News Category
From Date
To Date
Maximum Number of Result

කියුබානු විප්ලවීය නායක රාවුල් කැස්ත්‍රෝට එරෙහිව ඇමරිකාව එල්ල කළ ව්‍යාජ චෝදනා කියුබාව දැඩි ලෙස හෙළා දකී..

May 21, 2026 at 03:36 PM
|

කියුබානු විප්ලවීය නායක, හමුදා ජෙනරාල් රාවුල් කැස්ත්‍රෝ රූස් මහතාට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මැයි 20 වන දින ඉදිරිපත් කරන ලද චෝදනාව කියුබානු විප්ලවවාදී රජය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප තිබේ.

කියුබානු විප්ලවවාදී රජය නිවේදයක් නිකුත් කරමින් පවසන්නේ මෙවැනි චෝදනාවක් කිරීමට ඇමරිකාවට කිසිදු නීතිමය බලයක් නොමැති බවත්, මෙය දේශපාලනමය වශයෙන් සිදුකළ නින්දිත ප්‍රකෝප කිරීමක් බවත් ය.

අදාළ නිවේදනයේ සිංහල පර්වර්තනය සහ ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කළ නිවේදය පහළින්..

කියුබානු විප්ලවවාදී රජයේ විශේෂ නිවේදනය

කියුබානු විප්ලවීය නායක, හමුදා ජෙනරාල් රාවුල් කැස්ත්‍රෝ රූස් මහතාට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මැයි 20 වන දින ඉදිරිපත් කරන ලද නින්දිත චෝදනාව කියුබානු විප්ලවවාදී රජය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන අතර එය දැඩි ලෙස හෙළා දකී.

මෙවැනි චෝදනාවක් කිරීමට ඇමරිකාවට කිසිදු නීතිමය බලයක් නොමැත. මෙය දේශපාලනමය වශයෙන් සිදුකළ නින්දිත ප්‍රකෝප කිරීමකි. ඔවුන් මේ සඳහා පදනම් කරගෙන ඇත්තේ 1996 පෙබරවාරි මාසයේදී සිදු වූ පැරණි සිදුවීමකි. එහිදී මියාමි හි පිහිටි "බ්‍රදර්ස් ටු ද රෙස්කියු" නම් ත්‍රස්තවාදී සංවිධානයට අයත් ගුවන් යානා දෙකක් කියුබානු ගුවන් සීමාව නීති විරෝධී ලෙස උල්ලංඝනය කළ නිසා බිම හෙළීමට සිදු විය.

ඇමරිකානු රජය මෙම සිදුවීමේ සැබෑ ඉතිහාසය විකෘති කරමින් සිටියි. 1994 සහ 1996 අතර කාලය තුළ මෙම සංවිධානය 25 වතාවකට වඩා ජාත්‍යන්තර නීති කඩ කරමින් කියුබානු ගුවන් සීමාවට ඇතුළු වූ අතර, ඒ පිළිබඳව කියුබාව විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට සහ ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානවලට නිල වශයෙන් පැමිණිලි කර තිබුණි. ඇමරිකාව අද ඒ සියල්ල වසා තැනීමට උත්සාහ කරයි.

එමෙන්ම, තම ගුවන් සීමාව උල්ලංඝනය කිරීම් ඉවසිය නොහැකි බවට කියුබාව දුන් අනතුරු ඇඟවීම් මෙන්ම, මෙහි බරපතල ප්‍රතිවිපාක පිළිබඳව ඇමරිකානු ජනාධිපතිවරයා වෙත සෘජුවම යැවූ පණිවිඩ ද ඔවුන් නොසලකා හැරියේය.

එදා තමන්ගේ ගුවන් සීමාව ආරක්ෂා කරගැනීමට කියුබාව ගත් පියවර, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතිවලට අනුකූලව තමන් සතු ආත්මාරක්ෂාව සඳහා වූ නීත්‍යානුකූල අයිතියකි.

මෙලෙස කියුබාව දුන් අනතුරු ඇඟවීම් ගැන එදා ඇමරිකාව නිහඬව සිටීමෙන් පැහැදිලි වන්නේ, කියුබානු රජයට සහ ජනතාවට එරෙහිව තම භූමියේ සිට ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී ක්‍රියාවලට ඇමරිකානු රජය සහය දුන් බවයි.

අතීතයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැතිව, ජාත්‍යන්තර මුහුදේදී පුද්ගලයන් 200 කට ආසන්න පිරිසක් ඝාතනය කර නැව් 57 ක් විනාශ කළ ඇමරිකානු රජය, අද කියුබාවට මෙවැනි චෝදනා එල්ල කිරීම අතිශය කුහක ක්‍රියාවකි.

කියුබානු විප්ලවීය නායකයාට එරෙහිව එල්ල කරන මෙම ව්‍යාජ චෝදනාවල සැබෑ අරමුණ, කියුබාවට එරෙහිව පනවා ඇති අසාධාරණ බලශක්ති සහ ආර්ථික අවහිර කිරීම් සාධාරණීකරණය කරමින්, අහිංසක කියුබානු ජනතාව පීඩාවට පත් කිරීමයි.

ජාත්‍යන්තර නීතිවලට ගරු කරමින් තම මව්බිම සහ සමාජවාදී විප්ලවය ආරක්ෂා කිරීමට කියුබානු ජනතාව සතු නොසැලෙන කැපවීම මෙයින් තවත් ශක්තිමත් වේ. කියුබානු ජනතාව සැමදා තම නායක ජෙනරාල් රාවුල් කැස්ත්‍රෝ රූස් මහතා සමඟ නොසැලී සිටින බව ප්‍රකාශ කර සිටිති.

මව්බිම නැතහොත් මරණය, අපි සැමදා ජයගන්නෙමු!

