News Category
From Date
To Date
Maximum Number of Result

මහ බැංකුවට රුපියල පාලනය කරගන්න බැහැ... ගැසට් එක ගහන්න කලින් ගජමිතුරන්ට ඔත්තු දීලා... - ආණ්ඩුවේ ප්‍රකෝටි ගණනක වාහන බදු වංචාවක් විමල් හෙළිකරයි

May 21, 2026 at 01:29 PM
|

වත්මන් අනුර කුමාර දිසානායක මහතාගේ රජය මූල්‍ය රහස් ජාවාරම්කරුවන්ට විකුණමින් ස්වකීය ගජමිතුරු කල්ලිය පෝෂණය කරන අතරතුර, රටේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා උදුරා ගන්නා තුට්ටු දෙකේ තත්ත්වයකට ඇද වැටී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේදී අද (20) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් ආශ්චර්යා ජයකොඩි මැතිනිය සහ ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභා සාමාජික ආචාර්ය සුපුන් ජයසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෑතකදී රණවිරු ස්මාරකය අභියස ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් වීරවංශ මහතා කියා සිටියේ, එදින එම ස්ථානයේ කිසිදු නිල පෙරහුරුවක් නොපැවැත්වුණු බවත්, වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් මල් කළඹක් තබා උපරිම විනාඩි දහයකින් නිම කළ හැකිව තිබූ සාමකාමී සමරුවක් වැළැක්වීමට ආණ්ඩුව පොලිසිය යොදවා කටයුතු කළ බවත්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති නිදහසේ යාම් ඊම් කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිවාසිකම් උදුරා ගැනීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවත්, රණවිරුවන් කෙරෙහි පවතින දේශපාලන වෛරය සහ පාපී චේතනාව නිසා පොලිසිය ලවා මෙවැනි වැරදි නියෝග ක්‍රියාත්මක කරවා ඇති බවත් ඔහු චෝදනා කළේය. මෙම අත්තනෝමතික ක්‍රියාවට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බවද හෙතෙම අනාවරණය කළේය.

රටේ පවතින දරුණු ආර්ථික කඩාවැටීම පිළිබඳව කරුණු ඉදිරිපත් කළ වීරවංශ මහතා, ශ්‍රී ලංකා රුපියල මහ බැංකුවේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් ඇති බව ප්‍රකාශ කළේය. කළු කඩයේ සහ උන්ඩියල් ක්‍රමය හරහා ඩොලරයක මිල රුපියල් 345 දක්වා ඉහළ ගොස් ඇති බවත්, රුපියල අවප්‍රමාණය වීම මැදපෙරදිග අර්බුදය පිට පැටවීමට ආණ්ඩුව උත්සාහ කළද, සැබෑවටම ලෝක වෙළඳපොළේ ඩොලරයේ අගය පහළ යමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය. ආණ්ඩුවේ අදක්ෂතාවය හේතුවෙන් බඩු මිල සහ ඉදිකිරීම් ද්‍රව්‍ය මිල 12.5% කින් ඉහළ ගොස් ඇති අතර, කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125 කින් වැඩි වී ජනතාවට වේල් තුන පියවා ගැනීමට නොහැකි මාරාන්තික තත්ත්වයක් උදා වී ඇතැයිද ඔහු කීය.

විශේෂයෙන්ම, මැයි 16 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ 50% ක වාහන ආනයන බදු සංශෝධනය පිළිබඳ රහස් තොරතුරු, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීන් විසින් මැයි 15 වැනිදාට පෙර ප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයකු ඇතුළු ජාවාරම්කාර ගජමිතුරන් වෙත ලබා දී ඇති බවට වීරවංශ මහතා බරපතළ චෝදනාවක් එල්ල කළේය. එම හොර ඔත්තුව මත පෞද්ගලික බැංකු හරහා එදිනම ණයවර ලිපි (LC) විවෘත කරමින් වාහන 1,682 ක් පැරණි අඩු බදු ක්‍රමය යටතේ ආනයනය කිරීමට කටයුතු කර ඇති බවත්, එමඟින් මහා භාණ්ඩාගාරයට හිමිවිය යුතු ප්‍රකෝටි ගණනක බදු මුදල් අහිමි කර ගජමිතුරන්ට අතිවිශාල ලාභයක් ඉපයීමට ඉඩ සලසා දී ඇති බවත් ඔහු පැවසීය.

මීට අමතරව, බාල ගල්අඟුරු ආනයනය කිරීමේ මාෆියාවක් හරහා එක් නැවකින් ටොන් 120 බැගින් ගල්අඟුරු මුහුදට වැටෙන බවත්, ඉන් විදුලිය නිපදවීමට නොහැකි වූ විට ලෝකයේ වැඩිම මිලට ප්‍රිමියම් ගෙවමින් ඩීසල් ආනයනය කර ඩොලර් සංචිතය කාබාසිනියා කරන බවත් මන්ත්‍රීවරයා හෙළි කළේය. ජාත්‍යන්තර වශයෙන් බ්‍රික්ස් (BRICS) සංවිධානය වැනි බලගතු කලාපීය සන්ධාන මඟහැරීම නිසා කඩා වැටෙන රුපියල බේරා ගැනීමට අවශ්‍ය ඩොලර් බිලියන 7-8 ක සහයෝගයක් ලබා ගැනීමට ආණ්ඩුවට කිසිදු ජාත්‍යන්තර මිත්‍රත්වයක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

අයිතිවාසිකම් උදුරා ගනිමින්, ආර්ථිකය වළපල්ලට යවන මෙම දූෂිත හා අදූරදර්ශී ගමනට එරෙහිව සමස්ත ජනතාව පෙළගැසිය යුතු බවත්, ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන දිනය වැඩි ඈතක නොවන බවත් වීරවංශ මහතා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.

