News Category
From Date
To Date
Maximum Number of Result

2016 දී පැවති යහපාලන ආණ්ඩුව විසින් උතුර දෙකට බෙදා සීමානීර්ණය කර වව්නියාව දිස්ත්‍රික්කයේ ගම්මාන 6ක් උතුරු මැද පළාතට බෙදාදුන් බවත්, ඒ පිළිබඳව දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාට වව්නියාව දිසිත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්චාවක දී දැනුවත් කළ බවත් ත්‍රෛයිභාෂා පෙරමුණේ නියෝජ්‍ය නායක සුනිල් කුමාර මහතා පවසයි.

සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් අද (04) සහ හෙට (05) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කළ බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ දිනවල වෘත්තීය අයිතිවාසිකම් හා ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් විවිධ වෘත්තිකයන් වෘත්තීය අරගලවල නිරත වී සිටින බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම වෘත්තිකයන් වෙත ලැබී ඇති අයිතියක් බවත් ලංකා ජනතා පක්ෂයේ උප සභාපති වෛද්‍ය ගාමිණී ජයවීර මහතා පවසයි.

අල්ලස දූෂණය නාස්තියට එරෙහිව පුරවැසි බලයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා අල්ලස් දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ කොළඹ මහනගර සභාවට අයත් වාහන නැවතුම්පළවල් වලින් අයවිය යුතු ලක්ෂ 2500කට වැඩි හිඟ මුදලක් ඇති බවය.

අරගල සමයේ ගාලු මුවදොර ගැටුමේදී සිදු වූ පහරදීමෙන් පසු ‘මාව හොස්පිටල් දාන්න අයියො’ යයි පවසමින් උදවු ඉල්ලීම හේතුවෙන් සමාජ ජාලවල ඉමහත් ජනප්‍රියත්වයට පත් කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත‍්‍රී මහින්ද කහදගම මහතා එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වී තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසිසේත්ම විකිණීමට කටයුතු නොකරන බවත් සිදු කරන්නේ ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

උතුරේ වෙසෙන හඬක් නොමැති සිංහල මිනිසුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් රජයෙන් සිදුවිය යුතු කාරණා ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත සංදේශයක් බාර දීමට සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ(2) කටයුතු කළහ.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසනයේ කලාප සංවිධායකයකු ලෙස පත්කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් දයාසිරි ජයසේකර මහතාට අධිකරණය ලබාදුන් තීන්දුව පිළිගන්නා බව පක්ෂයේ හිටපු සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.


ප්‍රධාන පුවත්

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)

කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.