මැයි 18 ‘ජනසංහාර දිනයක්’ ලෙස නම් කරන්නැයි ගජේන්ද්‍රකුමාර් විජේගෙන් ඉල්ලයි..
දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් ශ්‍රී ලංකාවේ යුද්ධය නිමා වූ මැයි 18 වැනිදා ‘මුල්ලිවයික්කාල් ජනසංහාර අනුස්මරණ දිනය’ ලෙස නම් කරමින් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ නිල යෝජනාවක් සම්මත කරන ලෙස තමිල්නාඩුවේ අභිනව මහ ඇමති ලෙස පත්වූ ජෝසප් විජේගෙන් ඉල්ලා තිබේ.
මහ ඇමති ජෝසප් විජේ වෙත ලිපියක් යොමු කරමිනුයි ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.
එසේම ප්‍රාන්ත සභාවේ පළමු සැසිවාරයේදීම මෙම යෝජනාව ගෙන එන ලෙස ඔහු ඉල්ලා ඇති අතර, ජෝසප් විජේ මහ ඇමති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුවයි ඔහු මෙම ලිපිය ඔහු යොමු කර තිබෙන්නේ.
එසේම ඔහු එම ලිපියේ සඳහන් කර ඇත්තේ, 2013 වසරේදී ද තමිල්නාඩු ප්‍රාන්ත සභාව ශ්‍රී ලංකාවේ සිදුවීම් ‘ජනසංහාරයක්’ ලෙස හඳුන්වමින් යෝජනාවක් සම්මත කළ බවයි.
කෙසේ නමුත්, ශ්‍රී ලංකා රජය මෙම ‘ජනසංහාර’ චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි.
යුද අපරාධ ඔප්පු කිරීමට වඩා ‘ජනසංහාරය’ (Genocide) යන පදය නෛතිකව තහවුරු කිරීම අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් බව ජාත්‍යන්තර නීති විශේෂඥයන් මතයයි.
කෙසේ වෙතත්, මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමති කාර්යාලය මෙන්ම තමිල්නාඩු රජය ද මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..