මාධ්‍ය හමුව අමතමින් විමල් වීරවංශ මහතා කළ සම්පූර්ණ දේශනය මෙසේය,

"අද අපේ මෙම මාධ්‍ය සාකච්ඡාවට සුවිශේෂී චරිතයකට අප ආරාධනා කළා. අපේ ආරාධනාව පිළිගෙන එතුමිය මේ අවස්ථාවට සහභාගී වී සිටිනවා. ඇය එල්.ටී.ටී.ඊ. (LTTE) ත්‍රස්තවාදය නිසා ජීවිතයේ බොහෝ දේවල් අහිමි කරගත් චරිතයක්. ඇය ආශ්චර්යා ජයකොඩි මැතිනියයි. එතුමිය සමඟ මෙම මාධ්‍ය සාකච්ඡාවට මා සමඟ සම්බන්ධ වන්නේ ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභා සාමාජික සුපුන් ජයසිංහ මහත්මයායි. ආචාර්ය සුපුන් ජයසිංහ මහතා. 

මෙම මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ, එදා රණවිරු ස්මාරකය අභියස ඇති වූ සිද්ධිය පිළිබඳවයි. ඊට වගකිව යුතු ආණ්ඩුවේ පාර්ශවය විසින් ඉදිරිපත් කරන වැරදි නිගමන පිළිබඳ අපේ මතය ප්‍රකාශයට පත් කිරීම මෙහි ප්‍රධාන අරමුණක්.

පළමුකොටම කිව යුතුයි, අප ඒ රණවිරු ස්මාරකය අභියසට යන අවස්ථාව වන විට එහි කිසිදු නිල පෙරහුරුවක් පැවැත්වුණේ නැහැ. පෙරහුරුව සඳහා සූදානම් වීමක් පමණයි තිබුණේ. ඒ අවස්ථාවේදී තමයි බස් රථවලින් පැමිණි හමුදා කණ්ඩායම් එතැනට ළඟා වෙමින් සිටියේ. අපට මේ සමරුව සිදු කිරීමට අවශ්‍ය වූයේ මල් කළඹක් තබා, ඒ වීරෝධාර රණවිරුවන් ස්මරණය කර, හිස නමා ආචාර කිරීමටයි. ඒ සඳහා අපට ගත වෙන්නේ උපරිම වශයෙන් විනාඩි පහත් දහයත් අතර කාලයක් පමණයි. ඒ කාලය ඇතුළත, ඔබ ඔය කියන ආකාරයේ පෙරහුරුවක් නොතිබුණු නිසාත්, පෙරහුරුවක් තිබුණත් ඒ විනාඩි පහෙන් හෝ දහයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන නිසාත්, ආණ්ඩුවේ පාර්ශවය දක්වන මතයේ කිසිදු වළංගුභාවයක් නැහැ.

දෙවැනි කාරණය තමයි, මේක පොදු ස්ථානයක්. මේක ආණ්ඩුවේ කිසිම බලධාරියෙකුට කියන්න බැහැ, පොලිසිය දම්මවා වෙනත් පිරිස් ඇතුළු වීම වළක්වන්න කියලා. එහෙම තීරණයක් ගන්නවා නම්, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිදහසේ යාම් ඊම් කිරීමේ අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපට තිබෙනවා. ඒවා මූලික මිනිස් අයිතිවාසිකම්. ඒ මූලික මිනිස් අයිතිවාසිකම්වලට ආවාට ගියාට කාටවත් සීමා පනවන්න බැහැ. එසේ සීමා පනවනවා නම්, ඒ සඳහා ඉතාම වළංගු, බලගතු කරුණු තිබෙන්න ඕනේ. මෙතන එහෙම කිසිම කරුණක් නැහැ.

ඉතින් ඒ නිසා බොහොම පැහැදිලිව පෙනෙනවා, දේශපාලන වශයෙන් මේ රටේ වීරෝධාර රණවිරුවන් ස්මරණය කිරීම නතර කිරීම සඳහා ආණ්ඩුවට තිබෙන පාපී චේතනාව තමයි මේ පොලිස් නිලධාරීන් මඟින් ඒ අවස්ථාවේදී ඉටු කරගන්න උත්සාහ කළේ. අපි අභියෝගයට ලක් කළේ අන්න ඒ අරමුණ, ඒ වුවමනාව, ඒ දුෂ්ට ක්‍රියාදාමයයි. ඉතින් ඒ නිසා අපි පිළිකුලෙන් හෙළා දකිනවා, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව තුට්ටු දෙකේ වැඩ කරනවා විතරක් නෙවෙයි, වීරෝධාර රණවිරුවන්ගේ ඒ මහා කැපවීම්වලට එමඟින් ගැරහීමක්ද සිදු කරනවා. මේ ආණ්ඩුව මේ රටේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා උදුරා ගන්නා තත්ත්වයට ඇද වැටුණු ආණ්ඩුවක් බවට පත්වෙලා තිබෙනවා. ඒ පිළිබඳව අපි ඉතාම කණගාටු වෙනවා වගේම, අපි ඉතාම පිළිකුලෙන් ඒ ප්‍රවණතාවය හෙළා දකිනවා. එය තවදුරටත් වර්ධනය වීමට නොදී පරාජයට පත් කිරීම සඳහා ගත හැකි සෑම සාමූහික වෑයමක්ම දැරීමට අප ඇපකැප වී සිටිනවා.

