News Category
From Date
To Date
Maximum Number of Result

නඩු 28ක් ඇති සිරකරුවෙකුට ජනපති සමාව දීම: අධිචෝදනාවලට චූදිතයින් ප්‍රතිචාර දැක්වූ හැටි

Jul 8, 2026 at 08:41 AM
|

ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී කූට ලේඛන සකසා නඩු 28ක් ඇති විත්තිකරුවෙකු නීතිවිරෝධිව නිදහස් කොට මුදහැරීමේ සිද්ධියට අදාළව අනුරාධපුර හිටපු බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව අධිචෝදනා 5ක් යටතේ නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණයේ නඩු පවරනු ලැබී ය.

2025 වසරේ වෙසක් පුරපසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති පොදු සමාව යටතේ බන්ධනාගාර සිරකරුවන් නිදහස් කිරීමේ වැඩසටහනට සමාගාමීව ඒ වන විට අධිකරණය හමුවේ පැවති නඩු 28කට අදාළ විත්තිකරුවෙකුට ජනපති පොදු සමාව දී ඇති බව හැඟවෙන කූට ලේඛන සකසා එම කූට ලේඛන අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර අදාළ විත්තිකරු නීතිවිරෝධීව බන්ධනාගාරයෙන් නිදහස් කර මුදාහැරීමේ සිද්ධියට අදාළව, එවකට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාව සිටි මොහාන් කරුණාරත්නට අනුරාධපුර මහාධිකරණයේදී වෙන් වෙන් වශයෙන් අධිචෝදනා 5ක් කියවා භාර දුන්නේ ය.

ඒ උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක ඉදිරිපිටදී ය.

පළමු විත්තිකරුට එරෙහි අධිචෝදනා මොනවා ද?

මෙම සිද්ධියට අදාළව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ලඝු නොවන මූලික නඩු විභාගයක් නොපවත්වා සිද්ධියෙන් වසරක් ඇතුළත විශේෂ නඩු කටයුත්තක් සේ සලකා නීතිපතිවරයා විසින් අනුරාධපුර හිටපු බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව අධිචෝදනා ගොනුකොට ඍජුව ම අනුරාධපුර මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබිණි.

ඒ අනුව, මෙම සිද්ධියට අදාළව එවකට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාව සිටි මොහාන් කරුණාරත්නට නීතිපතිවරයා විසින් වෙන් වෙන් වශයෙන් කියවා භාර දෙනු ලැබූ අධිචෝදනා 5 මෙසේ ය.

වර්ෂ 2025ක් වූ මැයි මස 01 වන දින සහ වර්ෂ 2025ක් වූ මැයි මස 14 වන දින දක්වා වූ කාල සීමාව තුළදී පළමු වන චූදිත වන යුෂ්මතා බන්ධනාගාර අධිකාරිව කටයුතු කළ අනුරාධපුර බන්ධනාගාරයේ රජයේ සේවකයෙකුව තමා හැසිරිය යුතු පිළිවෙත පිළිබඳව නීතියෙන් නියම කරනු ලැබූ යම් නියමයක් 2025-04-22 දිනැතිව කේ. 06/01/විශේෂ රාජ්‍ය සමා/ඉල්ලීම/05-12/2025 දරන නිර්ණායක යටතේ වෙසක් පොහොය නිමිති කොට ලබා දෙන පොදු සමාව ලබා ගැනීමට ඩී/52796 සිර අංකය යටතේ රඳවා සිටි දෙවන චූදිත සිරකරු ඩබ්.එම්. අතුල තිලකරත්න සුදුසුකම් නොලබා ඇති අවස්ථාවකදී එකී දෙවන චූදිත නීත්‍යනුකූල දඬුවමින් බේරා ගැනීමේ හෝ දෙවන චූදිත යටත්විය යුතු දඬුවමින් අඩු දඬුවමකට යටත් කිරීමේ අදහසින් හෝ එසේ විය හැකි බව දනිමින් ම එකී නිර්ණායක පිළි නොපැදීමේ වරද සිදු කිරීම සඳහා හෝ එම වරද සිදුකිරීමට අනුබල දීමේදී හෝ අනුබල දීම සඳහා හෝ ක්‍රියා කිරීමට පොදු අරමුණක් සහිතව කලින් සම්මතයක් හෝ පිළියෙල වීමක් ඇතිව හෝ නැතිව යුෂ්මතුන් එක්ව එකී වරද සිදු කිරීමට හෝ අනුබල දීමට හෝ ක්‍රියා කිරීමට එකඟ වීමෙන් එකී වරද සිදුකිරීමට හෝ ඊට අනුබල දීමට කුමන්ත්‍රණය කිරීමේ වරද සිදු කළ බවත්, එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් වශයෙන් එකී වරද සිදු කරන ලද බවත්, එබැවින් යුෂ්මතුන් දණ්ඩ නීති සංග්‍රහයේ 113(ආ) වගන්තිය සහ 102 වන වගන්තිය සමග කියවිය යුතු 214 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බව ය.

