ගල් අඟුරු ටෙන්ඩර් දෙකම නීති විරෝධීයි - පුබුදු ජයගොඩ..
ගල් අඟුරු නැව් 5ක, මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක හදිසි ස්ථානීය ටෙන්ඩරයක් ලබා දී තිබෙන සමාගමද ලියාපදිංචි වීමට සුදුසුකම් සපුරා නොමැති බව විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කරයි.
විගණන වාර්තාවේ ඉතාම පැහැදිලිව සඳහන්ව ඇති ආකාරයට එම ටෙන්ඩරය සඳහා ලියාපදිංචි වීමටවත් එම සමාගම අවම සුදුසුකම් සපුරා නොමැති බවද ඔහු විසින් පෙන්වා දෙයි.
ගල් අඟුරුවලින් සිදුවී ඇති පාඩුව විදුලි ගාස්තුවට එකතු කිරීමට එරෙහි නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරි කාලයේදී අධිකරණය හමුවට යන බවද ඔහු සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මෙසේද පැවසුවේය.
"2026/26 වර්ෂ සඳහා ගල් අඟුරු සැපයීමට ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගමට ලබාදුන් ගල් අඟුරු නැව් 25ක දිගුකාලීන ටෙන්ඩරය මෙන්ම, එය ගල් අඟුරු සැපයීමට අසමත් වන විට තරන්ජොට් රිසෝසර්ස් සමාගමට ලබාදුන් ගල් අඟුරු නැව් 5ක හදිසි ස්ථානීය ටෙන්ඩරය යන ටෙන්ඩර් ගිවිසුම් දෙකම නීති විරෝධීයි.
2026 අප්‍රේල් 02 නිකුත් වූ ජාතික විගණන කාර්‍යාලයේ වාර්තාවෙන්ද තහවුරු කර ඇති ආකාරයට ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගමට ටෙන්ඩරය ලබාදී ඇති ආකාරය අනීතිකයි.
නීතියට අනුව ලංසු ලේඛන යැවිය යුත්තේ ලියාපදිංචි සමාගම්වලට පමණයි. මේ සමාගම ලියාපදිංචිය සඳහා අයැදුම්පත් ලබාදී ඇත්තේ 2025 අගෝස්තු 19 වැනිදා. ඔවුන් ලියාපදිංචි ගාස්තු ගෙවා රිසිට්පතක් ගෙන තිබෙන්නේ අගෝස්තු 22 වැනිදා. නමුත් අගෝස්තු 18 වැනිදා ඔවුන්ට විද්‍යුත් තැපෑලෙන් ලංසු ලේඛන යවා තිබෙනවා. එය නීති විරෝධීයි.
ඒ වගේම මේ ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගම සමග ටෙන්ඩර් ගිවිසුම අත්සන් කර තිබෙන්නේ 2025 නොවැම්බර් 19 වැනිදා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව ගිවිසුම සඳහා අනුමැතිය ලබාදී තිබෙන්නේ ඊට පසුදින, නොවැම්බර් 20 වැනිදා. නීතිපති අනුමැතියක් නොමැතිව අත්සන් කළ ගිවිසුමක නෛතික වලංගුතාවයක් නෑ. එය ශුන්‍ය වෙනවා.
මේ හේතුව නිසා අදාල සමාගම දඩ ගෙවීම පවා මගහැරීමේ ඉඩක් තිබෙනවා.
ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් සමාගම නියමිත ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු අවශ්‍ය ප්‍රමාණය නිසි කලට ලබාදීමට අසමත්වීම නිසා 2026 මාර්තු 19 වැනිදා තරන්ජොට් රිසෝසර්ස් සමාගමට ගල් අඟුරු නැව් 5ක, මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක හදිසි ස්ථානීය ටෙන්ඩරයක් ලබා දුන්නා.
විගණන වාර්තාවේ ඉතාම පැහැදිලිව සඳහන්ව ඇති ආකාරයට එම ටෙන්ඩරය සඳහා ලියාපදිංචි වීමටවත් එම සමාගම අවම සුදුසුකම් සපුරා නැහැ.
කිලෝ ග්‍රෑමයකට කිලෝ කැලරි 5900ට වැඩි තාපජනක ධාරිතාවයෙන් යුතු ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක්වත් ගෙවුණු මාස 36 තුළ වෙළඳාම් කර අත්දැකීමක් තිබීම මූලික නිර්නායකයක්.
නමුත් එම සමාගම එම ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු බිඳක්වත් ගෙවුණු මාස 36 තුළ විකුණා නෑ. ඒ නිසා තරන්ජොට් සමාගමේ ලියාපදිංචිය අනීතිකයි. ඒ නිසාම එම සමාගමට දුන් හදිසි ටෙන්ඩරයත් නීතිවිරෝධීයි.
මෙම ගල් අඟුරු ටෙන්ඩර් දෙකම නෛතික වශයෙන් අවලංගු බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා, මෙහි පාඩුව විදුලි ගාස්තුවට එකතු කිරීමට එරෙහි නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරි කාලයේදී අධිකරණය හමුවට යනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..