විසඳුම් නොදුන්නොත් කොළඹට එනවා - ගොවීන්ගෙන් අනතුරු ඇඟවීමක්..
සිය සාධාරණ ඉල්ලීම්වලට කඩිනම් විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී කොළඹට පැමිණ දැවැන්ත විරෝධතාවල නිරත වන බව ගොවීහු ආණ්ඩුවට අනතුරු අඟවති.
ගලෙන්බිඳුණුවැව, දුටුවැව පරණගම ගැමුණු එක්සත් ගොවි සංවිධානය පෙන්වා දෙන්නේ, පොහොර හිඟය, අධික මිල සහ වී මිල පහත වැටීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවලට මුහුණදී සිටින බවය.
කුඹුරු සඳහා අවශ්‍ය පොහොර වෙළෙඳපොළේ නොමැතිවීම සහ පවතින පොහොරවල මිල රුපියල් 9,000 සිට රුපියල් 18,500 දක්වා අධික ලෙස ඉහළ යාම තමන්ට කිසිසේත්ම දරාගත නොහැකි බව එම ගොවි සංවිධානයේ සභාපති කේ. හේමරත්න මහතා සඳහන් කරයි.
මීට අමතරව, වත්මන් වෙළෙඳපොළ තුළ වී කිලෝවක් රුපියල් 100-105 වැනි ඉතා අඩු මුදලකට අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ගොවිතැන සඳහා වැය කළ පිරිවැය පවා පියවා ගැනීමට නොහැකිවී ඇතැයි ගොවීහු මැසිවිලි නඟති.
මෙම අධික පිරිවැය සහ ලැබෙන අඩු ආදායම හේතුවෙන් වී ගොවීන් මෙන්ම එළවළු ගොවීන් ද ඉදිරියේදී ගොවිතැනෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමේ බරපතළ අවදානමක් මතුව තිබේ.
ගොවි ජනතාව රජයෙන් ඉල්ලා සිටින්නේ පොහොර සහනාධාරය නිසි පරිදි කඩිනමින් ලබාදීමට සහ පොහොර මිල කඩිනමින් අඩු කිරීමට පියවර ගන්නා ලෙසටය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..