ඒ කාරණයට අමතරව, ඔබ දන්නවා දැන් ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනයෙන් ශ්‍රී ලංකා රුපියල සම්පූර්ණයෙන්ම විතැන් වෙලා තියෙන්නේ. මහ බැංකුවට තමන් සතුව තිබෙන තාක්ෂණික ක්‍රම සහ විධි මඟින් රුපියල පාලනය කිරීමට දැන් කොහෙත්ම හැකියාවක් නැහැ. ඒ නිසා රුපියල දවසකට රුපියල් එකකින්, දෙකකින් හෝ තුනකින් අවප්‍රමාණය වන මට්ටමේ වේගවත් කඩා වැටීමකට ලක්වෙලා තියෙනවා. මේ වන විට රුපියල කළු කඩයේ (Black Market), එහෙම නැත්නම් අපි කියනවා 'උන්ඩියල්' ආකාරයට මුදල් ගනුදෙනු වන ස්ථානවල, ඩොලරයක් රුපියල් 345 කටත් හුවමාරු වන මට්ටමට ඇවිත් තියෙනවා. ඒ වගේම විකිණුම් අගය වේගයෙන් රුපියල් 340 සීමාව දක්වා ගමන් කරමින් තිබෙනවා. දැන් මේ තත්ත්වය, රුපියලට අත්වෙලා තියෙන මේ තත්ත්වය, සාමාන්‍ය ආකාරයේ තත්ත්වයක් නෙවෙයි. ඔබ හොඳින් හොයලා බැලුවොත් පෙනේවි 2023 ජූලි මාසයේ තිබුණාට වඩා අද මේ රුපියල දුර්වලයි. 2024 සහ 2025 අවුරුදු දෙකේම රුපියල තිබිච්ච තත්ත්වයට වඩා අද මේ රුපියල ඉතාම දුර්වල මට්ටමකයි පවතින්නේ.

එතකොට දැන් ආණ්ඩුව මේකට තර්ක දෙකක් ඉදිරිපත් කරනවා. එකක් තමයි මැදපෙරදිග පවතින තත්ත්වය. ඇත්තටම මැදපෙරදිග ඇතිවෙලා තියෙන තත්ත්වය නිසා ඒ කලාපයේ ඩොලරයට තිබෙන ඉල්ලුම අඩුවෙලා තියෙන්නේ, ඉල්ලුම වැඩිවෙලා නැහැ. එතකොට ලෝක වෙළඳපොළේ ඩොලරයේ අගය හරියට බැලුවොත් අඩු වෙමින් පවතින්නේ. එහෙම ඩොලරයේ අගය අඩු වෙමින් පවතිද්දී, අපි කොහොමද මැදපෙරදිග තත්ත්වයට විතරක් මේ රුපියල අවප්‍රමාණය වීමේ වගකීම පටවලා අත හෝදා ගන්නේ? 

මෙතන ඇත්තටම මේ හේතුව නිසා අපි දන්නවා මේ වෙනකොට අපේ රටේ ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල 25% කට වඩා ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125 කින් වැඩිවෙලා තියෙනවා. සෑම භාණ්ඩ හා සේවාවකටම අතිශය විශාල මිලක් අලුතෙන් එකතු වෙලා තියෙනවා. මේ පීඩනය කෙලින්ම එන්නේ මහජනතාවගේ කරමතටයි. වේල් තුන වේල් දෙකකට බස්සාගෙන ජීවත් වෙන්න නොවිඳිනා දුකක් විඳින මිනිස්සුන්ගේ සිට, තමන්ගේ ජීවන විලාසය කෑම වේලට පමණක් සීමා කරගන්න සිදුවෙච්ච සෑම මනුස්සයෙකුගේම කරමතට මේ පීඩාව දවසින් දවස වැඩි වෙමින් පතිත වෙනවා.

මේකට හේතුව, ආණ්ඩුව තමන්ගේ අර්බුදයෙන් ගැලවෙන්න මහ බැංකුවයි, මහ බැංකුවට තිබෙන නොහැකියාවයි, ආණ්ඩුවේ නොහැකියාව සහ අසමත්කමයි වෙනත් හේතු මත පටවන්න උත්සාහ කිරීමයි. 

ඇත්ත කතාව ගත්තොත් ඔබ දන්නවා, වාහන ආනයනයට නිදහස් අවකාශය ඇති කිරීම ඇත්තටම කළ යුතුව තිබුණේ අදියර කීපයකින්. මොකද අපි විදේශ විනිමය අතින් ශක්තිමත් රටක් නෙවෙයි. ඩොලර් බිලියන 6.5 ක් තිබුණා කිව්වාට, ඕකෙන් සැබෑවටම වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය බිලියන 6.5 ම නෙවෙයි. ඉතින් ඒ නිසා අපි පළමුව පිළිගත යුතුයි ඩොලර් බිලියන හයකට ආසන්න සංචිතයක් තියෙන රටක්, ආනයනයේදී කොයිතරම් දුරට සැලකිලිමත් විය යුතුද, පරිස්සම් විය යුතුද කියා. අනෙක් අතට, අපි ඉදිරියේදී ඉතා විශාල ණය පංගුවක් ගෙවීමට බැඳී සිටින රටක්. ඒ ණය පංගුව ගෙවන්න විදේශීය සංචිතය ශක්තිමත් කරගත යුතුව තිබෙනවා. ඒක තමයි අපිට මුහුණ දෙන්න වෙන ඉතාම තීරණාත්මක සන්ධිස්ථානය. ඒ දෙස බලාගෙන, නිසි සැලසුම් සහ උපායෝපාය මාර්ග තේරීමෙන් පමණයි අපිට ඒ අවදානමෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ.

ඒ වෙනුවට මුන් මොකද කළේ? මේගොල්ලෝ කරන්නේ හිඟන්නාගේ මුහුණේ පවුඩර් ගාන ජාතියේ වැඩ. හිගන තත්ත්වයෙන් ගොඩ එන්න ගන්න ඕන කරන සැබෑ, නිවැරදි පියවර ගන්නේ නැහැ. හැබැයි බලනවා පවුඩර් ගාන්න. 'ආ... ඔන්න වාහන ආනයනයට ඉඩ දුන්නා, දැන් ඕනෑ තරම් අපිට සල්ලි තියෙනවා, මහා භාණ්ඩාගාරය පිරිලා' කියලා පෙන්වන්න හැදුවා. 

