රුපියල දුර්වල වීම නිසා දේශීය උද්ධමනය, ඉන්ධන හා බලශක්ති පිරිවැය ඉහළ යා හැකි බවට පුරෝකථන..
අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 330 සීමාව ඉක්මවා යාමෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා රුපියල මත දිගින් දිගටම පවතින පීඩනය යැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (Joint Apparel Association Forum) මහලේකම් යොහාන් ලෝරන්ස් අවධාරණය කරයි.
රුපියල දුර්වල වීම හේතුවෙන් ඉන්ධන සහ බලශක්ති වැනි පිරිවැය තවදුරටත් ඉහළ යන අතර, එය දේශීය උද්ධමනය ඉහළ යාමට ද හේතු වන බවයි ඔහු ඉංග්‍රීසි පුවත්පතකට පවසා ඇත්තේ.
"කෙටි කාලීනව බලන විට, රුපියල දුර්වල වීම අපනයනකරුවන්ට වාසියක් වන්නේ එය අපනයන වඩාත් තරගකාරී කරන නිසයි. කෙසේ වෙතත්, එය රුපියල්වලින් ගෙවිය යුතු පිරිවැය ඉහළ යාමට ද හේතු වන අතර, එමගින් අර කියපු වාසි නැති වී යා හැකියි. අපට අවශ්‍ය කරන්නේ යථාර්ථවාදී මට්ටමක පවතින ස්ථාවර මුදල් ඒකකයක්," යනුවෙන් ඔහු පවසා තිබේ.
ශ්‍රී ලංකා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක (MSME) මණ්ඩලයේ විධායක කමිටු සාමාජික සෙල්වරාජා තුමිලන් මෙම පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ, ඉන්ධන ආනයනය සීමා කිරීම, බලශක්ති ආරක්ෂණ භාවය ශක්තිමත් කිරීම, විදේශ විනිමය සංචිත මත පවතින පීඩනය ලිහිල් කිරීම සහ දිගුකාලීන ආර්ථික හා පාරිසරික තිරසාරභාවයට සහය වීම සඳහා ශ්‍රී ලංකාව විකල්ප බලශක්තිය කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර විද්‍යුත් වාහන වෙත මාරුවීමේ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බවයි.
කලාපයේ ඉහළම නිෂ්පාදන පිරිවැය ව්‍යුහයන්ගෙන් එකක් පවත්වා ගෙන යන අතරතුර ශ්‍රී ලංකාවට තිරසාර කාර්මිකකරණයක් ළඟා කර ගත නොහැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ඔහුට අනුව, ඉහළ බලශක්ති මිල ගණන්, මූල්‍ය පිරිවැය (ණය පොලී), බදු, ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්‍රයේ පවතින අකාර්යක්ෂමතාවය සහ ප්‍රතිපත්තිමය අස්ථාවරත්වය හේතුවෙන් දේශීය කර්මාන්ත සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ගේ තරගකාරීත්වය අඛණ්ඩව පහළ වැටී, ආයෝජන අධෛර්යමත් වී, අපනයන දුර්වල වෙමින් පවතින අතර ඒ මත දැඩි පීඩනයක් එල්ල වී ඇති බව සඳහන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..
කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..