ඉහත පළමු චෝදනාවේ සඳහන් වේලාවේදී ස්ථානයේදී හා එකී ක්‍රියාකලාපයේදී ම පළමු වන චූදිත වන යුෂ්මතා රජයේ සේවකයෙකුව තමා හැසිරිය යුතු පිළිවෙත පිළිබඳ නීතියෙන් නියම කරනු ලැබූ යම් නියමයක් 2025-04-22 දිනැතිව කේ/06/01/විශේෂ රාජ්‍ය සමා/ඉල්ලීම/05-12/2025 දරන නිර්ණායක යටතේ වෙසක් පොහොය නිමිති කොට ලබා දෙන පොදු සමාව ලබා ගැනීමට ඩි/52796 සිර අංකය යටතේ රඳවා සිටි දෙවන චූදිතහට සුදුසුකම් නොලබා ඇති අවස්ථාවකදී එකී දෙවන චූදිත නීත්‍යනුකූල දඬුවමින් බේරා ගැනීමේ හෝ දෙවන චූදිත යටත්විය යුතු දඬුවමින් අඩු දඬුවමකට යටත් කිරීමේ අදහසින් හෝ එසේ විය හැකි බව දනිමින් ම එකී නිර්ණායක පිළිනොපැදීමේ වරද සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 214 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බව ය.

ඉහත පළමු චෝදනාවේ සඳහන් වේලාවේදී ස්ථානයේදී හා එකී ක්‍රියාකලාපයේදී ම පළමු වන චූදිත වන යුෂ්මතා නීතියෙන් නියම කරනු ලැබූ යම් නියමයක් 2025-04-22 දිනැතිව කේ/06/01/විශේෂ රාජ්‍ය සමා/ඉල්ලීම/05-12/2025 දරණ නිර්ණායක යටතේ වෙසක් පොහොය නිමිති කොට ලබාදෙන පොදු සමාව ලබා ගැනීමට ඩි/52796 සිර අංකය යටතේ රඳවා සිටි දෙවන චූදිතහට අනුරාධපුර මහාධිකරණයේ එච්.සී. 69/2018 දරන නඩුවේ 2025-05-02 දිනැති නියෝගය අනුව සුදුසුකම නොලබා ඇති අවස්ථවකදී එකී නීතියේ විධිවිධාන ඕනෑකමින්ම නොපිළිපැදීමෙන් හෝ කඩ කිරීමෙන් 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 18 වන වගන්තිය සමග කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බව ය.

