රුපියල දුර්වල වීම නිසා දේශීය උද්ධමනය, ඉන්ධන හා බලශක්ති පිරිවැය ඉහළ යා හැකි බවට පුරෝකථන..
අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 330 සීමාව ඉක්මවා යාමෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා රුපියල මත දිගින් දිගටම පවතින පීඩනය යැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (Joint Apparel Association Forum) මහලේකම් යොහාන් ලෝරන්ස් අවධාරණය කරයි.
රුපියල දුර්වල වීම හේතුවෙන් ඉන්ධන සහ බලශක්ති වැනි පිරිවැය තවදුරටත් ඉහළ යන අතර, එය දේශීය උද්ධමනය ඉහළ යාමට ද හේතු වන බවයි ඔහු ඉංග්‍රීසි පුවත්පතකට පවසා ඇත්තේ.
"කෙටි කාලීනව බලන විට, රුපියල දුර්වල වීම අපනයනකරුවන්ට වාසියක් වන්නේ එය අපනයන වඩාත් තරගකාරී කරන නිසයි. කෙසේ වෙතත්, එය රුපියල්වලින් ගෙවිය යුතු පිරිවැය ඉහළ යාමට ද හේතු වන අතර, එමගින් අර කියපු වාසි නැති වී යා හැකියි. අපට අවශ්‍ය කරන්නේ යථාර්ථවාදී මට්ටමක පවතින ස්ථාවර මුදල් ඒකකයක්," යනුවෙන් ඔහු පවසා තිබේ.
ශ්‍රී ලංකා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක (MSME) මණ්ඩලයේ විධායක කමිටු සාමාජික සෙල්වරාජා තුමිලන් මෙම පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ, ඉන්ධන ආනයනය සීමා කිරීම, බලශක්ති ආරක්ෂණ භාවය ශක්තිමත් කිරීම, විදේශ විනිමය සංචිත මත පවතින පීඩනය ලිහිල් කිරීම සහ දිගුකාලීන ආර්ථික හා පාරිසරික තිරසාරභාවයට සහය වීම සඳහා ශ්‍රී ලංකාව විකල්ප බලශක්තිය කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර විද්‍යුත් වාහන වෙත මාරුවීමේ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බවයි.
කලාපයේ ඉහළම නිෂ්පාදන පිරිවැය ව්‍යුහයන්ගෙන් එකක් පවත්වා ගෙන යන අතරතුර ශ්‍රී ලංකාවට තිරසාර කාර්මිකකරණයක් ළඟා කර ගත නොහැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ඔහුට අනුව, ඉහළ බලශක්ති මිල ගණන්, මූල්‍ය පිරිවැය (ණය පොලී), බදු, ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්‍රයේ පවතින අකාර්යක්ෂමතාවය සහ ප්‍රතිපත්තිමය අස්ථාවරත්වය හේතුවෙන් දේශීය කර්මාන්ත සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ගේ තරගකාරීත්වය අඛණ්ඩව පහළ වැටී, ආයෝජන අධෛර්යමත් වී, අපනයන දුර්වල වෙමින් පවතින අතර ඒ මත දැඩි පීඩනයක් එල්ල වී ඇති බව සඳහන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..