ප්‍රතිඵලය මොකක්ද? බිලියන ගණනින් සල්ලි එළියට යන්න ගත්තා. අද ඒ සංඛ්‍යාලේඛන කවුරුත් දන්නවා. දැන් ඊයේ පෙරේදා වාර්තා වුණා, මේ අලුත් බද්දක් දැම්මානේ 50% ක අලුත් බද්දක්. ඒ බද්ද පැනෙව්වේ, මගේ මතකය අනුව මැයි 16 වැනිදා සිට ක්‍රියාත්මක වන ආකාරයටයි. එතකොට මැයි 15 වැනිදා වෙනකම් ණයවර ලිපි (LC) නිකුත් කළා පැරණි බදු ක්‍රමය යටතේ අලුතෙන් වාහන ගේන්න. ඒ කියන්නේ මේ අලුත් බද්ද පිළිබඳ තීරණය, එය ක්‍රියාත්මක වීමට පෙර කවුරුන් හෝ විසින් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට රහසින් ලබා දී තිබෙනවා. මම දන්නේ නැහැ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න ප්‍රමුදිතද, මුදිතද කවුද මේ තොරතුර දුන්නේ කියලා. එහෙම නැත්නම් ඔය අල්ෆොන්සෝ කියලා අපේ අඹ වර්ගයක් තියෙන්නේ, ඒවා වවන අය දුන්නද කියලා අපි දන්නේ නැහැ.

ඉතින් මොන පෝන්ස්ලා හරි, මොන ප්‍රමුදිතලා හරි මේවා කළා. මොකද ඔය කියන මුදිතලාගේ නෝනලා වැඩ කරන්නෙත් ඔය කියන “කැසිනෝ ධම්මිකලාගේ” ආයතනවල. එයාගෙන් තමයි වැටුප ලබන්නේ. ඔය මම කියපු දෙන්නම ඒ කැසිනෝ ව්‍යාපාරිකයාගේ ආයතනවල පේරෝල් (Payroll) එකේ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ එතැනින් වැටුප් ගන්නා ගමන්, මෙතැනිනුත් වාසි ලබාගෙන කරන්නේ මේ බදු පිළිබඳ රහස් තොරතුරු ටික ඒ ජාවාරම්කරුවන්ට දෙන එකයි. ජාවාරම්කරුවා දන්නවා 'ඔන්න හෙට ඉඳන් ක්‍රියාත්මක වෙන පරිදි ගැසට් එකක් එනවා, මේ බද්ද ඉහළ දමන ගැසට් එක එනවා 16 වැනිදා ඉඳන් ක්‍රියාත්මක වෙන්න, අලුතෙන් වාහනවලට 50% ක බද්දක් වදිනවා' කියලා.

ඒ තොරතුරේ වටිනාකම ප්‍රකෝටි ගණනක්. ඒ තොරතුර දැනගන්න කැසිනෝ ධම්මිකලා ඇතුළු “මොන ෂාර” ද ව්‍යාපාරික කල්ලියයි මොකද කරන්නේ? 15 වැනිදා දඩබඩ ගාලා ණයවර ලිපි (LC) දාගන්නවා, පෞද්ගලික බැංකු තුන හතරකින් ණයවර ලිපි විවෘත කරගෙන වාහන ආනයනය කරනවා. එතකොට ඒ වාහන එන්නේ පරණ අඩු බදු ක්‍රමයට. ඒකෙන් අතිරේක බිලියන ගණනක ලාභයක් මේගොල්ලෝ උපයනවා. 

මේක තමයි තමන්ගේ ගජමිතුරු රැල පෝෂණය කරන විදිය. රටේ ආර්ථිකය වළපල්ලට යවන ගමන්, ස්වකීය ජාවාරම්කාර ගජමිතුරු රැල, මේ අහිංසක, අපාදුකට වැටිච්ච මිනිස්සු ජීවත් වෙන රටක, ඒ මිනිස්සුන්ගේ වේදනාව ගැන නොතකමින්, කිසිදු හිතක් පපුවක් නැති ආකාරයට පෝෂණය කරනවා. වැටිලා තියෙන රටක ගහන ගැසට් නිවේදනයෙන් තමන්ගේ ගජමිතුරන්ට හම්බ කරගන්න පාර හදලා දීලා, ඒකෙන් ගානක් කපාගන්න තත්ත්වයට මේ හිඟන ආණ්ඩුව අද ඇද වැටිලා තියෙනවා.

දැන් මේක අනාවරණය වුණානේ. අනාවරණය වුණාම මුදල් නියෝජ්‍ය ඇමතිවරයා දඩබඩ ගාලා ඇවිත් මාධ්‍ය නාලිකාවක කියනවා, 'නැහැ, වාහන 4,000 ක් ගේන්න ණයවර ලිපි 15 වැනිදා නිකුත් වෙලා නැහැ, ඒ ගණන 1,782 යි' කියලා. ඊළඟට එයා කියනවා, එල්.සී. (LC) ඕපන් වෙලා තියෙනවා ඩොලර් මිලියන 380 ක වටිනාකමින් යුතුව කියලා. එතකොට දැන් මෙයා කියන්නේ ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ කියලා. හරි, මේ කියන ගානමයි කියමුකෝ, ඇත්ත ගාන එයා කියන ගානමයි කියමු. ඒ ගණන වුණත් 15 වැනිදා ඔය තරම් වේගයෙන් යන්නේ අර “හොර රහසේ තොරතුර” දැනගත්තු හින්දා නෙවෙයිද? 

ඒ තොරතුර දැනගෙන තමයි ඒක කරන්නේ. ඒ තොරතුරු දෙන්නේ කවුද? මුදිතලාගේ නෝනලා කොහේද වැඩ කරන්නේ? අල්ෆොන්සෝලා කොහේද ඉන්නේ? ඒගොල්ලන්ට වැටුප් ගෙවන්නේ කොයි ආයතනයෙන්ද? මේ විදියේ මූල්‍ය රහස් විකුණලා හම්බ කරන හිඟන රැලක් බවට මේ ආණ්ඩුවේ කණ්ඩායම අද පත්වෙලා ඉවරයි. දැන් අන්තිමට බලනකොට, මුදල් නියෝජ්‍ය ඇමතිවරයාම කියන විදිහට, පැරණි බදු ක්‍රමය යටතේ තව ටික දවසකින් වාහන 1,782 ක් ලංකාවට එනවා. ඔහුගේ ගණන් හිලව්වලට අනුවයි මම මේ කියන්නේ. ඒ වාහන 1,782 අධික ලාභයක් සහිතව වෙළඳපොළේ විකිණෙනවා. මේ වාහන ප්‍රමාණය ගේන්න පුළුවන් වුණේ 15 වැනිදා ණයවර ලිපි නිකුත් කරලා, පරණ බදු ක්‍රමයට ගේන්න පුළුවන් වුණේ මුන් දීපු හොර ඔත්තු හින්දයි.

