News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ අවසන් කටයුතු එළැඹෙන බදාදා (21) ප.ව. 4ට වාද්දූව මහජන ක්‍රීඩාංගණයේ දී සිදුකිරීමට කටයුතු යොදා තිබේ.

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතා තම පාර්ශවයේ සටන් සගයෙක් නොවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දෙවානන්ද සුරවිර මහතා සඳහන් කරයි.

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතා සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත තම සමාජ මාධ්‍ය ගිණුමේ තබා ඇති සටහනක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතා බහක් නිර්මාණය වී ඇති අතර, තම සමාජ ජාල ගිණුමේ තැබූ සටහනකින් ඔහු පවසන්නේ නන්දන ගුණිතලක මහතාගේ වටිනාකම තමාට අනුව ලකුණු බිංදුවක් බවය.

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතා සම්බන්ධයෙන් අමාත්‍ය කේඩි ලාල් කාන්ත මහතා අදහස් පළ කරයි.

අභාවප‍්‍රාප්ත හිටපු ඇමති නන්දන ගුණතිලක මහතා සම්බන්ධයෙන් හිටපු ඇමති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් තබන ලද සටහනක් මෙහි දැක්වෙයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

පරාජිත දේශපාලන ව්‍යාපාර රට තුළ යළිත් ජාතිවාදයක් ඇති කිරීමට උත්සාහ දරන බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජනාධිපතිවරයා විසින් නතර කිරීමට කියද්දී ජාතික ජනබලවේගයේ කොටස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මෙ කෙසේ හෝ කළ යුතුයැයි උද්ඝෝෂණය කරන බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික ජනබලවේගයේ නායකයා නොවෙයිදැයි දැන් ගැටලුවක් ඇති වී ඇති බවත් ඒකාබද්ධ ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් මහතා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උතුරට ගොස් පැවසූ කතාවෙන් නොකියා කියන්නේ උතුරු පළාත එක් ජන කොටසකට පමණක් අයිති බව හා උතුරේ වැඩ උතුරෙන් බලාගත්තුදෙන් දකුණේ වැඩ අපි බලාගම්මු යැයි හැඟවෙන කතාවක් බවත්, මෙවැනි ප්‍රකාශ නිසා සිදුවන්නේ දකුණෙන් උතුරට යන ජනතාව කෙරෙහි වෛරී සහගත හැගීමක් දෙමළ ජනතාව තුළ ඇති වීම බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.


ප්‍රධාන පුවත්

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.