස් දක්වා තිබේ.

වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

අමරපුර ශ්‍රී සද්ධම්මවංශික මහා නිකායේ අනුනායක පූජ්‍ය හිපන්කන්දේ සද්ධාසිරි හිමිපාණන් වෙත මියන්මාර රජයෙන් මහාසද්ධම්ජෝතිකධජ ගෞරව උපාධිය පිරිනැමීම වෙනුවෙන් පන්නිපිටිය දෙව්රම් මහා විහාරයේදී ඊයේ (25) පැවැති උපහාර උත්සවයට සහභාගි වෙමින් මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ බුදු දහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති වටිනාකම ලබාදීමට වත්මන් පාලකයින් කටයුතු නොකරන බවට චෝදනා කළහ.

වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

අමරපුර ශ්‍රී සද්ධම්මවංශික මහා නිකායේ අනුනායක පූජ්‍ය හිපන්කන්දේ සද්ධාසිරි හිමිපාණන් වෙත මියන්මාර රජයෙන් මහාසද්ධම්ජෝතිකධජ ගෞරව උපාධිය පිරිනැමීම වෙනුවෙන් පන්නිපිටිය දෙව්රම් මහා විහාරයේදී ඊයේ (25) පැවැති උපහාර උත්සවයට සහභාගි වෙමින් මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ බුදු දහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති වටිනාකම ලබාදීමට වත්මන් පාලකයින් කටයුතු නොකරන බවට චෝදනා කළහ.

කොළඹ වරායේ ඩොක්යාඩ් හි 51%ක කොටස් ඉන්දියන් සමාගමකට විකිණීමේ ක්‍රියාදාමයට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් ජනාධිපති අනුරට ලිපියක්..

Colombo Dockyad plc කොටස් 51% ක් ඉන්දියානු රජයට අයිති එරට නාවික හමුදාවට ආයුධ සකසන Mezagon Dock shipbldesr සමාගමට විකිණීමට එරෙහිව අද දින පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද ස්වාධීන වහන්සේ සහ දේශප්‍රේමි ජාතික පෙරමුණේ නායක නුවන් බෙල්ලන්තුඩාව මහතා විසින් ජනාධිපතිට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට මෙන්ම බිමල් රත්නායක ඇමතිවරයාට ලිපි යොමු කර තිබේ.

දුමින්ද දිසානායක අත්අඩංගුවට

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් රටට ඉතා බරපතළ ලෙස බලපෑම් කළ හැකියි.. රට IMF එකට හේත්තු කළේ සැලසුම් සහගතවමයි - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක (වීඩියෝ)

ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් රටට ඉතා බරපතළ ලෙස බලපෑම් කළ හැකි බවත්, මෙය හෙළිකිරීමට ශ්‍රී ලංකා රජය අකමැති වී ඇත්තේ එනිසාම විය හැකි බවත්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා පවසයි.

LTTE කොටි ත්‍රස්තයන් නිර්මාණය කළේ ඉන්දියාව බව සනාථ කරමින් ඉන්දීය හමුදා නිලධාරියෙකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.. සන්තෝෂ් ජා සඟවන ඉන්දියාවේ දෙබඩි ප්‍රතිපත්තිය මෙන්න.. (වීඩියෝ)

කාෂ්මීරයේ ගැටුම්වලදී සහ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන් සමග පැවති යුද්ධයේ දී වඩාත් අසීරුම යුද්ධය බවට පත්ව තිබුනේ එල්.ටී.ටී.ඊ ය සමග පැවති යුද්ධය බව ඉන්දීය විශේෂ බලකායේ සේවය කල මේජර් අබේ සපෘ පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.