හවානා නුවර, 2026 මැයි 20.

STATEMENT BY THE REVOLUTIONARY GOVERNMENT

Cuba condemns the despicable accusation against the Leader of the Revolution.

The Revolutionary Government condemns in the strongest terms the despicable accusation by the United States Department of Justice announced on May 20 and proclaimed for several weeks against Army General Raúl Castro Ruz, leader of the Cuban Revolution.

The United States government lacks the legitimacy and jurisdiction to carry out this action. It is a despicable and infamous act of political provocation, based on the dishonest manipulation of the incident that led to the downing, in February 1996, of two aircraft operated by the Miami-based terrorist organization Brothers to the Rescue over Cuban airspace, which repeated violations of Cuban airspace for hostile purposes were of common knowledge.

Furthermore, the U.S. government distorts other historical truths about the event it uses as a pretext. It omits, among other details, the numerous formal complaints filed by Cuba during that period with the State Department, the U.S. Federal Aviation Administration (FAA), and the International Civil Aviation Organization (ICAO) regarding more than 25 serious and deliberate violations of Cuban airspace committed by the cited organization between 1994 and 1996, in blatant transgression of international law and U.S. legislation itself.

It also ignores public and official warnings issued by Cuban authorities about the inadmissibility of such violations of its airspace and alert messages conveyed directly to the President of the United States about the seriousness and possible consequences of such transgressions.

Cuba's response to the violation of its airspace constituted an act of legitimate self-defense, protected by the Charter of the United Nations, the 1944 Chicago Convention on International Civil Aviation, and the principles of air sovereignty and proportionality.

The United States, which has been a victim of the use of civil aviation for terrorist purposes, does not and would not permit the hostile and provocative violation of foreign aircraft over its territory and would act, as it has demonstrated, with the use of force.

The inaction of the US government in the face of the warnings issued by Cuba at the time, revealed its complicity in the planning and execution from its territory of violent, illegal and terrorist actions against the Cuban government and people, a recurring and systematic practice since the triumph of the Revolution to present day.

It is highly cynical that this accusation is made by the same government that has murdered nearly 200 people and destroyed 57 vessels in international waters of the Caribbean and the Pacific, far from the territory of the United States, with the disproportionate use of military force, for alleged links to drug trafficking operations that were never proven, which qualify as extrajudicial executions, in accordance with International Law, and murders, according to US laws themselves.  

This spurious accusation against the Leader of the Cuban Revolution adds to the desperate attempts by anti-Cuban elements to construct a fraudulent narrative in an effort to justify the collective and ruthless punishment against the noble Cuban people, through the strengthening of unilateral coercive measures, including the unjust and genocidal energy blockade and threats of armed aggression.

Cuba reaffirms its commitment to peace and its firm determination to exercise the inalienable right to self-defense, recognized by the Charter of the United Nations.

The Cuban people reaffirm their unwavering decision to defend the Homeland and its Socialist Revolution and, with the greatest strength and firmness, their unrestricted and unchanging support for Army General Raúl Castro Ruz, Leader of the Cuban Revolution.

Homeland or Death, We Will Prevail.

Havana, May 20, 2026.


සම්බන්ධිත පුවත් | Related News

චීන ජනාධිපති ෂී ජින්පිං එළැඹෙන සතියේ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වන බව දෙරටම අද (5) නිල වශයෙන් නිවේදනය කර ඇත.
"අපි තවත් හිස් ගමන් මලු කිහිපයක් ගෙන ආ යුතුව තිබුණා," යැයි ලෝක සංචාරක හා සංචරණ කවුන්සිලයේ සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ග්ලෝරියා ගුවේවාරා බදාදා චීන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.
ඉරානය වෙත ගමන් කරමින් තිබූ තෙල් ප්‍රවාහනය කරන නෞකාවකට අමෙරිකානු හමුදාව හෙල්ෆයර් (Hellfire) මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල බෞද්ධ උරුමයන් සහ විහාරස්ථාන මුහුණ දෙන අවාසනාවන්ත ඉරණමට සමාන බියකරු තත්ත්වයක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්ද වාර්තා වේ.
රුසියාව විසින් යුක්‍රේනයේ නගර රැසකට ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ලෙබනනයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර සැලකිල්ලට ගනිමින්, මැදිහත්කරුවන් මාර්ගයෙන් අමෙරිකා එක්සත් ජනපදය සමග පවත්වාගෙන ගිය සියලුම පණිවිඩ හුවමාරු කටයුතු අත්හිටුවීමට ඉරානය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යාමේ වාසිය ජනතාවට ලබා දෙමින්, පාකිස්ථාන රජය විසින් ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ජපානය සහ පිලිපීනය එක්ව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්, “එම රටවල් දෙක අතර විශේෂ ආර්ථික කලාපය (EEZ) සහ මහද්වීපික තට්ටුවට අදාළ සමුද්‍රීය සීමා නිර්ණය සඳහා විධිමත් සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කර ඇති” බව සඳහන් කළ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං අද පැවසුවාය.
කියෙව්, යුක්රේනය – නැගෙනහිර යුරෝපයේ පවතින දැඩි නොසන්සුන්කාරී වාතාවරණය තුළ, යුක්රේනයේ කියෙව් නුවර පිහිටි තම තානාපති කාර්යාලයේ නිලධාරීන් ඉවත් කර ගැනීමට ඇමරිකානු රජය තීරණය කර තිබේ.

ප්‍රධාන පුවත්

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා හෙට (04) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (03) නොතීසි නිකුත් කළේය.

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

නීතීඥ සංගමයෙන් ජනපතිට දැඩි විරෝධයක්..

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ සාමාජිකයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අරමුණු කරගනිමින් යෝජනා වී ඇති කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියට ගෙන නොයන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.