News Category
From Date
To Date
Maximum Number of Result

ඉරාන නායකත්වයට අහමදිනෙජාඩ් පත් කිරීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය සැලසුම් කර තිබූ බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ හෙළිකරයි

May 21, 2026 at 10:37 AM
|

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ඉරානය සමග යුද්ධයකට අවතීර්ණ වූයේ එරට පාලන තන්ත්‍රයේ නායකත්වය වෙනුවට හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad) පත් කිරීමේ අරමුණින් යුතුව බව ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ (The New York Times) පුවත්පත වාර්තා කරයි.

මෙම සැලසුම පිළිබඳව දැනුවත් කර තිබූ අමෙරිකානු නිලධාරීන් උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කර තිබුණේ, සැලසුම් කර තිබූ දේවල් ඉතා ඉක්මනින් අවුල් සහගත තත්ත්වයට පත් වූ බවත්, අහමදිනෙජාඩ්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙතෙක් කිසිවක් නොදන්නා බවත් ය.

අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් අනතුරුව, ඉරානයේ පාලනය “එරට අභ්‍යන්තරයෙන්ම පැමිණි අයෙකු” වෙත පැවරීම වඩාත්ම සුදුසු වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් දැක්වූ බව ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

“ඔහු ඉරාන පාලන තන්ත්‍රයේ නායකයන් සමග වඩාත් ගැටුම් ඇති කරගෙන තිබූ අතර ඉරාන බලධාරීන්ගේ දැඩි නිරීක්ෂණයට ද ලක්ව සිටියේය. එසේ වුවද, 2005 සිට 2013 දක්වා පැවති ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටියේ ‘ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගා දැමිය යුතුයි’ යනුවෙන් කළ ප්‍රකාශයන් නිසාය. ඔහු ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ දැඩි ආධාරකරුවෙකු වූ අතර, අමෙරිකා එක්සත් ජනපදයේ දැඩි විවේචකයෙකු මෙන්ම අභ්‍යන්තර මතභේද සහ විරෝධතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීමට ද ප්‍රසිද්ධියක් උසුලන්නෙකි.” යනුවෙන් ද සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, 2019 වසරේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අහමදිනෙජාඩ් ජනාධිපති ට්‍රම්ප්ව ඇගයීමට ලක් කර ඇති අතර, ඉරානය සහ අමෙරිකාව අතර සබඳතා යළි ගොඩනගා ගැනීම වෙනුවෙන් තර්ක කර ඇති බව ද එම පුවත්පත සටහන් කර තිබේ.

“ට්‍රම්ප් යනු ක්‍රියාවෙන් වැඩ පෙන්වන මිනිසෙක්. ඔහු ව්‍යාපාරිකයෙකු වන අතර එම නිසා පිරිවැය සහ ප්‍රතිලාභ ගණනය කර තීරණ ගැනීමට ඔහුට හැකියාව තිබෙනවා. අප ඔහුට පවසන්නේ, කෙටිදෘෂ්ටික නොවී අපේ රටවල් දෙකේ දිගුකාලීන පිරිවැය-ප්‍රතිලාභ ගණනය කර බලමු කියායි.” යනුවෙන් අහමදිනෙජාඩ් පවසා ඇති බව එහි උපුටා දක්වා ඇති බව සඳහන්.

වෙනිසියුලානු නායක නිකලස් මදුරෝ පැහැර ගැනීම සඳහා දියත් කළ විශේෂ බලකා ප්‍රහාරයේ සාර්ථකත්වය සහ ඔහුගේ තාවකාලික අනුප්‍රාප්තිකයා වූ ඩෙල්සි රොඩ්රිගස් ධවල මන්දිරය සමග වැඩ කිරීමට දැක්වූ කැමැත්ත පිළිබඳව ජනපති ට්‍රම්ප් මහත් තෘප්තියට පත්ව සිටි බවත්, එම ආකෘතියම ඉරානය තුළ ද නැවත ක්‍රියාත්මක කළ හැකි බව ඔහු විශ්වාස කළ බවත්, ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබේ.

- hirunews

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.