News Category
From Date
To Date
Maximum Number of Result

"රුසියානු-චීන සබඳතා, අපගේ විස්තීර්ණ හවුල්කාරිත්වය සහ උපායමාර්ගික සහයෝගීතාවය ඉතිහාසයේ හොඳම කාල පරිච්ඡේදය පසුකරමින් සිටිනවා මෙන්ම අපි ශක්තිමත් පදනමක් සහිතව නැවත නැවතත් මේ බව ප්‍රකාශ කර තිබෙනවා." වැල්දිමිර් පුටින් පැවසීය. ඔවුන් "සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ එකිනෙකාගේ පරමාධිපත්‍යයට ගරු කිරීම යන මූලධර්ම මගින් මඟ පෙන්වනු ලැබේ" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් ජනාධිපති Luis Arce, හිටපු ජනාධිපති Evo Morales සහ බොලිවියානු ජනතාවට ආචාර පුදකර සිටින බව ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය පවසයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව තුළින් එම වෘත්තීය සමිති බලාපොරොත්තුවන දේ සිදුකර දී ඇති බවත්, දෙපාර්තමේන්තුව තුළින් ඉෂ්ඨ කරගැනීමට නොහැකි දේ මුදල් අමාත්‍යංශය හා මුදල් අමාත්‍යවරයා යටතේ ගතයුතු තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දැනුවත් කර ඇති බවත් ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ ඊයේ (04) පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවතියි.

"ව්‍යවසායකත්ව රාජ්‍යයක් - සතුටු දැයක්" නිර්මාණය කිරීමේ සජ්ජන අරමුණ පෙරදැරි කරගත් "සර්වජන බලය උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත" ජනතා සංවාදයට ඉදිරිපත් කිරීම 2024 ජූලි මස 06 වැනි සෙනසුරාදා එනම් හෙට පෙ. ව. 10:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී සිදු කෙරේ.

මෙවර විද්‍යා පිඨ සඳහා සිසුන් බඳවා ගැනීමේ දී සිසුන්ට බරපතල අසාධාරණයක් සිදුව ඇති බවත්, විද්‍යාපීඨ සඳහා බදවා ගැනීම මෙතෙක් සිදුකළ ක්‍රමයට පිටින් ගොස් පෞද්ගලික සමාගමක් වෙත පවරා දීම නිසා විනිවිදභාවයක් නොමැති වී ඇති බවත් විද්‍යාපීඨ කතිකාචාර්යවරුන්ගේ වෘත්තීය සංගමය චෝදනා නගයි.

ජනමත විචාරණයකින් තොරව එලඹෙන ජනපතිවරණය කල් දැමීමට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණය කරනතුරු නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලද සී.ඩී. ලේනව සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට අධිකරණය මගින් තමාට බලය පවරා ඇති හෙයින් ඊට එරෙහිව බාධා නොකරන ලෙස එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය.


ප්‍රධාන පුවත්

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)

කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.