News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික ජන බලවේගයට බලය හිමි හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් කටයුතු කරන හර්ෂ මනෝජ් ගාර්ධිය පුංචිහේවා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විපක්ෂයේ සිටීමට වඩා ආණ්ඩු කිරීම තමන්ට ඉතා සහනදායී බවත්, දේශපාලන සතුරන් එල්ල කරන ප්‍රහාර හමුවේ නිහඬව නොසිට සුදුසු මොහොතක පෙරළා ප්‍රහාර එල්ල කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ උත්සවයක් අමතමිනි.

තමන් නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකු නොවන බවත්, තමන් ගන්නා ඕනෑම තීරණයක් වැරදි සහගත නම් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ පූර්ණ අයිතිය ඕනෑම අයෙකුට පවතින බවත් නීතිපති ජනාධිපති නීතිඥ පරින්ද රණසිංහ මහතා අවධාරණය කරයි.

අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන අවස්ථාවේදී අනුශාසනාවක් පවත්වමින් පූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් පවසා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තම රටට සහ සංස්කෘතියට දක්වන ලැදියාව ශ්‍රී ලංකාවේ පාලකයන්ට කදිම ආදර්ශයක් බවයි.

ගෝකන්න විහාරස්ථානය ලෙස අතීතයේ හැඳින්වූ ස්ථානයේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානය මෙරට අතීත උරුමයක් බවත්, අද ඒ පිළිබඳව අදහස් දක්වන විවිධ පිරිස් අපට උරුමයක් නැති අගක් මුලක් නැති පිරිසක් යැයි තමන්ම හුවාදැක්වීමට කටයුතු කිරීම ඛේදවාචකයක් බවත් පූජ්‍ය අහුංගල්ලේ විමලධම්ම තිස්ස හිමි පවසති.

ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ප්‍රතිපත්තිය සෑදීමට ගත් ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව පවසයි.

වර්තමාන නීතිපතිවරයාට ධුරයෙන් වහා ඉවත් වන ලෙස බලකරමින් සිවිල් සංවිධාන හා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අද (21) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ අධිකරණය ආසන්නයේදී නිහඬ විරෝධතාවයක නිරත වුණි.

ත්‍රිකුණාමලය බදුපිළිම සිද්ධියේ දී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිරගත කිරීමට කුමන්ත්‍රණකාරීව වැඩ කළේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව බවත්, මෙම ඉඩමට පූජා ඔප්පුවක් ඇති බවත්, මෙහිදී සිදුවූයේ මේසයක් මත බුදුපිළිමයක් තැන්පත් කිරීම පමණක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

6 වසරේ දරුවන්ගේ දෙමව්පිය එකමුතුව නම් සවිධානයක සමාජිකයකු පවසන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නොමැති වීමෙන් තම දරුවන්ට පරාජය අත්වී ඇති බවයි.


ප්‍රධාන පුවත්

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.