දැන් බලන්න, මේක හිඟන මුහුණේ පවුඩර් ගාන වැඩක් විතරක් නෙවෙයි, මහා භාණ්ඩාගාරය නැමති පින් කැටේ කඩාගෙන කන වැඩක්. මේවා හැරෙන්න වෙන මොන වැඩක්ද මේ රටේ වෙන්නේ? පොලිසිය දම්මවමින් ජනතාව මර්දනය කරන වැඩේ විතරයි මෙතන වෙන්නේ. ඊට අතිරේකව වෙන කිසිම වැඩක් මේ රටේ වෙන්නේ නැහැ. දැන් බලන්න, මේකෙන් එක පැත්තකින් විශාල ඩොලර් ප්‍රමාණයක් මේ ආකාරයෙන් රටෙන් පිටතට ගියා. අපි දැනගන්න ඕනේ අපේ ඩොලර් සංචිතය බොහොම සීමිත එකක් බව. අපේ මූල්‍ය වෙළඳපොළේ තිබෙන ඩොලර් ප්‍රමාණයත් එතරම් ලොකු එකක් නෙවෙයි. ඒ නිසා මේ තත්ත්වය දැනගෙනයි අපේ පාලකයන් හැසිරෙන්න ඕනේ. රටට ඔරොත්තු නොදෙන විදියේ තීරණ ගත්තාම වෙන දේ බලන්න.

ඊළඟට ගල්අඟුරු ගෙනාවා. ගල්අඟුරු බාලයි කියලා පස්සේ පිළිගත්තා. හැබැයි බාල ගල්අඟුරු ගෙනල්ලා බාන එක නතර කළේ නැහැ. ඒ බාල ගල්අඟුරු දැන් වාරකම් කාලයේ ගෙනැත් බානවා. හැම නැවකින්ම බාල ගල්අඟුරු 20% ක් විතර මුහුදට වැටෙනවා. නැව් තුනක් බානකොට එක නැවක ගොඩගසා තිබෙන ප්‍රමාණයට සමාන ගල්අඟුරු ප්‍රමාණයක් මුහුදට වැටෙනවා. දැන් බාල ගල්අඟුරු ගේනවා, ඒවා මෙහෙම මුහුදටත් වැටෙනවා. ඉතිරි වෙච්ච ටිකෙන් විදුලිය නියමිත ප්‍රමාණයෙන් උපදවන්නත් බැහැ. එහෙම බැරි වුණාම ඩීසල්වලින් විදුලිය උපදවනවා. ඒ ඩීසල් ගේන්නත් නැවත නැවක් ගන්නවා. නිකම් මිලට නෙවෙයි, ලෝකයේ වැඩිම මිලට, ප්‍රිමියම් (Premium) එක වැඩි කරගෙන, ඒක ඇතුළේ තමන්ගේ මාෆියාව, ගේම් එක හොඳට සරුවට, සැපට කරගෙන යනවා. 

එතකොට ඒ බාල ගල්අඟුරු නිසා තමයි ඉන්ධන ඉල්ලුම වැඩි වුණේ. ඩීසල් අතිරේක විශාල තොගයක් ගේන්න සිද්ධ වුණේ. ඒවට වැය වුණේ ඩොලර්. ඒ නිසා මේ ආණ්ඩුවේ හොරකම සහ මූලධාර්මික වශයෙන් ගත් වැරදි තීරණ නිසා අද රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙමින් පවතිනවා. එය නතර කළ නොහැකි මට්ටමේ වේගයකින් කඩාගෙන වැටෙනවා. අවසානයේ මේ සියලු බර, මේ සියලු පීඩනය එන්නේ ජනතාවටයි.

ගිය අවුරුද්දේ මුල්‍ය අරමුදල අන්තිම කාර්තුවේ ඩොලර් මිලියන 350 ක් දෙන්න හිටියා. ඒගොල්ලෝ විදුලි බිල වැඩි කළේ නැහැ, ඉන්ධන මිල වැඩි කළේ නැහැ කියන චෝදනාව මත ඒ ඩොලර් මිලියන 350 දුන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ මේක ඊළඟට දෙනවා නම් දෙන්නේ ආයෙත් විදුලි බිල, තෙල් මිල ඔය කියන විදිහට සාපේක්ෂව වැඩි කළාට පස්සෙයි. එතකොට නැවතත් මේ හිඟන්නාගේ පාත්තරයට පට්ට හෙනයක් කඩා පාත් වෙන්න නියමිතව තිබෙනවා. ඒ හෙනේ කඩා පාත් වුණාට පස්සේ හුස්ම ගන්න පුළුවන් වෙන්නේ මේ සමාජයේ ඉන්න පිරිසෙන් ඉතාම සුළු පිරිසකට පමණයි. 

වැළලෙන්න තමයි අපිට, හැමෝටම සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඒක නොකළොත් අර ඩොලර් මිලියන 700 හම්බවෙන්නේ නැහැ. ගිය පාර මිලියන 350 යි, මේ පාර මිලියන 350 යි එකතු කරලා හම්බවුණා කියලා රුපියල නංවන්න පුළුවන් කමක් නැහැ. මේ කඩා වැටෙන රුපියලට නැංගුරමක් වෙන්න නම් අවම වශයෙන් ඩොලර් බිලියන හතක් අටක්වත් ලැබෙන්න ඕනේ. එහෙනම් මේකට නැංගුරමක් වෙන්න පුළුවන්. නමුත් ඩොලර් බිලියන හතක් අටක් තියා එකක්වත් ගන්න පුළුවන් මිත්‍රත්වයක් ජාත්‍යන්තර වශයෙන් මේ ආණ්ඩුව හදාගෙන නැහැ.

