News Category
From Date
To Date
Maximum Number of Result

අඛණ්ඩව තෙවන වරටත් ඉන්දීය අගමැති ධුරයට පත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය අද (09) නවදිල්ලි අගනුවරදී පැවැත් වෙයි.

විදේශ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ක්‍රිකට් කණ්ඩායමේ 20-20 ලෝක කුසලාන බලාපොරොත්තුව සුන්වීම කණගාටුවට කරුණක් බවයි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.

පසුගිය (6) දා රාත්‍රී ස්වාධීන රූපවාහිනී නාලිකාවේ තුලාව වැඩසටහනින් සූදානම් කළ සජිත් - අනුර අතර විවාදයට අනුර ආවත් සජිත් නොපැමිණීම නිසා සමාජ මාධය තුළ ‘සජිත් බියගුල්ලෙක්’ ලෙස හඳුන්වමින් මේ වනවිට විවිධ අදහස් පළවෙමින් තිබේ.

ජනමත විචාරණයක් හරහා ජනාධිපතිගේ ධූර කාලය වසර දෙකකින් දිගු කර ගන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාලය ද ඒ අනුව වසර දෙකකින් දීර්ඝ කරගත යුතු බවට කොන්දේසියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති බව ‘ඉරිදා මව්බිම’ සඳහන් කරයි.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය නාමයෙන් සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම සඳහා ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නඩු තීන්දුව මෑත කාලයේ ලබාදුන් විශ්ෂ්ඨතම නඩු තීන්දුවක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සඳහන් කරයි.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත, රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත හා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් සම්මත වුවහොත් පාර්ලිමේන්තුව සතුව තිබෙන රාජ්‍ය මූල්‍ය බලය සහ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම මේ වන විට ජනාධිපති, මුදල් ඇමති, ආර්ථික කටයුතු ඇමති යන භූමිකා තුනම ඉටු කරන රනිල් වික්‍රමසිංහ මහතා අතට පත්වන බවත් අද වන විට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන එන සියලු විනාශකාරී අණපනත්වලට අත ඔසවන “සිග්නල් කණු” බවට පත්ව සිටින පොහොට්ටු මන්ත්‍රී පිරිස එමඟින් මේ රට යළි ගොඩගත නොහැකි අනතුරකට ඇද දමන බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන් සමරවීර මහතා පෙන්වා දෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය” නමැති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර එහි වගන්ති රැසක් ව්‍යවස්ථාවට නොගැළපෙන බව ද සමස්තයක් ලෙස පනත් කෙටුම්පත නීතියක් බවට පත් කළ නොහැකි බවටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමරිකානු ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවා නුදුරේදී මෙරට සේවාවන් ආරම්භ කරනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම සඳහන් කරයි.


ප්‍රධාන පුවත්

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.