වර්ෂ 2025ක් වූ ජූනි මස 04 වන දින ඉහත පළමු වන චෝදනාවේ සඳහන් ස්ථානයේදී සහ එකී ක්‍රියාකලාපයේදී ම 01 වන චූදිත වන යුෂ්මතා යම් අවශ්‍ය කරුණක අසත්‍ය බව දන්නා නිවේදනයක් සත්‍ය නිවේදනයක් ලෙස දුෂිතව පාවිච්චි කිරීමෙන් එනම්, නීතියෙන් නියම කරනු ලැබූ යම් නියමයක් 2025-04-22 දිනැතිව කේ/06/01/විශේෂ රාජ්‍ය සමා/ඉල්ලීම/05-12/2025 දරන නිර්ණායක යටතේ වෙසක් පොහොය නිමිති කොට ලබාදෙන පොදු සමාව ලබා ගැනීමට ඩී/52796 සිර අංකය යටතේ රඳවා සිටි දෙවන චූදිතහට සුදුසුකම් නොලබා ඇති අවස්ථාවකදී එකී දෙවන චූදිත වෙසක් පොහොය දිනය නිමිති කොට ලබා දෙන පොදු සමාව ලබාගත් බවට වාර්තාවක් අනුරාධපුර මහාධිකරණ 01හි රෙජිස්‍ට්‍රාර්වරයා වෙතට යොමු කිරීමෙන් දණ්ඩ නීතී සංග්‍රහයේ 107 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බව ය.

වර්ෂ 2025ක් වූ ජූනි මස 04 වන දින ඉහත පළමු වන චෝදනාවේ සඳහන් ස්ථානයේදී සහ එකී ක්‍රියාකලාපයේදී ම 01 වන චූදිත වන යුෂ්මතා 02 චූදිතහට යම් අයිතිවාසිකමක් හෝ අයිතියක් තහවුරු කිරිමට නීතියෙන් නියම කරනු ලැබූ යම් නියමයක් 2025-04-22 දිනැතිව කේ/06/01/විශේෂ රාජ්‍ය සමා/ඉල්ලීම/05-12/2025 දරන නිර්ණායක යටතේ වෙසක් පොහොය නිමිති කොට ලබා දෙන පොදු සමාව ලබා ගැනීමට ඩී/52796 සිර අංකය යටතේ රඳවා සිටි දෙවන චූදිතහට සුදුසුකම් නොලබා ඇති අවස්ථාවකදී එකී 02 චූදිත වෙසක් පොහොය දිනය නිමිති කොට ලබාදෙන පොදු සමාව ලබාගත් බවට වාර්තාවක් වංචා කිරීමේ අදහසින් හෝ වංචාවක් සිදු වන ලෙස අසත්‍ය ලේඛනයක් හෝ ලේඛනයක කොටසක් සැදීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 452 වගන්තිය සමග කියවිය යුතු 454 වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බව ය.

අධිචෝදනා කියවා භාරදීමෙන් අනතුරුව එල්ල කර ඇති අධිචෝදනා 5ට ම තමන් නිවැරදිකරු බව විත්තිකාර හිටපු බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න ස්වකීය නීතීඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ ය.

අනතුරුව විත්තිකාර හිටපු අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා රුපියල් 25,000ක් වටිනා මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 2ක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එක් ඇපකරුවෙකු ළඟ ම ඥාතියෙකු විය යුතු බවට ද නියෝග කෙරිණ. එළැඹෙන අගෝස්තු මස 06 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරය එදිනට පළමු වරට විභාගයට ගැනීමට තීන්දු කළේ ය.

'නීතිවිරෝධීව නිදහස ලැබූ' දෙවන විත්තිකරු

මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කොට සිටින ජනපති පොදු සමාව යටතේ නීති විරෝධීව බන්ධනාගාරයෙන් නිදහස්ව ගිය බව කියන ඩබ්.එම්. අතුල තිලකරත්න නමැත්තාට මෙම වරද සිදුකිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට ආධාර අනුබල ලබාදීම යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කොට මෙදින කියවා භාර දෙනු ලැබී ය.

එල්ල කර ඇති චෝදනාවන්ට තමන් ද නිවැරදිකරු බව දෙවන විත්තිකාර ඩබ්.එම්. අතුල තිලකරත්න දැනුම් දීමෙන් අනතුරුව ඔහු ද මුදල් සහ ශරීර ඇප මත මුදහැරීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය. වෙනත් මූල්‍ය වංචා සිද්ධියකට අදාළ දැනට පස් වසරක බරපතළ වැඩ සහිතව දඬුවම් විඳිමින් සිටින දෙවන විත්තිකාර ඩබ්.එම්. අතුල තිලකරත්න මෙදින අධිචෝදනා භාරදීම සඳහා අනුරාධපුර බන්ධනාගාරය මගින් මහාධිකරණයට ඉදිරිපත් කෙරිණ.