දැන් මේ ආණ්ඩුව බ්‍රික්ස් (BRICS) සංවිධානයට ගියේ නැහැ. බ්‍රික්ස් එකට එකතු වීම ප්‍රතික්ෂේප කළා. අපිට ආරංචියි මේ අවුරුද්දේ (2026) අවසානයේ “බ්‍රික්ස්” සංවිධානයේ විශේෂ සමුළුවක් අපේ අසල්වැසි ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා කියලා. එතකොට ඒ ක්‍රියාවලියෙන් ලංකාව බැහැර වෙලා ඉන්නේ. එක්සත් ජනපදයෙන් හම්බවෙන තුට්ටු දෙකක් නැහැ, ඔය පරණ චොපර් (හෙලිකොප්ටර්) කිහිපයක් දුන්නොත් ඇරෙන්න. එතකොට මේකෙන් වෙන්නේ මේ කඩා වැටෙන රුපියලට නැංගුරමක් දාගන්න තිබෙන හැකියාවත් නැති වී යාමයි. ගත්තු ඔලමොට්ටල තීරණයි, හොරකමයි නිසා ඒකේ පීඩනය බලසම්පන්නව දැනෙන එක වළක්වන්න බැහැ. අවසානයේ මේ මහ පොළොවේ ජීවත් වෙන මිනිස්සු ඇවිදින පරඬැල්, මිනිස් ඇටසැකිලි බවට පත්වීම නියත උරුමයක් බවට මුන් පත් කරලා තියෙනවා.

ඒ නිසා පුච්චානම් කතා කියලා, පුරාජේරු කතා කියලා, 'අයියෝ ඩොලර් බිලියන 50 ගානද ණය? ඕක කියන්නත් එපා ලැජ්ජයි, ඕක අපි ගෙවන්නම්' කිව්වේ හරියට නිකන් ගෙදරින් ගෙනැල්ලා ගෙවන විදිහටනේ. මාස හයෙන් රට ගොඩදාන හැටි නේ කිව්වේ. එතකොට දැන් ඒ කියපු කතාවලට සම්පූර්ණයෙන්ම පටහැනිව, මේ රට අවුලෙන් අවුලට ඇදදමන ඉරණමකට අද ඇදගෙන යනවා, කිසිම වගක් විභාගයක් නැතුව. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ රටේ පොදු ජනතාවගෙන්, මේ අත්තනෝමතික ගමන, මේ කිසිම වගකීම් විරහිත ගමන, රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට නිර්මාණශීලීව තීරණ ගැනීමට හැකියාවක් නැති බව සනාථ කර තිබෙන ගමන නවත්වන්න මැදිහත් වෙන්න කියලා.

දැන් මෙහෙම වුණාම ඩොලර් එක තවත් නගීවි කියලා හිතලා, ළඟ තියෙන ඩොලර් ටික මිනිස්සු මාර්කට් එකට දාන්නේ නැහැ. ඊළඟට වෙන්නේ රුපියල්, ඩොලර් බවට හරවලා මෙහේ කොටස් වෙළඳපොළේ හරි, බැඳුම්කරවල හරි ආයෝජනය කරලා තියෙන විදේශිකයන් බලන්නේ, දැන් මේ රුපියල් අවප්‍රමාණය වන නිසා ඒ රුපියල් ටික ඉක්මනට ඩොලර් කරගෙන වෙන කොහේ හරි රටකට යන්නයි. මොකද දැන් පේනවානේ මේක කඩා වැටීමේ වේගය. ඒ නිසා පිටරට ඉන්න අය ඩොලර් එවන්නෙත් නැහැ, අයෙත් තියාගෙන ඉන්නවා තව වැටුණොත් එවන්න, එතකොට ලාභය වැඩියි කියලා. දැන් මේක තියෙන්නේ මාරාන්තික තත්ත්වයක. 

මෙහි නියම ප්‍රතිවිපාකවලට අපිට මුහුණ දෙන්න තව ඉදිරි මාස දෙක තුන ඇතුළත සිද්ධ වෙනවා. ආණ්ඩුවට කිසිම වගවිභාගයක් නැහැ, පාලනයක් නැහැ, න්‍යායක් නැහැ, දැක්මක් නැහැ, චින්තනයක් නැහැ. වල්මත් වෙච්ච රට තවත් වල්මත් කරන “අන්ධභූත නායකත්වයක්” තමයි දීගෙන යන්නේ. ඉතින් මේ අවාසනාවන්ත තත්ත්වයට වැටෙන්න මේ රටේ මහජනතාව කොතෙක් දුරට ඉවසයිද කියන ප්‍රශ්නය තියෙනවා. අපි හිතනවා ඒ ඉවසීම තව වැඩි කාලයක් පවතින එකක් නැහැ කියලා. ඒවට මුහුණ දෙන්න සූදානම් වෙන්න ආණ්ඩුවේ මහත්තුරුනි.

ඔය ආණ්ඩුවේ ගජමිතුරන්ටත් අපි කියන්නේ, ගැසට් නිවේදනය ගහන්න කලින් තොරතුරු දැනගෙන වාහන ගෙනල්ලා, තියෙන ඩොලර් ටිකත් රටෙන් යවලා, මේ රටත් එක්ක පන්දු කෙළින ඒ මහත්තුරුන්ටත් අපි කියනවා, කරුණාකරලා මේ රටේ මහජනයාට උත්තර දෙන්න දිනයක් එනවා, එදාට උත්තර දෙන්න ලෑස්ති වෙන්න කියලා.

(මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කරයි: "ඔබතුමාට එල්ල වෙන්නේ පොලිසියේ රාජකාරියට බාධා කරා යයි කියන චෝදනාව. 

