News Category
From Date
To Date
Maximum Number of Result

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි පවසන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු රාශිියක් පවතින බවය.

පසුගිය ජනාධිපතිවරණයේදී සියයට හතළිස් තුනක්ව පැවති රජයේ ඡන්ද ප්‍රතිශතය, අද වන විට සියයට විස්ස දක්වා අඩු වී ඇති බව ආණ්ඩුවේම පාර්ශ්ව විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වන ශ්‍රේණිය සඳහා ප්‍රකාශයට පත් කළ ඉංග්‍රීසි භාෂා මොඩියුල කිහිපයකට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි පවතී නම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටනියෝග කළාය.

රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය යළිත් දීර්ඝ කර තිබේ.

සිය සාධාරණ ඉල්ලීම් මුල්කොට ගනිමින් මාරාන්තික උපවාසයක නියැලෙන ගුරු සංවර්ධන නිලධාරීන් මුණගැසීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු පිරිස අද (1) කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය භූමියට පැමිණියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබන 3 වැනිදා පෙනී සිටින ලෙස දැනුම්දී ඇතැයි වාර්තා වේ'

දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආර්ථික මධ්‍යස්ථාන පහක් පරිපාලන ස්වභාවයෙන් ඉවත් කර වෙනම සමාගමක් වෙත පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළ කරන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳසැල් හිමියන් විසින් විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට දැනුම් දී තිබේ.

මාරාන්තික උපවාසයක නිරත පාසල් සංවර්ධන නිලධාරීන් අද (01) වැනිදා වන විට හත් වැනි දිනටත් සිය උපවාසයේ නිරතව සිටියි.

වර්තමානයේ මහා සංඝරත්නයට, සංස්කෘතියට හා ඉතිහාසය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට ලැබෙන සැලකිලි සම්බන්ධයෙන් සියලු දෙනාට ගැටලුවක් පැනනැගී ඇති බව අස්ගිරිය පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියෝ පවසති.


ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.