News Category
From Date
To Date
Maximum Number of Result

දුම්රිය ධාවනාගාර පහෙන් දෙකක රියැදුරන් අසූ දෙනෙකු ආරම්භ කර තිබෙන වැඩ වර්ජනයෙන් කොටුව, මරදාන ඇතුළු දුම්රිය ස්ථානවල මගීහු දැඩි අපහසුතාවන්ට මුහුණ දී සිටිති.

යාපනය චුන්නකම් පොලිස් වසමේ ඊවිනෙයි ප්‍රදේශයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අපරාධයන් සඳහා යොදාගන්නා බවට සැකකෙරෙන තියුණු ආයුධ සමගින් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි.

ලබන ඔක්තෝබර් මාසයේ සිට කාර්මික සහ බර වාහන ආනයනයට අවසර දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න හා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු රැසක් ඊයේ (09දා) ජාතික ජන බලවේගයේ මහරගම රැලියකට එක්වූහ.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් අමතරව රුපියල් කෝටි 875 ක පරිපූරක මුදලක් ගෙවිය යුතු බවට වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.

ඉකුත් දා ස්වාධීන රූපවාහිනී නාලිකාවේ පැවති සංවාදයක දී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ ගණිකා වෘත්තිය මෙරට දැනුත් නීතිගත වී ඇති බවයි.

ජාතික ජන බලවේගය හා එක් නොවන ලෙස හිටපු පොලිස් නිලධාරින් වන රවී විද්‍යාලංකාර හා ශානි අබේසේකර යන මහත්වරුන්ට විවිධ බලපෑම් එලවී ඇති බව එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම්දී තිබේ.

ඉදිරියේ දී පිහිටුවනු ලබන සමගි ජන බලවේග රජයක් යටතේ 13 වන සංශෝධනය ‍ක‍්‍රියාත්මක කරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.


ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.