මම දන්න විදියට අද කඩුවෙල මහේස්ත්‍රාත්තුමාට මේගොල්ලෝ කරුණු දැක්වීමක් කරලා තියෙනවා පොලිසිය විසින්. මම දන්නේ නැහැ ඒ කරුණු දැක්වීම, මට ඒක කියවා බලන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ කරුණු දැක්වීමේ පොලිසිය නගන්න යන්නේ කුමන වර්ගයේ චෝදනාද කියලා මට දැනට අවබෝධයක් නැහැ. 

විජිත හේරත් ඇමතිතුමා තමයි මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරේ, එතුමා කියන්නේ එහෙම චෝදනාවක් කියලා, දැන් ඒ කියන්නේ හිස් ඔළුවල පුස් වැඩ කියලා...

විජිත හේරත් ඇමතිතුමා තමන් ගැනම වෙන්න ඇති ඒ කියන්නේ. 'හිස් ඔළුවල පුස් වැඩ' කියලා එයා එයා ගැනමයි කියන්නේ. මෙහෙමයි, පොදු මහජනතාවට ගැවසෙන්න පුළුවන් ස්ථානයකට යන්න එන්න මේ රටේ මිනිස්සුන්ට නිදහස නැද්ද? ස්මාරකයක් හදන්නේ කැමති කෙනෙකුට කැමති වෙලාවක ඇවිල්ලා, ඒ මියගිය වීරයන් සිහි කරලා, මල් කළඹක් තියලා ඒ ගෞරවය දෙන්නයි. ඒක සොහොනක් කියලා කියන්නකෝ. ඒ මැරිච්ච මනුස්සයාගේ පවුලේ අය යන්න ඕනේ අහවල් වෙලාවට විතරයි කියලා නීතියක් තියෙනවද? අපිට පුළුවන්ද මැරිච්ච රණවිරුවෝ හැමදෙනාගෙම සොහොන් තියෙන තැන්වලට තනි තනියෙන් යන්න? බැරි නිසා නේද ඒගොල්ලොන්ගේ ඔය 27,000 ම නම් ටික කොටපු එක පොදු තැනක් හදලා තියෙන්නේ? ඒ නිසා නේද ඒ ඔක්කොම සිහි කරන්න අපි හැමෝම එතැනට යන්නේ? එතන කියන පොදු ස්ථානයට, ඒ නියමිත දිනයට හවස දෙකට යන්න බැරි නම්, ඒකද ඔය කියන 'රාජකාරියට බාධා කිරීම'?

රාජකාරියට නෙවෙයි මහත්තයෝ බාධා කළේ, මේ මහත්තුරු බාධා කළේ අපේ මූලික මිනිස් අයිතිවාසිකමට. අපේ මූලික මිනිස් අයිතියට. මේ රටේ මිනිස්සුන්ට—මාව පැත්තකින් තියන්නකෝ—මේ රටේ ඕනෑම පුරවැසියෙකුට ඒ අයිතිය තියෙනවා. ඒ අයිතිය නැති කරන්න බැහැ. 

ආණ්ඩුවට රණවිරුවා 'ඇලජික්' (Allergic) වුණාට, ඒ හිපාටුවන්ට රණවිරුවෝ සමරන්න වුවමනාවක් නැති වුණාට, බල්ලෝ නාවන්න ගෙනියනවා වගේ තමයි මුන් පළවෙනි රණවිරු දිනට ආවේ. ඇත්තටම එන්න නෙවෙයි හිටියේ. 

ඉතින් එහෙම නරියෝ ටිකක් බලයේ හිටියාට, අර අයිතිය අපෙන් දැහැගන්න බැහැ. පොලිසිය කළේ සම්පූර්ණ වැරදි නියෝගයක් ක්‍රියාත්මක කිරීමයි. පොලිසියට මොළේ කලඳක් තිබුණා නම් ඔය වැරදි නියෝගය ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපි දැන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි දාලා තියෙනවා. අපි බලනවා ඒක විභාග වන විදිහ. අවශ්‍ය නම් ඊටත් එහාට අපි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. මොකද මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ මූලික මිනිස් අයිතියටයි මුන් අත තිබ්බේ. ඒක කිසිසේත්ම රාජකාරියට බාධා කිරීමක් නෙමෙයි. බාධා කිරීම කළේ අපේ මූලික මිනිස් අයිතිවාසිකම්වලටයි.

මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කරයි: "නමුත් කියන්නේ මේ ගැටුමක් ප්‍රශ්නයක් ඇති වුණා, ඔබතුමා බලෙන් ඇතුළු වෙන්න හැදුවා, පහර දුන්නා කියලනේ කියන්නේ, 

මේ වීඩියෝ පට තියෙනවනේ..." පහරදීමක් වුණේ නැහැනේ. අපි ඉතාම සාමකාමීව අර අන්තිම ගේට්ටුව ළඟ, මල් කළඹ තියෙන තැන දක්වා ගිය එක විතරයි වුණේ. එහෙම නැතුව වෙන කිසිම දෙයක් වුණේ නැහැ.

(මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කරයි: "හැබැයි ඔබතුමා ගියේ රණවිරුවෝ සමරන්න. පොලිසියත් රණවිරුවෝ නේද? පොලිසියත් එක්ක මෙහෙම ගැටුණේ...")

මම ගියේ ජීවිත පරිත්‍යාග කරපු රණවිරුවෝ සමරන්නයි.

මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කරයි: "ඒ කියන්නේ පොලිසිය රණවිරුවෝ නෙමෙයිද?"

නැහැ, පොලිසියේ ඒ මියගිය, ජීවිත පරිත්‍යාග කරපු වීරයෝ කියන අය අතර පොලිසියේ ජීවිත පරිත්‍යාග කරපු වීරයොත් ඉන්නවා. ඒ අයත් ඇතුළුව 27,000 කගේ ඒ අමිල කැප කිරීම සිහි කරන්නයි මම ගියේ.

මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කරයි: "දැන් මීට පෙරත් ඔබතුමා මේ වගේ පොලිසියත් එක්ක යම් යම් ප්‍රශ්න ඇති වුණා නේද? අර ගෝඨාභය මහත්මයාගේ කාලේ..."

නැහැ, අපි සාමාන්‍යයෙන් විරෝධතා පවත්වනකොට යම් යම් ප්‍රශ්න ඇති වෙනවා. ඒවා සාමාන්‍ය දේවල්. ඒවා මේ මහා ලොකු ප්‍රශ්න කරගන්න එපා. ඔබ සිරස නාලිකාවෙන්ද? ඔව්, සිරසටනේ. සිරස ඉතින් මොනවාද කරන්නේ? ආණ්ඩුවට කඩේ යන එකනේ කරන්නේ, ලොකුම ලොක්කාගේ රස්සාවනේ ඒක. ඒ වගේ... එහෙම මේ... සමාජ මාධ්‍ය ගැන තව ටිකක් සිරස ගැන කියන්නද?

(මාධ්‍යවේදියා: "ඔබතුමාගේ මාධ්‍ය හමුව, ඔබතුමාට ඕන දෙයක් කියන්න පුළුවන්.")

ඔව් ඔව්, කමක් නැහැ. ඒ ඇති.

මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කරයි: "නැහැ මම කියන්නේ දැන් මේ සමාජ මාධ්‍යවල සටහනක් දාලා තිබුණා ඔබතුමා මත්පැන් පානය කරලාද ඒ ස්ථානයට ගියේ කියලා?"

ඉතින් එහෙනම් බැලුමක් පිම්බවන්න තිබුණානේ? ඒ වෙලාවේ පොලිසියේ මහත්තුරු ඕනෑ තරම් හිටියානේ. සැබෑවටම මත්පැන් බීලා වාහන හප්පපු අයගේ බැලුම් පිම්බෙව්වෙත් නැහැ, උන්දලාත් බීලයි කියලා සිරස කවදාවත් කිව්වෙත් නැහැ. මම ඒ වැඩේ ඉවර වෙලා හවස තුනට තිබ්බා සෙමනේරියක්, රණවිරු උත්සවයක්. ඒකේ මම පැය භාගයක් විතර කතාවකුත් කළා. බලන්නකෝ එහෙමද කියලා.

මාධ්‍යවේදියා: "දැන් ඒ කියන්නේ ඉදිරියට මොකක්ද වෙන්නේ, දැන් එතකොට ඒ සිදුවීමත් එක්ක?"

ඒ සිදුවීම ගැන අපි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරලා තියෙනවා, අපේ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න.

මාධ්‍යවේදියා: "පොලිසිය නම් කියන්නේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියලා..."

දන්නේ නැහැ ඉතින්, ඒගොල්ලෝ ගන්න ඒගොල්ලන්ගේ ක්‍රියාමාර්ග, ඕනෑම ක්‍රියාමාර්ගයකට අපි මුහුණ දෙනවා. මේකෙන් පෙන්නුවේ ආණ්ඩුවේ තියෙන තුට්ටු දෙකේ වටිනාකමයි. මම කියන්නේ මේවාද ආණ්ඩුවක් කරන්න ඕන වැඩ? රුපියලට බ්‍රේක් ගහන විදිහ උදේ ඉඳන් කල්පනා කරලා තීරණ ගන්න ඕන ආණ්ඩුවක්, මේ මල් ටිකක් අරගෙන රණවිරු ස්මාරකයක් ගාවට යන මිනිස්සු ටිකක් එක්ක රණ්ඩු වෙන්න එනවා. ඔන්න ආණ්ඩුවේ මානසිකත්වය. මෙහෙම අයට පුළුවන්ද රටක් හදන්න? ආර්ථිකයක් හදන්න?

මාධ්‍යවේදියා: "මේ ආරක්ෂාවට තර්ජනයක් නිසා කියන්නේ, පසුදාට ජනාධිපතිවරයා සහභාගි වනවා එතැනට, ඒකත් එක්ක සම්බන්ධයි..." 

ගිය අවුරුද්දේ ඔය දිනේ, ඔය වෙලාවටම අපි ගියා ඔය ස්ථානයට. ඔබත් ආවා කැමරා අරගෙන. එතැනත් ඔය කියන විදිහට ආරක්ෂක හමුදා සූදානම් කිරීම් තිබුණා. එතුමන්ලා අපිට කරදරයක් කළෙත් නැහැ, අපි එතුමන්ලාගේ වැඩේට කරදරයක් කළෙත් නැහැ. අපි හිමින් සැරේ ඇවිදගෙන ගිහිල්ලා—මම විතරක් නෙවෙයි, සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මැතිතුමාත් හිටියා—ඉතින් අපි එතුමාට ඇවිදින්න පුළුවන් වේගයෙන්, එතුමා සමඟ ඇවිද ගොස් මල් ටික තියලා, විනාඩියක් නිශ්ශබ්දව ඉඳලා, බොහොම සාමකාමීව බැහැලා ආවා. ඉතින් එදත් ඊට පසුදා ඔය කියන ජනාධිපතිවරයා එතැනට එන්න නියමිතව තිබුණා. ඉතින් එදා නොතිබිච්ච තර්ජනයක් කොහොමද මෙදා එන්නේ? මොකක්ද ඒ කාලය තුළ ජනාධිපතිට ඇතිවෙලා තියෙන මේ ආරක්ෂක තර්ජනය? එහෙමද, ඕවා පිළිගන්න කියලද මේ රටේ බත් කන මිනිස්සුන්ට කියන්නේ? විහිළු!


සම්බන්ධිත පුවත් | Related News

උතුරු කොරියාව සහ රුසියාව සම්බන්ධ කරමින් නිර්මාණය කරන ලද පළමු පාලම විවෘත කර තිබේ.
කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,
දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.
කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරය ජිනීවා නුවරදී ඊයේ පස්වරුවේ ආරම්භ විය.
නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.