News Category
From Date
To Date
Maximum Number of Result

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ලැබුණු ජාත්‍යන්තර ආධාර පිළිබඳව මාධ්‍ය වාර්තාකරණයේදී රුසියානු මානුෂීය ආධාර නොසලකා හැරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය සිය අවධානය යොමු කර ඇති බව වාර්තාවේ.

දකුණු පළාත් මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයට අනුව ලබන වසරේ මැයි මස 01 දින වෙසන් පුන් පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන දිනයේදී විසා නැකත නොයෙදෙන බැවින් වෙසක් පොහෝ දිනය මැයි මස 30 වැනිදාට යොදා ගැනීම සුදුසු යැයි තීරණය කළ බව ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන්වහන්සේලා ජනපති අනුර කුමාර දිසානායක වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වර කියවීමද වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් ව තිබේ.

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ප්‍රකාශයට පත් කළ 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස ලබා දීමට නියමිතව තිබූ සේවක වැටුපෙන් මූලික වැටුප් 05ක ප්‍රමාණය ලබා දෙන ලෙස බල කරමින් ගුවන් තොටුපොළ සේවක වෘත්තීය සමිති අද (29) උද්ඝෝෂණයක නිරත විය.

අග්නිදිග ආසියානු කළාපයේ ස්ථාවරත්වය සඳහා සැලකිය යුතු වර්ධනයක් ලෙස, කාම්බෝජය සහ තායිලන්තය චීනයේ දැඩි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් පසුව සටන් විරාමයකට එකඟ වී ඇත.

තමන් ඇතුළු හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකුට එරෙහිව බ්‍රිතාන්‍ය රජය පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් ගෙන ඇති නිල ස්ථාවරය පිළිබඳව තවදුරටත් අපේක්ෂාවෙන් පසුවන බව ෆ්ලීට් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ප්‍රකාශ කරයි.

දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක ඖෂධ හිඟය ඉස්මතු වන බවත් ඒ අතර නිර්වින්දන, ප්‍රතිජීවක, අක්ෂි ශල්‍යකර්මවලින් පසු ලබාදෙන ඖෂධ සහ කුඩා දරුවන්ට ලබාදෙන වලිප්පුව පාලන, ශ්වසන රෝග පාලන ඖෂධ ඇතුළු ඖෂධ රැසක් පවතින බවත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

නව පාසල් වාරය ආරම්භ කිරීමට තවත් සතියක්පමණක් තිබෙන නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය කාලසටහන් සැකසීමට හා ඒවා අනුමත කර ගැනීමට අවශ්‍ය උපදෙස් කොට්ඨාස සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට මෙතෙක් ලබා දී නැතැයි විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පවසයි.


ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.