විත්තිකාර අනුරාධපුර හිටපු බන්ධනාගාර අධිකාරිවරයා, ජනපති පොදු සමාව යටතේ නීතී විරෝධීව බන්ධනාගාරයෙන් නිදහස් කොට මුදා හැර ඇත්තේ, ඒ වන විට අනුරාධපුර මහාධිකරණයේ නඩු 6කට සහ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු 22කට අදාළ විත්තිකරුවෙකු වන ඩබ්.එම්. අතුල තිලකරත්න නමැත්තා ය. පළමු විත්තිකාර බන්ධනාගාර අධිකාරිවරයා සැකසූ කූට ලේඛන මත 2025 වසරේ වෙසක් පොහොය දින ජනපති පොදු සමාව යටතේ බන්ධනාගාරයෙන් නිදහස් වී පිටව ගිය ඩබ්.එම්. අතුල තිලකරත්න නමැති දෙවන විත්තිකරු දැනට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින්නේ අනුරාධපුර පුර්වගාමී මහාධිකරණ විනිසුරු සහ මාතලේ පළාත්බද වත්මන් මහාධිකරණ විනිසුරු ආචාර්ය නලින්ද හේවාවසම් ලබාදුන් පස්වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවමකට අදාළව ය. ඒ, තලවතුගොඩ හෝකන්දර පදිංචි වෛද්‍ය ගාමිණී විමලානන්දට අයත් රුපියල් ලක්ෂ 35ක මුදලක් වංචා කර සාවද්‍යව පරිහරිණය කිරීමේ චෝදනාව මත ය.

2025 වසරේ ජනපති පොදු සමාව යටතේ නීතී විරෝධිව බන්ධනාගාරයෙන් නිදහස්ව ගොස් ඇති බව කියන ඩබ්.එම්. අතුල තිලකරත්න මෙරට ප්‍රමුඛ පෙලේ පෞද්ගලික බැංකුවක කළමණාකරු ලෙස සේවය කරමින් රුපියල් කෝටි 50කට අධික මුදලක් වංචා කර ඇති බවට ඔහුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ සහ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙන් වෙන් වශයෙන් නඩු 28ක් පවතින අතර, මෙම නඩුවල පැමිණිලිකරුවන් අතර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්, උසස් පොලිස් නිලධාරීන්, රජයේ පරිපාලන නිලධාරින්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ විවිධ ප්‍රභූ පුද්ගලයින් රැසක් සිටිති. තමා කළමණාකාරිත්වය දරණ මූල්‍ය ආයතනයෙන් වැඩි පොළීයක් ලබා දෙන බව පවසා විත්තිකාර අතුල තිලකරත්න මෙම මූල්‍ය වංචාවන් සිදුකොට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම වංචාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය කර ගැනිණ.

කූට ලේඛන සකසා ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවෙකු නිදහස් කළ බවට බන්ධනාගාර අධිකාරිවරයෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙරට මහාධිකරණයක නඩු පවරන ලද ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

- බීබීසී සිංහල

සම්බන්ධිත පුවත් | Related News

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට එදා විපක්ෂයේ සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ නම්, අද ඉදිරිපත් කර ඇති 22 වැනි සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන්නේ ඇයි දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.
මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට යාමට උත්සහ කළ කාන්තාවන් ඇතුළු 13දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ආණ්ඩුව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සමාජ මාධ්‍යවල පෙනී සිටින කණ්ඩායම් නතර කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැලවත්ත හි පිහිටි ජාතික ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වී තිබේ.
ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන ආර්ථික අභියෝග පිළිබඳව අදහස් දක්වමින් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසා සිටින්නේ 2028 වසර වන විට මෙරටට ඩොලර් බිලියන 3ක ණය වාරික ගෙවීමට සිදුවන බවයි.
හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.

ප්‍රධාන පුවත්

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.