News Category
From Date
To Date
Maximum Number of Result

මෙවර ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා නිසැක වශයෙන්ම ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.

විදුලිබල පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පෙත්සම්කාර පර්ශ්වයේ ඇතමුන් කරුණු ඉදිරිපත්කර තිබුනේ විදුලිබල මණ්ඩලය විකිණීමට එරෙහිව නොව තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් තහවුරුකර ගැනීම සඳහා පමණක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ආණ්ඩුව මේ වන විට මෙරට ආර්ථික කලමණාකරණය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළීමට නැතෙහාත් අත්තනෝමතික ලෙස ඒකාධිපතිකරණය කිරීමට පනත් 4ක් ගෙනවිත් ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් සිදුකෙරුණි.

බුද්ධ චරිතය හා සම්බුද්ධ දේශනාවන් විකෘති කරමින් කටයුතු කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයාගේ සාවද්‍ය හා විකෘති දේශනාවන් ප්‍රවර්ධනය කිරීම හා මහා විහාර ධර්ම සම්ප්‍රදායන්ට හා ක්‍රිපිටක දේශනාවන්ට පටහැනිව බුදුන් වහන්සේ ලංකාවේ ඉපදීම යන සාවද්‍ය මතවාදය ප්‍රචාරණය කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා හේතුවෙන් බදුල්ලගම්මන සුමනසාර හිමියන් වෙල්ලස්ස බින්තැන්න තෙපළාතේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් ඉවත් කළ බව මල්වතු මහා විහාරයෙන් දැනුම් දී තිබේ.

පනත් පිට පනත් ගෙනෙමින් රටේ සාරය දෙස් විදෙස් ජාවාරම්කරුවන් අතට පත්කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, එම කාර්ය පරිසමාප්ත කිරීම සඳහා තවත් පනත් ත්‍රිත්වයක් පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසන්නේ ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා “Starlink” වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබාදී ඇති බවයි.

යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරතවෙමින් සිටියදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (06) දහවල් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

"යෝජිත විදුලි පනත ඇතුළු රටට එරෙහි පනත් වහා හකුලා ගනු" යන මැයෙන් වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, ජාතික සංවිධාන සහ බහුජන සංවිධාන එක්ව 2024/06/03 දින සිට පාර්ලිමේන්තු වටරවුම අසලදී පවත්වන අඛණ්ඩ සත්‍යග්‍රහය අද(6) දිනයේ ද පැවැත්වේ.


ප්‍රධාන පුවත්

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.